
ඊයේ(ඔපිසියේ නිවාඩු) සුපුරුදු විදියටම පාන්දර 9.30 ඇහැරගත්ත බ්ලොගී පුංචි හදලා තිබුනු කොළ කැඳ මුට්ටියෙන් ජුන්ඩක් විතර කැඳ කෝප්පේ පිරෙන්න දාගෙන බිව්වා. ඊට පස්සේ සතියක් තිස්සේ බෝම මාන්සියෙන් හදා ගත්ත රෙදි කන්ද අරං ටැංකිය ගාවට ගිහින් රෙදි ටිකත් සෝදා ගෙන නා ගත්තා. හප්පා පළාතම සුවඳයි මං නෑවහම. ආසාවේ බෑ. "ඔන්න ලබන සතියෙත් මං තමයි ඉස්සෙල්ලාම නාන්නේ..?" නංගිත් එක්ක කොක්කක් දාගත්තේ නැත්නම් මට නිකං කහනවා කහනවා වගේ.
දවල්ටත් කෑවට පස්සේ අර ගෙදර ඉන්ඩ බැරි ලෙඩේ හින්දා මං කිට මරලා ටවුම පැත්තට යන්න බස් නැග්ගා.
ඉරිදට අපේ බොසුත් නිවාඩු හන්දා එදාට ඔපිසිය අපේ රාජ්ජෙ වගේ. ඉතිං නොගිහින් කෝමද? " ආ නැංගි!, මොකද මේ අවේලාවේ බදුලු යන්නේ?" ඒ අපේ කොන්දා අයියා. ඕන්නැති මගුලක් නෑ එයාටත්. "නෝටියා! ඔයාටත් ඕන්නැති මගුලක් නෑ". කියලා මට කියන්නත් හිතුනා ඉතිං. ඒත් හදිස්සියකදී බස් එකේ බෙල් එක ගහ ගන්නේ එයාට කියලානේ. මනුස්සයා තරහ කර ගන්න බැරි හන්දාම මං කට කොනකින් හිනාවක් දැම්මා.
ඔපිසියට ගිහින් බැලින්නං එක එකා වැටිච්චි වැටිච්චි තැන්වල. හනේ ඉතිං.
උඩ තට්ටුවට ගිහින් විපරම් කරලා බලද්දි අපේ පැංචි ළමා ළපටි ටිකකට කඩු හරඹ කියා දෙනවා. "ස් ස්". මාත් බොහොම විනීතව පැංචිට ඇමතුවා. "හා......යා දැන්ද ආවේ?" පැංච්ත් ඊට හපන්. කිංකිණි පරාදයි.
ඉතින් හරි හදිස්සියේ බ්ලොගී පැංචිව ගිහින් හමු උනේ ගිය අවුරුද්දේ ඉදන් බ්ලොගීගේ හිතේ තිබුන අදහසක් ක්‍රියාත්මක කරගන්න උපදෙසක් ගන්න.හැබැයි ඒ ගැන කියන්න නම් දැන් වෙලා නැහැ. බඩේ පනුවෝ පිනුං ගහන හන්දා.
මතු සම්බන්ධා.........යි.