Monday, May 30, 2011

බ්ලොගී ඇන්ඩ් ද රොමෑන්ටික් ඩ්‍රීම්....!


Image Credit: http://www.vampire-diaries.net
බ්ලොගීගෙ ඩයරිය,
හැමදාම අතට අරන් ලියන්න හිතලා ආයේ පැත්තකට විසිකරලා දාලා නිදාගන්නවා. හැබැවටම පහු ගිය අවුරුද්ද දෙක ඇතුලත මම ඉගෙන ගත්තා බොහොම වැදගත් කරුණු තුනක්.

  • නිදිමත
  • නින්ද
  • නිදාගැනීම

මේ නිදිමත ජීවිතේ වෙනස් කරන්න බ්ලොගී හොයා ගත්තා අළුත් යාළුවෙක්. කාලෙන් කාලෙට බ්ලොගීට හැදෙන එක එක උණ විකාර වල ප්‍රථිපලයක් තමා මේ. මේ යාළුවගේ නම ජින්ජර්! එයා හරිම හුරතල් පූසි පැටෙක්. නිකන්ම නිකන් පූසියක් නෙමේ. පර්සියන් පූසියක්! ඤාව් කියන්නෙත් පර්සියන් ක්‍රෙම්ට. අර බයිස්කෝප් ගෝලය සහෝගෙ පියාණන්ගෙ මළගෙදරට සහභාගි වෙන්න ඇවිත් බ්ලොගීගෙ ගෙදර ආපු බ්ලොගර්ස්ලා දෙන්නෙක්ව බියෙන් ත්‍රාසයෙන් තැති ගන්වන්න මගේ මේ පර්සියන් පූස් පැටික්කිට පුළුවන් උනා.. හැක් හැක්! ඒ දෙන්න කවුද කියලා නම් මං කියන්නෑ...

අනේ ඉතින් ටයිට්ල් එකට ගැලපෙන්නෑනේ මේ පූස් කතා.. ඔයාලා හිතනවා ඇති. ඔව් ඒක හැබෑව. ජින්ජර් ගැන ලියනවා නම් තව පෝස්ට් දෙක තුනක්ම ලියන්න පුළුවන්. ඒත් අද ඩයරියේ ලියන්න හිතුවේ මං දැකපු ඉතා රොමෑන්ටික් ප්ලාස්ටික් ඉලාස්ටික් හීනයක් ගැන. බ්ලොගී මේ දවස්වල මනාපෙන් ඉන්නවා ඉතා කඩවසම් හාදයන් දෙන්නෙකුට [දෙන්නෙකුට??????] ඔන්න ඉතින් ඇස් දෙක උඩ තියන් කම්පනා කරන්න ඕනෑ නෑ. මේ දෙන්නා අයියා මල්ලිලා [චිකේ.. වල් කෙල්ල්ල්ලල]
මේ දෙන්නම ආදරේ කරන්නේ එක ගෑණු ළමයෙකුට.. [ඉහි ඉහි කරුමෙට ඒ බ්ලොගී නෙමෙයි]

මේ තමා බ්ලොගි පහු ගිය කාලේ නොකා නොබී නරඹපු The Vampire Diaries නොහොත් පිසාච දිනපොත නාටකේ. අනේ ඒකෙ ඉන්න හාදයෝ දෙන්නම මාරම රස්නෙයි. හික්! හික්! [බ්ලොගී හරි මනාපයි නොවැ ඔය වැම්පයර් හාදයන්ට] අනේ මේ අපේ බ්ලොගි ලියන වැම්පයර් මල්ලි එහෙම තරහා ගන්න එපා හොඳේ.. ඉතින් දැන් එඩ්වඩ් කලන්ව අමතක කරන්න කාලෙ හරි.

