වෙනදටත් යුනිෆෝම් එක මාරු නොකර කෑම කාමරේට ගියත් අද නම් එහෙම ගියේ බඩගින්නකට නෙමෙයි.. ගැන්සියටම ඉවසිල්ලක් නෑ අයිස්ක්‍රීම් මට්ටම චෙක් කරලා බලන කල්.
බත් කන්න කලින් අයිස්ක්‍රීම එක ගන්නත් බැ නොවැ.. කාට හරි සැක හිතුනොත් කියලා හිතලා කස්ටියම තීරණය කලා ඔය හිටිය වගේම බත් එක කනකලුත් ඉමුයි කියලා. කෑම කාමරේට ගිය බ්ලොගී කෑම පිඟන් ටික වහල තිබ්බ පත්තර කොලේ ඉස්සුවා..
මේ මොකද්ද මේ……
පොල් සම්බෝලයි බතුයි.. යකඩෝ උදෙත් ඔය ටිකමයි. ළමයි හැමොගෙම මූණු නිකන් වංගෙඩියේ කොටපු ගොරක මද වගේ වෙලා.. ඉස්කෝලේ ගියාම ආයේ කට්ටියම එන්නේ ඉතින් කුස්සියේ අක්කවත් එක කටකට ගිලින්න පුළුවන් සයිස් එකේ.( ඕඈ……ක්!!) වෙනද නොවෙන සීන් එකක් නිසා ගැන්සියේ අට දෙනාම කුස්සියේ අරෙහෙ මෙහෙ කැරකි කැරකි හිටියා ළමයි ඔක්කොම කෑම පිඟන් අරන් කෑම කාමරේට යනකල්.. අන්තිම ළමයත් ගිය විගහින්ම කුස්සියේ තඩි දොර වහපු ගැන්සිය සිං ගාලා ෆ්‍රිජ් එක ගාවට ඇදුනා. අයිස්ක්‍රීම් එක අතට ගත්ත බ්ලොගී හිමීට පියන අයින් කරා.. හෆ්‍ෆා අදත් දීලානේ ෂොට් එක.. සළකුණට අඟල් තුන් කාලක් විතර පහළට හැන්දක් ගමන් කරලා තියෙන වගේ අපට නෙමේ ඕන කුක්කු බබෙක්ට තේරෙනවා. දැන් දැන ගන්න ඕන බැරල් අම්මණ්ඩිලාගේ තත්වේ.
“ චටස්! පටස්” අපි ඔක්කොමලා පහ වැඩි කිරීම අට = 40ක් දාගත්තා…
ඊළඟට සැට් එකම අක්කලාගේ කාමරේ දොරට තට්ටු කරා.. මේ වෙලාව සාමාන්‍යයෙන් අක්කලා ලී මෝල ආරම්භ කරන වෙලාව.. ඒත් අද සද්දයක් බද්දයක් නෑ… ආනේ. අපේ එකෙක් කෑ ගැහුවා “ අද එක්කෙනෙක් ගෙදර යන දවස නේ”
“අප්පට බොල ඔව්නේ…!” අද මහ අම්මණ්ඩිගේ ඩේ ඕෆ් එක ෂී…කේ”.. සැට් එකටම මාර අප්සට් දැන්.. ඒත් කෝ අනිකා පේන්න නෑනේ.. අපේ අනිත් බැරල් අම්මණ්ඩි හිටියේ මේ ළඟපාතමයි. එයානම් පවුල් පන්සල් වෙලා එක් පුතණ්ඩියෙකුට අම්ම කෙනෙක් වෙලා හිටියේ.. අනිකා නැතත් මෙයා ඉන්නම එපැයි. හොස්ටල් එක පුරාම හොයලා බැලුවත් ඒ අම්මණ්ඩිව හොයා ගන්න බැරි උනා.. බැරිම තැන අපි මොකද කරේ හොස්ටල් එකේම ඉන්නවා වැඩිය කතා බතා නැති අහින්සක වගේ ඉඳගෙන දිය යටින් ගිනි බෝල ගෙනියන බැරල් අම්මණ්ඩිලාගේ ගොට්ටක්.. බ්ලොගී ඇන්ඩ් ගැන්සියේ හොර වැඩ සියල්ල අක්කලට මාට්ටු කරලා දෙන්නේ මේ ඩයල් එක .. ඉතින් බ්ලොගී ඇන්ඩ් ගැන්සිය මෙයාව තැනේ තියලයි තිබ්බේ. ඒත් එදා කරන්නම දෙයක් නැති පාර බ්ලොගියා අර ළමයට කතා කරා.
