Monday, May 30, 2011

බ්ලොගී ඇන්ඩ් ද රොමෑන්ටික් ඩ්‍රීම්....!


Image Credit: http://www.vampire-diaries.net
බ්ලොගීගෙ ඩයරිය,
හැමදාම අතට අරන් ලියන්න හිතලා ආයේ පැත්තකට විසිකරලා දාලා නිදාගන්නවා. හැබැවටම පහු ගිය අවුරුද්ද දෙක ඇතුලත මම ඉගෙන ගත්තා බොහොම වැදගත් කරුණු තුනක්.

  • නිදිමත
  • නින්ද
  • නිදාගැනීම

මේ නිදිමත ජීවිතේ වෙනස් කරන්න බ්ලොගී හොයා ගත්තා අළුත් යාළුවෙක්. කාලෙන් කාලෙට බ්ලොගීට හැදෙන එක එක උණ විකාර වල ප්‍රථිපලයක් තමා මේ. මේ යාළුවගේ නම ජින්ජර්! එයා හරිම හුරතල් පූසි පැටෙක්. නිකන්ම නිකන් පූසියක් නෙමේ. පර්සියන් පූසියක්! ඤාව් කියන්නෙත් පර්සියන් ක්‍රෙම්ට. අර බයිස්කෝප් ගෝලය සහෝගෙ පියාණන්ගෙ මළගෙදරට සහභාගි වෙන්න ඇවිත් බ්ලොගීගෙ ගෙදර ආපු බ්ලොගර්ස්ලා දෙන්නෙක්ව බියෙන් ත්‍රාසයෙන් තැති ගන්වන්න මගේ මේ පර්සියන් පූස් පැටික්කිට පුළුවන් උනා.. හැක් හැක්! ඒ දෙන්න කවුද කියලා නම් මං කියන්නෑ...

අනේ ඉතින් ටයිට්ල් එකට ගැලපෙන්නෑනේ මේ පූස් කතා.. ඔයාලා හිතනවා ඇති. ඔව් ඒක හැබෑව. ජින්ජර් ගැන ලියනවා නම් තව පෝස්ට් දෙක තුනක්ම ලියන්න පුළුවන්. ඒත් අද ඩයරියේ ලියන්න හිතුවේ මං දැකපු ඉතා රොමෑන්ටික් ප්ලාස්ටික් ඉලාස්ටික් හීනයක් ගැන. බ්ලොගී මේ දවස්වල මනාපෙන් ඉන්නවා ඉතා කඩවසම් හාදයන් දෙන්නෙකුට [දෙන්නෙකුට??????] ඔන්න ඉතින් ඇස් දෙක උඩ තියන් කම්පනා කරන්න ඕනෑ නෑ. මේ දෙන්නා අයියා මල්ලිලා [චිකේ.. වල් කෙල්ල්ල්ලල]
මේ දෙන්නම ආදරේ කරන්නේ එක ගෑණු ළමයෙකුට.. [ඉහි ඉහි කරුමෙට ඒ බ්ලොගී නෙමෙයි]

මේ තමා බ්ලොගි පහු ගිය කාලේ නොකා නොබී නරඹපු The Vampire Diaries නොහොත් පිසාච දිනපොත නාටකේ. අනේ ඒකෙ ඉන්න හාදයෝ දෙන්නම මාරම රස්නෙයි. හික්! හික්! [බ්ලොගී හරි මනාපයි නොවැ ඔය වැම්පයර් හාදයන්ට] අනේ මේ අපේ බ්ලොගි ලියන වැම්පයර් මල්ලි එහෙම තරහා ගන්න එපා හොඳේ.. ඉතින් දැන් එඩ්වඩ් කලන්ව අමතක කරන්න කාලෙ හරි.

ඉතින් මේ දෙන්නා හැමවෙලේම බ්ලොගීගෙ හිතේ හොල්මන් කරනවා. කන්න ගියත් බොන්න ගියත් නාන්න ගියත් ටීවි බැලුවත් දෙන්නා දෙපැත්තෙ. ඉතින් මෙහෙම තදින්ම උණ හැදිලා ඉන්න දවසක බ්ලොගි රෑ නින්දට ගියා කියමුකො.  ඔන්න ඉතින් හැරි හැරි ඉදලා ටිකකින් නිදි දෙව් දුව අඬගහනවා බ්ලොගීට. ඒ මර හොල්මනත් රෑ 12 පහු උනාට පස්සේ තමා බ්ලොගීට අඬගහන්නෙ..  ඉතින් බ්ලොගීත් බෑ නොකියා නිදි දෙව්දුව සොයා ගියා.

දැන් යක්කු ගස් නැඟලා බහින වෙලාවට ඇති. විදුලි කොටනවා හරිම සැරේට.. මහ වැස්ස තදින්ම.. සීතල ඇටමිදුලු ගල් කරවන තරමට.. එක පාරම උණුසුම් හුස්මක් මගේ මූණට වැටුනා. හැරිලා බැලුවාහම අම්මෙ Damon Salvatore බ්ලොගීගෙ ඇස් ඉස්සරහ. මෙච්චර කල් ලැපීගෙ ස්ක්‍රීන් එක හරහා දැකපු බ්ලොගීව පිස්සු වට්ටපු   Damon Salvatore දැන් බ්ලොගී ඉස්සරහම හිටගෙන.. ඉතින් මේ හාදයා ඒ අත් දෙක බ්ලොගීගෙ මූණ තද කරලා අල්ල ගත්තා. ඒ අත්ලෙ පහස හරියට පුළුන් වගේ සුමුදුයි... මගේ අම්මෝ මොකද්ද මේ වෙන්න යන්නේ.. ටිකෙන් ටික ඒ මූණ බ්ලොගීගෙ මූණට ලංවෙනවා.. ඩිග් ඩිග් ඩිග්.. හදවත ගැහෙන සද්දෙ කන අද්දරම ඇහෙනවා..  මේ වැම්පයර් හාදයගේ මූණ කොයි තරම් ලංවෙලාද කියනවා නං බ්ලොගීට හචිමකුත් යන්නයි යන්නේ.. ඒත් මේ අවස්ථාව කරුමක්කාර හචිමක් නිසා නාස්ති කරගන්න පුළුවන්ද? බ්ලොගී වෙර දාල හචිම යටපත් කරගත්තා..

Image Credit: http://goo.gl/EgjUs

ඔව් ඒ අවස්ථාව උදා උනා.. ලෝකෙ ඉන්න සරාගීම පුද්ගලයා බ්ලොගීට හාද්දක් දෙනවා.. මේක වෙන්න පුළුවන් දෙයක්ද?

ඒත් ....... මහා හයියෙන් අකුණක් ගැහුවා.. බ්ලොගී ඒ උණුසුම් දෙතොල් වලින් මෑත් වෙලා ඇස් ඇරලා බැලුවා. ඩේමන් මොනා හරි කියන්න හදනවා.

ඔව් කියන්න ඩේමන් කියන්න.. බ්ලොගීට ආදරෙයි කියලා කියන්න ඩේමන්!! එතකොටම ඩේමන් ඒ ලස්සන දෙතොල් මෑත් කරලා මෙහෙම කිව්වා..

"ඤාව්ව්ව්ව්"

මොකක්!

යෑ........................ක්!! ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉවුවුවුවුවුව!! ඊඊඊඊඊඊඊඊඊඊඊයායායායායා!!

චිප්!! දුප්!!

දුවපිය ජින්ජර්!!

[අවවාදයයි - රාත්‍රියේ නින්දට යෑමට පෙර අනාවාර්යෙන් දත් මදින්න]

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails