
Monday, March 30, 2009
බ්ලොගීගේ ආසාව

Wednesday, March 11, 2009
අපේ නගා සහ බියුටි කචල්
අපේ අම්මාගේ උපදෙස් පරිදි නංගී දැනට මාස දෙකක විතර ඉදලා රූපලාවන්‍ය පන්තියකට යනවා සතියේ දවස් වල උදේ හවා.එදිනෙදා අළුතින් ඉගෙන ගන්න හැමදේම ගෙදර ඇවිත් ප්‍රායෝගිකව කරලා බලන එක නංගීගේ පුරුද්දක්. මුල්ම දවස් වල තිබුනේ කොණ්ඩා මෝස්තර දැමීම. කෝබ්‍රා , ඉන්දියන් බන්, රෝප්,ෆිෂ් ටේල් , ෆ්රෙන්ච් ප්ලේට් හෙවත් නයා, ඉන්දියාවේ බනිස්, ලණු, මාළු නැට්ට, ප්‍රංශ දීසි ඇතුළු තවත් නම නොදත් අනේක විධි කොණ්ඩා මෝස්තර රැසක අත් හදා බැලීම් වලට මගේ ඔළුව බිලි දෙන්න මට සිද්ද උනා. ගිය සතියේ පාඩම උනේ ත්‍රෙඩින් හෙවත් නූල් කෑල්ලක ආධාරයෙන් අත්, කකුල් , ඇස් බැමි වල රෝම ඉගිල්ලීම. ඉතිං එදා රෑත් නංගි සුපුරැදු විදිහටම එයාගේ අඩුම කුඩුම ආම්පන්න ටිකත් එක්ක T.V බලන් හිටපු මට ළං වෙලා වාඩි උනා. මේ වෙද්දි නංගී එන්නේ මොකාටද කියලා මම දැනං හිටියේ නැහැ. හැබැයි එයා වෙනදා වගේ එයාගේ පනා කොණ්ඩ කටු සෙට් එක නම් ගෙනාවේ නැති බව නම් මට මීටර් උනා. ඒත් දෙවියනේ කව්ද හිතුවේ නංගි මට මේ වගේ ජඩ වැඩක් කරයි කියලා.
ඔන්න හොදම හරිය. නංගි බොහොම ආදරෙන් මගේ අත අරගෙන එයාගේ උකුල උඩින් තියා ගත්තේ මට කොමල හිනාවක් පාන ගමන්. මම හිතුවේ නම් අද පාඩම මසාජ් වෙන්න ඇතිය කියලා. කව්ද අකමැති මහන්සි වෙලා ගිය ගමන් අත පය ටිකක් මසාජ් කරගන්න. හැබැයි එවෙලේ මම දැනං හිටිය නම් නංගිගේ එදා පාඩම මොකද්ද කියලා මම කීයටවත් මගේ අත නම් දෙන්නේ නැහැ. නංගි නූල් කෑල්ලක් වගේ දෙයකුත් අතේ පටලවගන්නවනම් ඇස් කොනෙං වගේ මම දැක්කා.එක පාරම නංගි අර නූල් කෑල්ල මගේ අත දිගේ අඔරවගෙන ගියා. හපොයි දෙවියනේ ඒ වගේ දෙයක් නම් මගේ හතුරෙකුට වත් හීනෙකින් වත් සිද්ද වෙන්න එපා. අර නූල් කෑල්ල ගෑවිලා ගිය තැන ගිනි ගන්නවා වගෙත්, කන් දෙකෙන් දුම් පිටවෙනවා වගෙත්, ඔළුව වටේ තරු කැරකෙනවාත් මට දැනුනා. එවෙලෙ නම් මට හිතුනේ මම මේ විඳින්නේ අපායේ දැඩි දඬුවම් වලින් එකක්ය කියලා. අතේ තිබුන T.V Remote එකෙන් නංගි ගුටි නොකා බේරුනේ ඇස් වල කඳුළු පිරිලා ටික වෙලාවක් යන කල් මට වටපිටාව නොපෙනුන නිසා. හොර පූසි වගේ මේකා හදලා තියෙන්නේ මගේ අතේ පෙනෙන නොපෙනෙන ගානට තියෙන මයිල් ගස් ටික ගලවලා දාන්න. තව ඩිංගෙං මාත් ඔය විද්‍යාඥයන්ගේ අත්හදා බැලීම් වලට අහු වෙන චිම්පන්සියෙක් ගානට වැටෙනවා.