බ්ලොගී - ඒයි! කෝ කුස්සියේ අක්කලා….
ගොට්ට - ආ අක්කි! මං කියන්න හිටියේ පණිවිඩයක්! අපේ ඥාණා අක්කා නම් ගෙදර ගියා.. ලතා අක්කට හදිසියේම ගෙදර යන්න උනා. එයාගේ මහත්තයටයි පුතාටයි හොඳටම අසනීප වෙලා අද දවල්. ඉස්පිරිතාලේ නවත්තන්නත් වෙයිලු. අද එන්නේ වෙන්නෑ කියලා අක්කලාට රෑට කෑම මොනව හරි හදාගන්න කිව්වා…
බ්ලොගී – යකෝ … හරි වැඩක් නේ. අපි ඇයි උයන්නේ. අරයගේ මහත්තයටයි පුතාටයි මක් වෙලාද..
ගොට්ට – දන්නෑ. හරියට කිව්වේ නෑ.. ලතා අක්කා පන්තියට ඇවිත් මට කියලා ගියේ හදිසියේ.. මහත්තයයි පුතයි ආවලු උදේ මෙහේ.. ඒ ඇවිත් ඉඳලා දවල් වෙද්දි දෙන්නටම අසනීප උනාලු.. බඩේ අමාරුවක්ද කොහෙද කියලා තමයි කිව්වේ… ඉස්පිරිතාලේ ගෙනිච්චාම නවත්තන්න කිව්වලු……
හෆ්‍ෆට සිරි.. තේරුනාද සීන් එක.. බැරල් අම්මණ්ඩිලට විද්ද ඊතලේ වැදිලා තියෙන්නේ මහත්තයටයි පුතාටයි.. අනේ අසරණයෝ දෙන්න. අම්මණ්ඩි කැත නැතුව මහත්තයටයි පුතාටයි අපේ අයිස්ක්‍රීම් එකෙන් අරං තමා කවලා තියෙන්නේ…ඒත් හොඳම සීන් එක ඒක නෙමේ.. අර රෑට උයන්න වෙන්නේ හොස්ටල් එකේ අක්කලා සෙට් එක නොහොත් බ්ලොගී ඇන්ඩ් ගැන්සිය.. ඉහි ඉහි.. ළමයි හතලියකට උයන්න. මරන්න ගෙනි යන සත්තු රුළ වගේ බ්ලොගී ඇන්ඩ් ගැන්සිය කුස්සියට ඇදුනා.. දැන් උයපන්කෝ රෑට.. හැමෝගෙම හිත ඩිගි ගානවා..එක් එකාගේ හිත්වල එක එක සිතුවිලි හොල්මන් කරනවා..
දැන් ඉස්පිත්තාලේ ඩොක්ටර් ලෙඩ්ඩුන්ව චෙක් කරයි..
ලෙඩේට හේතුව හොයා ගනී..
කාපු කෑම අහයි..
අයිස්ක්‍රීම් කියයි…
අයිස්ක්‍රීම් වලට බඩයන්නේ කොහොමද..
අයිස්ක්‍රීම් එක ඉස්පිත්තාලෙට ගෙනියලා චෙක් කරයි ..
ඒකට දාපු බෙහෙත් අහුවෙයි. ..
කවුද දැම්මේ ….
අනේ අපොයි අපි ඉවරායි… !!!