ඉතින් මේ දෙන්නා හැමවෙලේම බ්ලොගීගෙ හිතේ හොල්මන් කරනවා. කන්න ගියත් බොන්න ගියත් නාන්න ගියත් ටීවි බැලුවත් දෙන්නා දෙපැත්තෙ. ඉතින් මෙහෙම තදින්ම උණ හැදිලා ඉන්න දවසක බ්ලොගි රෑ නින්දට ගියා කියමුකො.  ඔන්න ඉතින් හැරි හැරි ඉදලා ටිකකින් නිදි දෙව් දුව අඬගහනවා බ්ලොගීට. ඒ මර හොල්මනත් රෑ 12 පහු උනාට පස්සේ තමා බ්ලොගීට අඬගහන්නෙ..  ඉතින් බ්ලොගීත් බෑ නොකියා නිදි දෙව්දුව සොයා ගියා.

දැන් යක්කු ගස් නැඟලා බහින වෙලාවට ඇති. විදුලි කොටනවා හරිම සැරේට.. මහ වැස්ස තදින්ම.. සීතල ඇටමිදුලු ගල් කරවන තරමට.. එක පාරම උණුසුම් හුස්මක් මගේ මූණට වැටුනා. හැරිලා බැලුවාහම අම්මෙ Damon Salvatore බ්ලොගීගෙ ඇස් ඉස්සරහ. මෙච්චර කල් ලැපීගෙ ස්ක්‍රීන් එක හරහා දැකපු බ්ලොගීව පිස්සු වට්ටපු   Damon Salvatore දැන් බ්ලොගී ඉස්සරහම හිටගෙන.. ඉතින් මේ හාදයා ඒ අත් දෙක බ්ලොගීගෙ මූණ තද කරලා අල්ල ගත්තා. ඒ අත්ලෙ පහස හරියට පුළුන් වගේ සුමුදුයි... මගේ අම්මෝ මොකද්ද මේ වෙන්න යන්නේ.. ටිකෙන් ටික ඒ මූණ බ්ලොගීගෙ මූණට ලංවෙනවා.. ඩිග් ඩිග් ඩිග්.. හදවත ගැහෙන සද්දෙ කන අද්දරම ඇහෙනවා..  මේ වැම්පයර් හාදයගේ මූණ කොයි තරම් ලංවෙලාද කියනවා නං බ්ලොගීට හචිමකුත් යන්නයි යන්නේ.. ඒත් මේ අවස්ථාව කරුමක්කාර හචිමක් නිසා නාස්ති කරගන්න පුළුවන්ද? බ්ලොගී වෙර දාල හචිම යටපත් කරගත්තා..

Image Credit: http://goo.gl/EgjUs

ඔව් ඒ අවස්ථාව උදා උනා.. ලෝකෙ ඉන්න සරාගීම පුද්ගලයා බ්ලොගීට හාද්දක් දෙනවා.. මේක වෙන්න පුළුවන් දෙයක්ද?

ඒත් ....... මහා හයියෙන් අකුණක් ගැහුවා.. බ්ලොගී ඒ උණුසුම් දෙතොල් වලින් මෑත් වෙලා ඇස් ඇරලා බැලුවා. ඩේමන් මොනා හරි කියන්න හදනවා.

ඔව් කියන්න ඩේමන් කියන්න.. බ්ලොගීට ආදරෙයි කියලා කියන්න ඩේමන්!! එතකොටම ඩේමන් ඒ ලස්සන දෙතොල් මෑත් කරලා මෙහෙම කිව්වා..

"ඤාව්ව්ව්ව්"

මොකක්!

යෑ........................ක්!! ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉවුවුවුවුවුව!! ඊඊඊඊඊඊඊඊඊඊඊයායායායායා!!

චිප්!! දුප්!!

දුවපිය ජින්ජර්!!

[අවවාදයයි - රාත්‍රියේ නින්දට යෑමට පෙර අනාවාර්යෙන් දත් මදින්න]

45 comments:

  1. ඉතින් ඉතින් ෆා.. ඊට පස්සෙ ජින්ජර් මලාද?