ඇයි වදේ අර යස අගේට මුළු ඇඟ පුරාම ලොම් තියෙන පූසෙකුයි බලු තඩියො දෙන්නෙකුයි ගෙදර ඉද්දි මාවම අල්ලගත්තනේ ඔය වැඩේට. ඒ උනත් ඔය දුකම විඳගෙන මුළු ඇඟම ත්‍රෙඩින් කරගෙන ලස්සන වෙන්න හදන අයත් ඉන්නවනේ. ඉදලා හිටලා ඇහි බැමක් එහෙම ෂේප් කර ගත්තට නම් කමක් නැහැ. හැබැයි ඉතිං ඔය කෙරුවාවෙන් ලස්සන වෙනවා නම් මට ලස්සන වෙන්න ඕනම නැහැ.
නංගී නාහෙන් අඬ අඬා එයාගේ අඩුම කුඩුම ටික ඔතාගෙන අපේ පුංචිව හොයා ගෙන යනවා මම දැක්කා. මම හරි කමක් නෑ, පුංචිගෙන් නම් හැඳි මිටෙන් පාරක් ෂුවර්. යසයි මට කරපු දේට. හිහ්.....!
Thursday, February 5, 2009
Home Alone
31 වෙනිදා -අදත් Home Alone තමා. උයන්න කම්මැලි හන්දා උළුදු වඩේ ගත්තා.Bus stand එක ගාව රොෂාන් අයියගේ වඩේ කරත්තෙන් තමයි අපි වඩේ ගන්නේ.ඒ උළුදු වඩේ උනාට අපි කියන්නේ ආතල් වඩේ කියලා.මොකද සාම්ප්‍රදායී උළුදු වඩේ වෙනුවට මේ වඩේ එක දෙකට පලලා මැදට ළූණුයි, සම්බලයකුයි දානවා. මාරම රසයි. ගෙදර ගිහින් වඩේ එකට තේ එකක් හදා ගත්තම රෑ කෑම ෂේප්. බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා.
01 වෙනිදා -අද මගේ day off එක. එදාටත් ගෙදර ඉන්න බැරි පොඩි ලෙඩක් තියෙන නිසා උදේම office යන්න පිටත් උනා.යන පාරේ තියෙන st.Marks church එකට අයිති building එකේ කවදාවත් ඉවර වෙන්නැති පොත් ප්‍රදර්ශනයක් තියෙනවා.ඒ නිසා ඒකට පොත් කඩේ කිව්වත් වැරදි නෑ.ගොඩ කාලෙකින් පොතක් කියෙව්වෙ නැති එන්දා මම පොත් කඩේට ගොඩ උනා. මල් පොත් ගොඩක් අතරින් හොඳ පොතන් හොයනවා කියන්නේ පිදුරැ ගොඩකින් ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්. දැක්ක ගමන් හිත ගියා ආරාමේ සීනු හඬට. අරන් ආවා.
02 වෙනිදා -හැමදාම කඩෙන් කාලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කර ගන්න බැරි හන්දා අද උදේම නැඟිටලා ඉව්වා. හනේ...! මේ පුංචිලා කවදා එයිද දන්නෑ.
03 වෙනිදා -DICS එකේ පිරිමි ළමයි ටික අපේ staff එකේ කට්ටියත් එක්ක හෙට Horton Plains යන්න සෙට් වෙලා. අපේ staff එකේ ගෑණු පරාණ හිඟ තාවය නිසා මට යන්න වෙන්නේ නෑ. මට නම් ඉරිසියාවේ බෑ.අනේ අපොයි මොකට කෙල්ලෙක් වෙලා ඉපදුනාද කියලා හිතෙනවා.Hero Honda Scooter ad එකේදි ප්‍රියංකා චෝප්රා අක්කා කියපු දේ මතක් වෙනවා මේ වෙලාවට. Why should boys have all the fun?????.
04 වෙනිදා -නිවාඩු දවස උපරිමයෙන් සමරන්න ඕන නිසා උපරිමයෙන් නිදා ගත්තා. නැගිටිද්දි පාන්දර 9.30යි.
ෂික් විතරක්! ගෑණු ළමයි හැදෙන ලස්සන. මම මටම බැන ගත්තා.ගොඩ ගැහිලා තියෙන ඇඳුම් ටික දැක්කම අයෙත් නිදා ගන්න හිතෙනවා.අවුරුද්දකට විනර පස්සේ මගේ ඔලුවට තෙල් ටිකක් වැටුනේ අද. කාලයත් එක්ක රේස් දුවද්දි අපිට අපිවත් අමතක වෙන එකත් පුදුමයක් නෙමෙයි.