කට්ටිම සද්ද නැතුව උයනවා.. එකෙක් හොට බිම ඇනගෙන හාල් ගරනවා.. තව එකෙක් කට ඇද කරගෙන ලූණු කපනවා. කාගෙත් සද්දයක් නෑ.. මේ වැඩේ හරියන්නැති නිසා බ්ලොගී ඉස්සෙල්ලාම නිහඬතාවය බින්දා.. දැන් මොකද කරන්නේ..? ඔන්න අර කුමන්ත්‍රණේ දාපු දවසේ වගේම එක එකා එක එක අදහස් දානවා.. කුස්සියේ හිටියේ අපි ටික විතරයි.. දැන් මේක ලීක් උනොත් මල විනාශක් වෙන්නේ.. ඔක්කොමලාට ගෙදර යන්නයි වෙන්නේ කවුරු හරි මේක දැනගත්තොත්.. ඒ නිසා අපි ඇග්රිමන්ට් එකකට ආවා.. කවදා හරි අපි A\L ලියලා මේ හොස්ටල් එකෙන් යනකල් මේක රහසක්.. කාටවත් කියනවා තබා අපි අපි වත් ආයේ මේ ගැන කතා කරන්න බෑ.. මේක කවුරු හරි කාට හරි කිව්වොත් ඒකිට අළුහම් හැදියං ( බ්ලොගී ඇන්ඩ් ගැන්සිය ඒ කාලේ බයම ඔය ලෙඩේට. ඒ නිසා මොන ෆිට් එක තිබ්බත් අපි අපි අතර ඇඳුම් තුවා වගේ දේවල් හුවමාරු කර ගත්තේම නෑ) හොරි හැදිලා කසලාම මැරියං. ඒ තව එකෙක්ගේ ශාපය.. අපි මේ රහස කාටවත් කියන්නේ නෑ නෑ මයි.. අපි ඔක්කොම අත් එකට තියලා දිවුරුවා….. අයිස්ක්‍රීම් එක ෆ්‍රීජ් එකෙන් ගත්ත බ්ලොගී බාල්දියක් අස්සේ ඒක හංගගෙන වැසිකිළියට ගිහින් ඔක්කොම අයිස්ක්‍රීම් ටික වැසිකිලි වලට දාලා ෆ්ලෂ් කරා.. අයිස්ක්‍රීම් භාජනේ ඇඳ යට කොනකට තල්ලු කරා….
කට්ටිම උයලා ඉවර වෙද්දි හොඳටම හෙම්බත් වෙලා.. පා..න් කියා ගන්නත් බැරුව ගිහින් ඇඳට වැටුනා….
ප.ලි – මේ සිද්දිය ගැන අදටත් බ්ලොගී කටේ කෙළ බිංදුවක් හැලුවේ නෑ.. කට තදින් වහගෙනමයි ටයිප් කරේ..ඕං කියවන කවුරුහරි මේ සිද්දියට අදාලයි නම් හෝ අදාළ අයව දන්නව නම් මං වගේම ඉඳපල්ලා… ඒ නැතුව කවුරු හරි මේ සිද්දිය ප්‍රචාරය කරන්න එහෙම ලෑස්ති උනොත් cashew nut වෙනුවට විරේක පෙති දාන ලද කෝන් අයිස්ක්‍රීම් එකක තැපෑලෙන් හම්බවෙයි…
මරු රහස් රැකිල්ල........ඔයිට හොඳයි නෙව ගස් බෙනේකට කීවානම්......අර කවුද වාගෙ....
ReplyDeleteලස්සනට ලියල තියෙනවා..අකුරු ටික බිත්ති ටිකත් මරු...හරි ශෝක්
ReplyDeleteමගෙ අප්පේ කෙල්ලො ටිකකට එක කෑම වේලක් හදා ගන්න තියෙන අමාරුව.
ReplyDeleteකොහොම උනත් ලිපිය එලටම ලියලා තියෙනවා
කතා 3ම කියෙව්වා.නියමයි...හොස්ටල් කතා ලියන තව කෙනෙක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.දැන් තියෙන්නෙ අනිත් කතා ටිකත් ලියාගෙන ලියාගෙන යන්න...:) එළකිරි
ReplyDeleteඔය හොස්ටල් එක මොකද්ද කියලා ඉගියකුත් දෙන්න
@Shadow/හේමලයා
ReplyDeleteහිකිස්.. මං නං රහස රැක්කා.. මොකද මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 6ක් වෙලා (2004) බ්ලොගී ගැන්සියේ සාමාජිකාවෝ තබා එදා හිටපු පොඩිම එකාත් හොස්ටල් එකේ නැතුව ඇති..
@indi
තූතියි... බිත්ති කතාව තමා තේරුන්නැත්තේ.
@රොකියා | Udara
ඇයි වදේ 40කට උයනව කිව්වම ලේසිද ඈ.. ? :)
@blog gadol
හෆොයි තව කතන්දර නම් එමට තියෙනවා.. ඉඟියක් නේද?