    ReplyDelete
  2. ඉතිං ඔයා, අපේ කුෂාගේ නෑනට ගහලා එලවගත්ත ද........ :D

    ReplyDelete
  3. ඇයි මාළු කට්ටක් දත් අස්සේ හිරවෙලා තිබුනද?...:D :D :D

    ReplyDelete
  4. මුලටික බලද්දි කිය උනේ
    "අහෝ කුසාන්!!!"
    කියලා මොකො ඊලඟට කොහෙන් හරි ඌවත් ගෙනත් ඕනේ කියලා අරූව කන්න හදන ඉඩ තියෙන නිසා :-D

    ReplyDelete
  5. අවුරුදු හතරක් අපි යහලුවෙලා ගත වෙන්නෙ
    Damon Salvatore ගැනමයි කියවන්නෙ
    පඩි ටික එකතු කරලා රන් මාලය මම දැම්මෙ
    Damon Salvatore ට වගෙ මට කවදද සලකන්නෙ....
    Damon Salvatore ට වගෙ මට කවදද සලකන්නෙ....

    අන්තිමට ඔය අකුනක් ගැන දාලා කෙල්ල බයික් අයියාවත් අපිවත් නොමග ඇරලා තියන්නෙ...අක්කෙ අපි දන්නවා, ඔයාලට දැන් අලුතෙන් ටෙකා(Technology) හදන්න වෙනවා.. අපෙ කොල්ලන්ව නොමග යවන්න. පරණ හින්දි ටෙකාලා ඔවා.

    ReplyDelete
  6. නෑනා පොඩ්ඩ සිප වැලඳගෙන වගෙයි :DDDD

    ReplyDelete
  7. ඊක් ඔක්කොම ලියලා අන්තිමට රෑට දත් මදින්නලු.., සික්.., අම්මෆා ඔහොමත් කියනවද ඈ..??

    ReplyDelete
  8. ඉතින් ඊට පස්සේ?
    ප.ලි : තවම ජින්ජර් නමැති පුසා යහතින් සිටීද?
    ප. පා. ලි " මේ කතාවයි දත් මැදිල්ලෙයි සම්බන්දෙ තවම හොයනවා O.o

    ReplyDelete
  9. හෙහ් හෙහ් ... මමත් සිරාවට මුල ටික කියවනකොට හිතුවේ "අනේ පව් වන්නියා" කියලා. දැන් ඉතින් ඩීමන් එකෙක්ව හරි ස්ටෙෆාන් එකෙක්ව හරි ඕන කිවුවොත් හෙනැථ් දීපල්ලකෝ කුසා!!!

    ReplyDelete
  10. ජින්ජර්ගේ දත් ටිකත් මැද්දනම් හරි රැට.. එතකොට ඔය රොමැන්ටික් දෙවල් උනාට අවුලක් නැනේ.. :D

    @ඩාර්ක්.. ඇයි බං ෆාගේ කටෙන් එන සුවදට වෙන්ටැති බලන්න ඇත්තේ මැරිච්ච සතෙක්වත් ඉන්නවද කියලා :P
    අනේ පවු දෙයියනේ අසරණ පුසී :D

    ReplyDelete
  11. පාලී: ඔය කොලුවාට නම් මං එච්චර කැමති නැ.. එත් අර නංගි ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා..
    (ශැහ් ඔහොම female හීන අපිට පෙන්නැනේ)

    ReplyDelete
  12. ජින්ජර්ට රෑට කන්න දෙන්න... ඔය කරදර ඔක්කොම ඉවරයි...

    ReplyDelete
  13. ජින්ජර් මළාද කියලා තමයි අහන්න වෙන්නේ.. :D

    ReplyDelete
  14. කුෂා...උඹත් ඉක්මනට වෙන කාව හරි හීනෙන් දකින්න පටන් ගනින් කොළුවෝ..

    ReplyDelete
  15. එතකොට ඔය ජින්ජර්ගෙ ලොං ඔක්කොම හැලුනද පහුවදාට එලිවෙන්න ????

    ReplyDelete
  16. මෙයා හිතන්නේ අපි දත් නොමැද නිදනවා කියලා එයා මෙයා වගේ....

    ඇත්තටම අර පුස් පැට්ටා හොද සෞඛ්‍යයෙන්ද?

    ReplyDelete
  17. @bunny : සුවද කෙසේ වෙතත් ජින්ජර් තවම ඉන්නවද දන්නේ නෑ -_-

    ReplyDelete
  18. කෝ සංකු අයියා යහතින් ඉන්නවද.. අන්තිම පේලි 5 කියවන්න කලින් කලන්තේ දැම්මා කියලයි මට නම් හිතෙන්නේ..... ෆා අක්කා පත්තර පිටුවක් අරන් පවන් ගහනවලු.. තාම සිහිය නැල්ලු... හික් හික්....

    ReplyDelete
  19. කතාව ඉවරද?ජින්ජර්ගේ සෞඛ්‍ය තත්වය වහා දන්නවන්න.....

    ReplyDelete
  20. මේ කොහෙද යන පිසාචයෙක් "ලෝකෙ ඉන්න සරාගීම පුද්ගලයා" ඔහොම කියන එක හරිද මං අහන්නේ?

    ReplyDelete
  21. ජින්ජර් තාමත් ජිවතුන් අතරද?
    මොකුත් අසනීපයක් එහෙම නැද්ද?

    ReplyDelete
  22. වන්නියා.............. කෝ මේකා............? වන්නියා වනගත වෙන්න කාලේ හොඳා වගේ කොළුවෝ

    ReplyDelete
  23. මටත් අර අහිංසකි අහපු එකම තමයි ආහන්න තියෙන්නේ ! ජින්ජර් තාම යහතින්ද ? පුදුමයි ඌට ජාල භීතිකාව හැදුන්නති එක.
    BTW The Vampire Diaries හි 2nd Season එක ඉවරවුනා .
    ඔක්තෝම්බර් වල තුන් වැනි කොටස පටන්ගන්නකල් ඔය ඔල්මොරොන්දන් ගතිය නැතිවෙයි

    ReplyDelete
  24. අනේ පවු බොලං... මට මේ කතාව දිගටම පෙනුනේ කොණ්ඩේ දිග අසරණයෙක්ගේ මූනත් තහඩුව......! අඬන්නෙපා බං..... ලෝකය හරිම හරි කුරිරුයි තමයි......!

    වන්නියෝ, උඹත් හොයාගනින් බං පූසියෙක්....ඉඹ ඉඹ ඉන්න.....! පර්සියන් නැති උනාට කමක් නෑ... ඔය ඕන තරම් වල් පූසියෝ ඉන්නෙ.....!

    ReplyDelete
  25. ඉඟුරු ඉන්නවදැ

    ReplyDelete
  26. ජින්ජර් සනීපෙන්දැ යහතින්දැ මැරුණදැ අහපු හැමෝටම දෙන්න තියෙන්නේ එක උත්තරයයි..
    ඔය සාංකුවා යස අගේට ඉන්නේ පණ පිටින්! :P :P


    කුසාන් ගැන දුක් උන අයට නම් කියන්න තියෙන්නේ මේ තියෙන තත්වෙ උඩ මගෙන් බේරෙන්න සාංකුවා ඩේමන්ව කීයක් දීලා හරි ගෙනැත් දෙන්නත් බැරි නැ.. :D :D

    ReplyDelete
  27. ආව් ආව් බ්ලොගී. ජින්ජ්ර්ටත් උම්ම එකක් දුන්න නේ හීනෙ පිට දාල :p

    ReplyDelete
  28. අඩේ අපිත් රස්නෙ බුවාලා හරිය..

    ReplyDelete
  29. ඔය කිව්වට වෙනදටත් ජින්ජර් ඔය සීන් එකම කරනවා ඇති....:D

    ReplyDelete
  30. මෙච්චර ලංකාවෙ කොල්ලො ඉද්දි මොකට මේ ඩේමන්ට මැරෙන්න හදනවද මන්දා....