හ්ම්... මේ හොස්ටල් එක තියෙන්නේ බදුල්ලට පස්සේ තියෙන නඟරයක ප්‍රධාන සහ ප්‍රසිද්ධ පාසලකයි තියෙන්නේ.. ප්‍රසිද්ධයි කිව්වේ ඒ පැත්තේ හොඳේ..
"ඒකිට අළුහම් හැදියං ( බ්ලොගී ඇන්ඩ් ගැන්සිය ඒ කාලේ බයම ඔය ලෙඩේට. ඒ නිසා මොන ෆිට් එක තිබ්බත් අපි අපි අතර ඇඳුම් තුවා වගේ දේවල් හුවමාරු කර ගත්තේම නෑ) හොරි හැදිලා කසලාම මැරියං. ඒ තව එකෙක්ගේ ශාපය.."
ReplyDeleteසිනා සාගරයයි..මේ වගෙ සිනා කන ශාප ඇහුවමයි, මිස්.
දන්න කියන එවුන්ට නම් ඔය ගැන්සියේ සාමාජිකාවන්ව පෙලවහට ගන්ඩ දෙන්නේ නැහැ...
ReplyDeleteකන්ඩ නැතුව බඩගින්නේ මැරෙන්ඩනේ වෙන්නේ....
ඇත්තට ඔය කස්ටියට බැරිද සෙට් වෙලා පොඩි බත් කඩයක් එහෙම දා ගන්ඩ.. දියුණුවෙන්ඩ තියෙන හොඳ මාර්ගයක් නෙවැ..
පොල් සම්බෝලයි බතුයි කන්න තියෙනව නම්! ම්ම්ම්ම්ම්ම්ම්ම්....
ReplyDeleteමෙහේ නම් ඕක තරු පහේ කෑමක්!
මොනව උනත් කතාවනම් හොඳයී...
ඇති යාන්තන් අද රෑට නින්ද යයි . . . ! ඒ උනාට මේ කතාවෙ කෑල්ලක් අඩුයිනෙ . . . අර බ්ලොගී අන්ඩ් ද ක්ලෑන් උයපු කෑම රෑට කාපු කෂ්ටියත් ඉස්පිරිතාලෙ ගෙනිච්ච එක ?
ReplyDeleteමෙච්චර මහන්සිවෙලා plan කරලා කරපු වැඩේ හබක් වුන එකනම් පට්ටම අවුල්.
ReplyDeleteගුරුතුමා : ඔන්න ඔනන් බ්ලොගියා අක්කා සීන් කෝන් එකට ඒනටර් වුනා....හා ලමායි ඔන්න කියන්ට බලන්න බ්ලොගියගේ මේ කතාවෙන් අපිට මොකක්ද ගන්න පුළුවන් ආදර්ශය....
ReplyDeleteළමායි : අයිස් ක්‍රීම් කද්දි පරිස්සමින් කන්න ඕනි කියන එකයි.....
ගුරුතුමා : ටෝකින් වෙඩින්ස්....නෑ නෑ මැට්ටනේ....බ්ලොගියා අක්කා අපිට කියා දෙන්නේ උතුම් අවවාදායක්...මේක අහන්නේ නැතිව නොවැ පේ උන් අමාරුවේ වැටෙන්නේ....
ළමායි : ඒ මොක්කද් ඒ සොර්.....?
ගුරුතුමා : ඒ තමා කෙල්ලෝ කීයටවත් විශ්වාස කොරන්ට ඒපා කියන බොල.....
ළමායි : හා නියමයි...නියමෙට තේරුණා.....අනේ සාදු....!!!
(කතාව නම් පට්ටම පට්ට....හොරි නොසෑදේව..... :P )
හප්පා ඇති යාන්තන් කතා තුන කියෙව්වා !
ReplyDeleteබැලින්නම් බ්ලොගි & ගැන්සිය මරු වැඩනේ කරන්නේ :P
පවු අප්පා අර අහිංසකයන් දෙන්නා
එළකිරි.... අන්න කෙල්ලො.... නියම රහස් රැකිල්ල... අනිත් එක ඔය පැත්තෙ අයිස් ක්‍රීම් තිබ්බද ඒ කාලෙ... හිකිස්....
ReplyDeleteදිට්ඨ ධම්ම වේදනීය කරුමේ..... හිකිස්
ReplyDeleteමේ නංගී මීට පස්සෙ කතා කුට්ටි කරල මාට්ටු වෙන්න එපා හරිද. මෙහෙම හිටියට අපි හරි වසයි හොඳේ. ඉතින් බය වෙන්නකෝ
ඇත්තෙන්ම අක්කේ ලිපියනම් එල...
ReplyDeleteඋඩින්ම තියන පින්තූරේ ඉන්නේ ඔයාද :D
අම්මපා මං නං හිතුවේ බොලාගේ එකෙක්ටම කැවිලා ඇතියි කියලා... ;)
ReplyDeleteඅනේ පවු අර අසරණයෝ දෙන්නා...
ReplyDelete@soosthigune
ReplyDeleteහිහ්! ඒ කාලේ අපි හොල්මන් වලටත් වැඩිය බය ඔය චර්ම රෝග වලට. ඒ නිසා ඒක තමා දෙන්න පුළුවන් හොඳම දඬුවම උනේ...
@Jeew
ආ... බ්ලොගී තාම තනිකඩයක් උනාට අනිත් උන් නම් මේ වෙද්දි ගානට පවුල් පන්සල් වෙලා ඇති.. පික්ෂූද අනේ බත් කඩයක් දාගත්ත ගමන් දියුණු වෙන්නේ යුගයේ ජනප්‍රිය නවකතාවල විතරයි.. මං දැම්මනම් කඩයක් ඒ ළඟපාත තියෙන ඉස්පිරිතාල ඩිස්පැන්සරි නම් දියුණු වෙයි.. හිහික්..!
@sameerausa
අපොයි ඔව්.. ඒ කාලේ ඔය තරු පහේ කෑම වේල උදේ හවා කාලා මට නම් තිත්ත වෙලා තිබුනේ..
@දුමී
ආ..මං මේ හිටියේ ස්ලීපින් ටැබ්ලට් දාපු අයිස්ක්‍රීම් එකක් එවන්න කියලා නින්ද නොයන එකට..
ෂට්! ෂට්! ඒ කොටස බලධාරියා විසින් කපා හරින ලදී.....
@කාංචන දිනූක
අවුල් නේන්නම්.. ඒත් ඉතින් කපපු වලේ අපිම වැටුන වගේ දෙයකුත් වෙච්චි එක තමා ඉවසන්නම බැරි උනේ....
@෴ හසියා ෴
හෆ්‍ෆා... බ්ලොගියගෙ ඩයරිය ඉස්කොල පාඩමටත් ගිහින්ද?
මේ මේ.. කෙල්ලන්ට මොකුත් කියලා අහුඋනොත් ජාපාල නට්ස් දාපු අයිස්ක්‍රීම් එකක් එවනවා හොඳේ.....
@Dar[K]™
හ්ම්... ඒ දෙන්න ගැන නම් දුකයි තමා.. බ්ලොගී ඇන්ඩ් ගැන්සියේ තව වැඩ තියෙනවා.. බලමුකෝ ඉස්සරහට..
@අභීත
ග්ර්ර්ර්ර්ර්.....! මේ..අපි හිටියේ වන්නියේ කියලා හිතුවද? :)
@තරිඳු
බුජු අම්මේ..හ් මං බයියයයය උනා!...... අයෙ නම් මේ වගේ හෑලි ලියන්නෑ.. මිනි ඇන්ඩ් කම්පැක්ට් ස්ටෝර්ස් තමා ලියන්නේ. එතකොට එහෙම කුරුං කුරුං ගානවා එහෙම නෙමේ ගොයියෝ කෙටි කතා ලියනවා කියලා..
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
ReplyDeleteහා හා ඒවා කොහෙද?.. අපි ෆුල් ඇලට් එකේ හිටියේ.. අපේම එකෙකුට නොකැවෙන්න..
@හසී
හ්ම් පව් තමා අප්පා....
@Lasindu Nadishan
ReplyDeleteහිටපු ගමන් මාත් ඔය වගේ තමා.. හිහි!
මලු බ්ලොගියා ...
ReplyDeleteඇති යන්තම්...
ReplyDeleteඉවරයි නේ..?
මං ඇහැව්වේ මෙගා එක...
ඕක ඉවරවෙනකල්නෙ හිටියෙ කමෙන්ට් කරන්න...ඒත් මං හිතුවේ තව අවුරුද්දක්වත් යයි කියල කමෙන්ට් එක දාන්න...
ඔය වගේ කටේ කෙළ බිඳක් බිම හලන්න එපා කියල කියන කතන්දර මං නම් කියන්නේ මගේ විශ්වාසවන්තම කීප දෙනෙකුට විතරයි... ඒ ගොල්ලො කියන්නත් එයාලට විශ්වාසවන්ත කීප දෙනෙකුට විතරයි !
maxxa කතාව...
ඔන්න උපන්දිනේට අයිස් ක්‍රීම් එහෙම දෙන්න හිතන්න එපා...ආසාව දිය වෙලා ගියා..
ReplyDeleteබදුල්ලට එහා තියෙන ප්‍රසිද්ධ ඉස්කෝලයක් ඒ පැත්තෙ... එතකොට මොකක්ද මේ..........
ReplyDeleteඅහ්. හරිනෙ... දඹාන සෙන්ට්‍රල්..... එලකිරි... ප්‍රින්සිපල් හූරා එහෙම හොදයිද? හිකිස්.......
/*
ReplyDeleteප.ලි – මේ සිද්දිය ගැන අදටත් බ්ලොගී කටේ කෙළ බිංදුවක් හැලුවේ නෑ.. කට තදින් වහගෙනමයි ටයිප් කරේ..
*/
නියම කෑල්ල මේක!!!
හපොයි ඉවර කොරල නේ.... අදත් ඇද්දනම් බ්ලොගී පිස්සු හරුපා අහනවා පිස්සගෙන් හි හි...
ReplyDeleteඔක්කොමත් එක්ක පොඩි දුකක් හිතුනා... අර මනුස්සය පෙරේත කමකට කෑවා නෙමෙයි නේද කියල....
බ්ලොගී ල උයපු කෑම කාල කවුරුත් රෝහල් ගත උනේ නැද්ද හි හි
අම්මෝ මමනම් ආයෙත් හොරෙන් අයිස් ක්‍රීම් කන්නේ නෑ
ReplyDeleteමේකනම් මාරයි මාරයි කියන්නේ මාරම මාරයි අප්පා..! සහෝදරී පුලුවන්නම් ලියපන් පත්තරේකට..! උඹ උඹේ වටිනාකම දන්නේ නැහැ..!
ReplyDelete[උඹ කීවේ fit එකට හොඳේ ;) තරහා අවසර ]
මල් හතයි කතාව නගේ.....
ReplyDelete@Unknown_User/හිඟන්නා
ReplyDeleteයූ මීන් බෑග් බ්ලොගියා..... හිහික්!
@sansarasidu
ඉවරයි ඉවරයි... දැන් බලන්න මමත් එහෙමනේ.. මට විශ්වාසවන්ත කට්ටියකට විතරයි කිව්වේ.. අනේ මේ මං කියපු එක කාටවත් කියන්න එපා හොඳේ..
@Naදී
හෆොයි එහෙමත් එකක් එනව නේද?... නෑ නෑ එදාට අයිස්ක්‍රීම් තබා බ්ලොගියවත් ඉඳීද දන්නෑ.. අපි එස්කේප්..
@අභීත
මේ අභීත හූරා... එන්න එහෙම නෑ මේ පැත්තේ.. කොටා දානවා
@කතන්දරකාරයා
හිහි...
@පිස්සා පලාමල්ල
හිචිස්! නූලෙන් බේරුනා එහෙනම්.. හ්ම් අපිටත් අප්සෙට් වැඩේට.. ඒත් ඉතින් වැඩේ වැරදියි නේ..
@නිර්මල...
හිහි.... කෑවත් කමක් නෑ හැබැයි අහුවෙන්ට එපා ඕං...
@LishWish
අන්න අන්න ඉතින්..ඔයත් මං ගැන දන්නෑ නොව ඒකනේ ඔය වරහන් ඇතුලේ එක්ස්ට්‍රා කෑල්ලක් දාලා තියෙන්නේ..හිහි.
පත්තරේට නේද? හ්ම්!!!!
@sithuwilimandiya
තැන්කිව් වෙරි වෙරි මච්!
නියම කතාව. තාම හොරි හැදුනේ නැහැ නේ???
ReplyDeleteකරල තියෙන වැඩේ නං එල බ්ලොගියො... මට නං දුක අර බැරල් අම්මන්ඩිලට පාඩමක් උගන්නන්න බැරි උන එකට...
ReplyDeleteපසු ලිපිය තව කතාවක් මතක් කළා. අපේ එකෙක් කෙල්ලෙක් එක්ක සෙට් උනා. අපි ඌට කිව්වා ඕක හරියන්නේ නෑ නවත්වපන් කියල. පහුවෙනිදා ඌ ඇවිත් කියනවා මචං මං ආයෙ ඒපැත්තේ පස් පාගන්නේ නෑ කියල. බැලුවම ඊට පස්සේ ඌ එහෙ ගිහින් තියෙන්නේ සපත්තු දාගෙන. පස් පාගල නෑනේ.
ReplyDeleteඕක තමා කියන්නෙ පතාගෙන ආපු එක ඔතාගෙන යන්න වෙනවා කියලා හික්ස් !!!
ReplyDelete(නෑ මං කිව්වෙ අර අයිස් ක්‍රීම් කාල අර දෙන්නාට වුන රැග් එකට, පව් යකඩො අර මිනිස්සුදෙන්නා කරුමෙට එදාම පාත් උනානෙ පෝරිසාද කෙල්ලො අටෝපු පෝරියල් එකට සෙට් වෙන්න හික්ස් !!!! )
කොහොමින් කොහොම හරි හොද දඩුවම.....ඔය සෙට් එකේ අනිත් අය කෝ,,,, බෑරිද සෙට් කරලා දෙන්න
ReplyDeleteබ්ලොගී කට වහගෙන ටයිප් කොරාට මගෙ නම් කට ඇරිලා තිබුනේ මේක කියවද්දි... කොච්චර ඇරිලද කියනවනම් අන්තිමට කට කන ගාවට ගිහිල්ලා ඕං...
ReplyDelete@කොඩී
ReplyDeleteහිහි තව නම් නෑ.. මට කලින් ගැන්සියේ කාට හරි ශාපෙ වැදුනද දන්නෑ :p
@මධු වීරකෝන්
ඒක ගැන නම් අපි ගැන්සියටම දුකයි.. :(
@priyantha.ඒබී
හිහි.. මං වගේ තමා එහෙනම්. කටේ කෙළ බින්දුවක් හැලුවේ නෑ.... :p
@නිපුනdk
අනුන්ට කැපූ වගේ තමන් වැටුනා වගෙත් කියන්න පුළුවන්... හිහි.. පොඩි එකා නම් පවු තමා.. :(
@NUWAN"s lane
හිහ්! දැන් ඒ කස්ටිය නම් කොහාට හරි සෙට් වෙලා ඇත්තේ මේ වෙද්දි.. :)
@පුතා..
කට මහමු එහෙනම් බ්ලැන්කට් මැස්මෙන්.. හිහී..යි!
අදයි අන්තිම කොටහා කියවන්න ලැබුණේ..
ReplyDeleteආයේ කතා කුට්ටි කරලා අහු වෙන්න එපා..
හික් හික්..
මරු කතාව.
පවු අර අකහිසක පොඩි එකා නෙද...? හෑම දාම වෙන්නෙත් ඔකම දන්නෙ නෑහෑ නෙද..?
ReplyDeleteඅඩේ... මේ බ්ලොග් එක මම දැක්කෙ අදනෙ :O මොනා උනත් මරු ලිපි ටිකක් තියනව.. ඔන්න බුක්මාක් කොරගත්ත.. ඉන්න ගමන් කියවන්න :P
ReplyDeleteකොටස් 3ම අදයි කියෙව්වේ, මරු කතාව... ලෙඩේට හේතුව හොයන්න අක්කලා ඉන්වෙස්ටිගේෂන් එකක් කලෙ නැද්ද?
ReplyDeleteහා හා හා හා... උදේ පාන්දර ලේ ටිකක් පිරිසිදු වුනා... පාන්දර කිවුවට තාම dawn එක... ආච්චි ගේ කතාවත් මේ එක්කමනේ කියෙව්වේ, ඒකයි... ඉතින් ඔය විරේක පෙති flavoured අයිස් ක්‍රීම් එක කාපු දෙන්නා තාම යහතින් ඇති නේද.
ReplyDeleteකට වහෙගෙන ටයිප් කළත් ලස්සන කථාව....
~ හිපියා
හපෝ බ්ලොගී ගේ අයිස් කිරිං වලට නම් අත තියන්නෑ.
ReplyDelete