    ReplyDelete
  31. අනේ ඩේමන්.... මෙච්චර ලෝකෙ කෙල්ලො ඉඳිද්දි මොකට මැරෙන්න යනවද මන්දා මල්ලිගෙ ගෑණිට. ඉවසන්න පුලුවන් දුකක්ද අප්පා මේක.

    ReplyDelete
  32. මමත් හුස්ම ගන්නත් අමතක කරල බලපු Tv Series එකක්... මේ දවස් වල හරිම පාලුයි ඒක ඉවර උන නිසා...
    එඩ්වඩ් කලන් දැන් කැලේ.... Damon ව දැක්කහමනම් පිස්සු හැදෙනව තමයි.... :D

    ReplyDelete
  33. අක්කගේ බ්ලොග් එකට ආව මුල්ම වතාව...හික්ස්....ඔය සිද්දියෙන් පස්සෙද අක්කා රෑට දත් මදින්න ගත්තේ....

    ReplyDelete
  34. මමත් මෙහේ ආපු මුල්ම වතාව ..එලටම ලියන කෙනක් වගේ !

    .. පවු අප්පා ජින්ජර් ! අහිංසක සතා ! ඇත්තටම ඔය පූසා රට පූසෙක්ද ?

    ReplyDelete
  35. හික්ස් මාරයි ඈ... :D

    ReplyDelete
  36. ඕයි . . මාව මැරෙනවා තව ඩිංගෙන් හිනා වෙලා . . . හෆොයි . . . .හෆොයි . . ඔෆීසියේ එහා මේසේ ඉන්න නගා බලනවා මට මෝනිනී බැල්ම දාලාද කියවා වගේ බැල්මක් . . . හෆොයි . .

    ReplyDelete
  37. එළ...එළ වෙලාව අරන් ‍පස්සේ කොමෙන්ටුවක් නගෝ ඔ‍‍‍හොම යං ඔ‍‍‍හොම යං..........
    මම තමා ඔයාගේ අඑත්ම ‍පන්නන්නා හො‍‍‍දද

    ReplyDelete
  38. කවුද යකෝ ඔහේ ඇවිත් අර ඉඟුරුවට බය උනේ..

    මමත් දවසක් රෑ කෙල්ලෙක්ව ඉඹලා කොට්ටේ කොනක තිබිච්ච කොල පාට ඩයි එකත් ගිහින්!

    ReplyDelete
  39. අයියො... ෆා.......මෙ අව්ruද්දට (අපොයි හරියන්නෙ නෑ) තාමත් දෙකයිනෙ, ඉක්මනට තව මොනව හරි ලියන්න...

    ReplyDelete
  40. මාස ගානක් පෝස්ට් එකක් දායි කියලා බලලා බලලා අල්ලලා දැම්මා. මාස ගානකින් ආයිත් මේ පැත්තේ ගොඩ වැදුනා.

    නා නා ප්‍රකාර වනචර කතා තියෙනවා මේ බ්ලොග් ලෝකේ හැබැයි මේ ඇනිමල් සෙක්ස් ගැන දැක්ක ෆස්ට් පෝස්ට් එක.

    චික් වල් කෙල්ල.

    ReplyDelete
  41. අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !

    ReplyDelete
  42. බ්ලොග් නොලියන්න පටන් අරගෙන අවුරුද්දයි. සමරන්න සටහනක් ලිව්වොත් කෙල වෙනවා නේ. නොලියා ඉන්න එකට.

    ReplyDelete
  43. අඩේ.. මම මේ පැත්තට ආවේ අද නේ!!

    ReplyDelete
  44. අනේ.. ඇයි මේ බ්ලොග් එක ලියවෙන්නෙ නැත්තෙ.මම පරණ පෝස්ට් ඔක්කොම කියෙව්ව.
    u have an amazing skill.. ඇයි අක්කා ලියන්නැත්තෙ..?

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails