Thursday, September 9, 2010

කියන්නට වචන නැත…

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ ..

හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මා‍ගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින් අම්මයි අයියයි කතා කරලා සුභ පැතුවා . ඉතිං යන්තම් උදේ 10 වෙද්දි මගේ හිත පිරිලා තිබුනේ.. දැන් ඔක්කොම හරි.. මගේ හිත කිව්වා..   ඊට පස්සේ ගූග්ල් Buzz එකට ගියාම එතන කිහිප දෙනෙකුට වැඩේ මාට්ටු වෙලා කියලා මට තේරුනා.. එයාලා කොහොමද දැන ගත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.. ඉතින් ඊයේ දවස ඔහොම ගෙවුනයි කියමුකෝ…

අද උදේ පණිවිඩයක් ආවා වහාම ඊමේල් චෙක් කරන්න කියලා …. බැලින්නම් මෙන්න බොලේ හොඳම උපන්දින තෑග්ග එතන..

ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ‍කාර්ඩ් එක ඊයෙම මට ඩිලිවර් වෙන්න තිබුනට වැඩේ වෙලා නෑ…  ඉතින් ඒක අද උදේ තමා මට ලැබුනේ.. ඒ නිසා මට ඊයේ ඔයාලාගේ කාඩ් එක දකින්න බැරි උනා.. අද උදේ තමයි දැක්කේ..

email

ඉතින් මේ සටහන හරිම හදිස්සියේ දාන්නේ මගේ Greeting Card එකේ සයින් කරලා තිබුන හා ඉහත සඳහන් එකේක ක්‍රම වලින් මට සුභ පතපු හැමෝටම කරන ස්තූතියක් විදියට.. ඇත්තටම මගේ මුළු හිතම පිරිලා ගියේ මේ කාර්ඩ් එක දැක්කට පස්සේ…… ඉතින්  යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් විනාඩියක් වෙන් කරලා මට සුබ පැතුමක් එක් කරපු ආදරණීය ඔයාලා ඔක්කෝටම  බොහොම  බොහොම ස්තූතියි..

 

කණිශ්ක , සූ අක්කා, කණියා, රචියා, ලිෂා , ප්‍රියන්ත අයියා, පැංචි, වාසල අයියා, මලි, deeps, මරණේ , තිස්ස අයියා, පහන් , ගෝලයා හෙවත් උමේෂ් , රොයිලි අයියා, Ansh Lucky, බුද්ධික අයියා, හර්ෂන , ගයාන් කණිෂ්ක , ආගන්තුකයා, පුතා, ශාකු මල්ලි, දුකා අයියා, බින්කු මල්ලි, නිශාචරයා, පැන්ඩා , ‍ධනික , බයිස්කෝප් ටීම් එක  එක්ක ඉන්දික සර්, උපුල් සර්, නරේෂ්, ශෂී, කසුන් අයියා, අපේ නගා, කිත්සිරි අයියා, විශ්නි, ශේන් මොර්ටර්ස් සහ හැම සැරේම මේ වගේ සප්‍රයිස් එකක් දෙන මගේ ආද‍රණීය ආදරේට ආයෙමත් ස්තූතියි..  නම නොකියවුන කවුරු හරි ඉන්නවනම් මට සමාවෙන්න..

Thank-You

පැංචි මට වෙලාවට වැඩ කරන පුරුද්ද ඇති කරගන්න ලස්සනම ලස්සන පුංචි අත් ඔරලෝසුවක් තෑගි දුන්නා. ඔයාටත් බොහොම ස්තූතියි පැංචි.. ළඟදීම සර්ප්‍රයිස් එකක් බලා‍පොරොත්තු වන්න…

හදිසියේම ටයිප් කරපු නිසා වැරදි ඇති… සමාවෙන්න ඕන කස්ටියම.

Saturday, September 4, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ත්‍රී!..

 

nerdy-girl[1]වෙනදටත් යුනිෆෝම් එක මාරු නොකර කෑම කාමරේට ගියත් අද නම් එහෙම ගියේ බඩගින්නකට නෙමෙයි.. ගැන්සියටම ඉවසිල්ලක් නෑ අයිස්ක්‍රීම් මට්ටම චෙක් කරලා බලන කල්.

බත් කන්න කලින් අයිස්ක්‍රීම එක ගන්නත් බැ නොවැ.. කාට හරි සැක හිතුනොත් කියලා හිතලා කස්ටියම තීරණය කලා ඔය හිටිය වගේම බත් එක කනකලුත් ඉමුයි කියලා. කෑම කාමරේට ගිය බ්ලොගී කෑම පිඟන් ටික වහල තිබ්බ පත්තර කොලේ ඉස්සුවා..


මේ මොකද්ද මේ……


පොල් සම්බෝලයි බතුයි.. යකඩෝ උදෙත් ඔය ටිකමයි. ළමයි හැමොගෙම මූණු නිකන් වංගෙඩියේ කොටපු ගොරක මද වගේ වෙලා.. ඉස්කෝලේ ගියාම ආයේ කට්ටියම එන්නේ ඉතින් කුස්සියේ අක්කවත් එක කටකට ගිලින්න පුළුවන් සයිස් එකේ.( ඕඈ……ක්!!) වෙනද නොවෙන සීන් එකක් නිසා ගැන්සියේ අට දෙනාම කුස්සියේ අරෙහෙ මෙහෙ කැරකි කැරකි හිටියා ළමයි ඔක්කොම කෑම පිඟන් අරන් කෑම කාමරේට යනකල්.. අන්තිම ළමයත් ගිය විගහින්ම කුස්සියේ තඩි දොර වහපු ගැන්සිය සිං ගාලා ෆ්‍රිජ් එක ගාවට ඇදුනා. අයිස්ක්‍රීම් එක අතට ගත්ත බ්ලොගී හිමීට පියන අයින් කරා.. හෆ්‍ෆා  අදත් දීලානේ ෂොට් එක.. සළකුණට අඟල් තුන් කාලක් විතර පහළට හැන්දක් ගමන් කරලා තියෙන වගේ අපට නෙමේ ඕන කුක්කු බබෙක්ට තේරෙනවා. දැන් දැන ගන්න ඕන බැරල් අම්මණ්ඩිලාගේ තත්වේ.

“ චටස්! පටස්” අපි ඔක්කොමලා පහ වැඩි කිරීම අට = 40ක් දාගත්තා…


ඊළඟට සැට් එකම අක්කලාගේ කාමරේ දොරට තට්ටු කරා.. මේ වෙලාව සාමාන්‍යයෙන් අක්කලා ලී මෝල ආරම්භ කරන වෙලාව.. ඒත් අද සද්දයක් බද්දයක් නෑ… ආනේ. අපේ එකෙක් කෑ ගැහුවා “ අද එක්කෙනෙක් ගෙදර යන දවස නේ”


“අප්පට බොල ඔව්නේ…!” අද මහ අම්මණ්ඩිගේ ඩේ ඕෆ් එක ෂී…කේ”.. සැට් එකටම මාර අප්සට් දැන්.. ඒත් කෝ අනිකා පේන්න නෑනේ.. අපේ අනිත් බැරල් අම්මණ්ඩි හිටියේ මේ ළඟපාතමයි. එයානම් පවුල් පන්සල් වෙලා එක් පුතණ්ඩියෙකුට අම්ම කෙනෙක් වෙලා හිටියේ.. අනිකා නැතත් මෙයා ඉන්නම එපැයි. හොස්ටල් එක පුරාම හොයලා බැලුවත් ඒ අම්මණ්ඩිව හොයා ගන්න බැරි උනා..  බැරිම තැන අපි මොකද කරේ හොස්ටල් එකේම ඉන්නවා වැඩිය කතා බතා නැති අහින්සක වගේ ඉඳගෙන දිය යටින් ගිනි බෝල ගෙනියන බැරල් අම්මණ්ඩිලාගේ ගොට්ටක්.. බ්ලොගී ඇන්ඩ් ගැන්සියේ හොර වැඩ සියල්ල අක්කලට මාට්ටු කරලා දෙන්නේ මේ ඩයල් එක .. ඉතින් බ්ලොගී ඇන්ඩ් ගැන්සිය මෙයාව තැනේ තියලයි තිබ්බේ. ඒත් එදා කරන්නම දෙයක් නැති පාර බ්ලොගියා අර ළමයට කතා කරා.


බ්ලොගී - ඒයි! කෝ කුස්සියේ අක්කලා….


ගොට්ට - ආ අක්කි!  මං කියන්න හිටියේ පණිවිඩයක්! අපේ ඥාණා අක්කා නම් ගෙදර ගියා.. ලතා අක්කට හදිසියේම ගෙදර යන්න උනා. එයාගේ මහත්තයටයි පුතාටයි හොඳටම අසනීප වෙලා අද දවල්. ඉස්පිරිතාලේ නවත්තන්නත් වෙයිලු. අද එන්නේ වෙන්නෑ කියලා අක්කලාට රෑට කෑම මොනව හරි හදාගන්න කිව්වා…


බ්ලොගී – යකෝ … හරි වැඩක් නේ. අපි ඇයි උයන්නේ. අරයගේ මහත්තයටයි පුතාටයි මක් වෙලාද..


ගොට්ට – දන්නෑ. හරියට කිව්වේ නෑ.. ලතා අක්කා පන්තියට ඇවිත් මට කියලා ගියේ හදිසියේ.. මහත්තයයි පුතයි ආවලු උදේ මෙහේ.. ඒ ඇවිත් ඉඳලා දවල් වෙද්දි දෙන්නටම අසනීප උනාලු.. බඩේ අමාරුවක්ද කොහෙද කියලා තමයි කිව්වේ… ඉස්පිරිතාලේ ගෙනිච්චාම නවත්තන්න කිව්වලු……


හෆ්‍ෆට සිරි.. තේරුනාද සීන් එක.. බැරල් අම්මණ්ඩිලට විද්ද ඊතලේ වැදිලා තියෙන්නේ මහත්තයටයි පුතාටයි.. අනේ අසරණයෝ දෙන්න. අම්මණ්ඩි කැත නැතුව මහත්තයටයි පුතාටයි අපේ අයිස්ක්‍රීම් එකෙන් අරං තමා  කවලා තියෙන්නේ…ඒත් හොඳම සීන් එක ඒක නෙමේ.. අර රෑට උයන්න වෙන්නේ හොස්ටල් එකේ අක්කලා සෙට් එක නොහොත් බ්ලොගී ඇන්ඩ් ගැන්සිය..  ඉහි ඉහි.. ළමයි හතලියකට උයන්න. මරන්න ගෙනි යන සත්තු රුළ වගේ බ්ලොගී ඇන්ඩ් ගැන්සිය කුස්සියට ඇදුනා.. දැන් උයපන්කෝ රෑට.. හැමෝගෙම හිත ඩිගි ගානවා..එක් එකාගේ හිත්වල එක එක සිතුවිලි හොල්මන් කරනවා..


0511-1001-2200-5358_Nervous_Girl_Biting_Her_Fingernails_clipart_image[1] දැන් ඉස්පිත්තාලේ ඩොක්ටර් ලෙඩ්ඩුන්ව චෙක් කරයි..
ලෙඩේට හේතුව හොයා ගනී..
කාපු කෑම අහයි..
අයිස්ක්‍රීම් කියයි… 
අයිස්ක්‍රීම් වලට බඩයන්නේ කොහොමද..

 

අයිස්ක්‍රීම් එක ඉස්පිත්තාලෙට ගෙනියලා චෙක් කරයි ..

 

ඒකට දාපු බෙහෙත් අහුවෙයි. ..

 

කවුද දැම්මේ ….

 

අනේ අපොයි  අපි ඉවරායි… !!!

කට්ටිම සද්ද නැතුව උයනවා.. එකෙක් හොට බිම ඇනගෙන හාල් ගරනවා.. තව එකෙක් කට ඇද කරගෙන ලූණු කපනවා. කාගෙත් සද්දයක් නෑ.. මේ වැඩේ හරියන්නැති නිසා බ්ලොගී ඉස්සෙල්ලාම නිහඬතාවය බින්දා.. දැන් මොකද කරන්නේ..?  ඔන්න අර කුමන්ත්‍රණේ දාපු දවසේ වගේම එක  එකා එක එක අදහස් දානවා.. කුස්සියේ හිටියේ අපි ටික විතරයි.. දැන් මේක ලීක් උනොත් මල විනාශක් වෙන්නේ.. ඔක්කොමලාට ගෙදර යන්නයි වෙන්නේ කවුරු හරි මේක දැනගත්තොත්.. ඒ නිසා අපි ඇග්රිමන්ට් එකකට ආවා.. කවදා හරි අපි A\L ලියලා මේ හොස්ටල් එකෙන් යනකල් මේක රහසක්.. කාටවත් කියනවා තබා අපි අපි වත් ආයේ මේ ගැන කතා කරන්න බෑ.. මේක කවුරු හරි කාට හරි කිව්වොත් ඒකිට අළුහම් හැදියං ( බ්ලොගී ඇන්ඩ් ගැන්සිය ඒ කාලේ බයම ඔය ලෙඩේට. ඒ නිසා මොන ෆිට් එක තිබ්බත් අපි අපි අතර ඇඳුම් තුවා වගේ දේවල් හුවමාරු කර ගත්තේම නෑ) හොරි හැදිලා කසලාම මැරියං. ඒ තව එකෙක්ගේ ශාපය.. අපි මේ රහස කාටවත් කියන්නේ නෑ නෑ මයි.. අපි ඔක්කොම අත් එකට තියලා දිවුරුවා….. අයිස්ක්‍රීම් එක ෆ්‍රීජ් එකෙන් ගත්ත බ්ලොගී බාල්දියක් අස්සේ ඒක හංගගෙන වැසිකිළියට ගිහින් ඔක්කොම අයිස්ක්‍රීම් ටික වැසිකිලි වලට දාලා ෆ්ලෂ් කරා.. අයිස්ක්‍රීම් භාජනේ ඇඳ යට කොනකට තල්ලු කරා….


කට්ටිම උයලා ඉවර වෙද්දි හොඳටම හෙම්බත් වෙලා.. පා..න් කියා ගන්නත් බැරුව ගිහින් ඇඳට වැටුනා….


ප.ලි – මේ සිද්දිය ගැන අදටත් බ්ලොගී කටේ කෙළ බිංදුවක් හැලුවේ නෑ.. කට තදින් වහගෙනමයි ටයිප් කරේ..ඕං කියවන කවුරුහරි මේ සිද්දියට අදාලයි නම් හෝ අදාළ අයව දන්නව නම් මං වගේම ඉඳපල්ලා… ඒ නැතුව කවුරු හරි මේ සිද්දිය ප්‍රචාරය කරන්න එහෙම ලෑස්ති උනොත් cashew nut වෙනුවට විරේක පෙති දාන ලද කෝන් අයිස්ක්‍රීම් එකක තැපෑලෙන් හම්බවෙයි…


Friday, September 3, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ටූ!.

හොස්ටල් එකේ බහුතරයක් මේ බැරල් අම්මණ්ඩිලා එක්ක තරහයි.. ඒත් හැමෝම විශ්වාස කරන්න බැරි හන්දා ඉතාමත් විශ්වාසනීය සෙට් එකක් විතරක් වැඩේට තෝරාගත්තා.. දැන් මේ සැට් එකේ බ්ලොගී ඇන්ඩ් ගැන්සියත් එක්ක අට දෙනෙක් ඉන්නවා.. ඔක්කොමලා හොස්ටල් එකේ වැඩිහිටි අක්කලා(බ්ලොගී ඇතුළුව) .. අපි අට දෙනාම විවේක වෙලාවේදී කවුරුත් වැඩිය නොඑන තැනකට ගොහින් අක්කලාට ගේම දීමේ සාකච්ඡාව පැවැත්තුවා.. කොහොම හරි විනාඩි 45කට පස්සේ එක එක්කෙනා දුන්න  අදහස් සළකලා බලලා  හැ‍මෝගෙම එකඟතාවය මත අපි ඔක්කොම තෝරාගත්ත එක ජඩ වැඩක් අක්කලාට පාඩමක් උගන්නන්න………


බැරල් බඩවල් වල හුළං බස්සන්න… හැබැයි වැඩේ ක්‍රියාත්මක කරේ සතියකට පස්සේ…..


ඉතින් අපි බ්ලොගී ගැන්සිය මොකද කරේ අතේ ඉතුරු වෙලා තිබුන සල්ලි කීය කීය හරි  එකතු කරලා යම් තරමකට ගානක් ‍සැට් කර ගත්තා. බැරල් අම්මණ්ඩිගෙන් අවසර ගත්තු බ්ලොගියි තව සගයෙකුයි ටවුමට ගොහින් තවත් අයිස්ක්‍රීම් එකකුයි ෆාමසියකට ගොහින් විරේක පෙතියි රොත්තකුයි සල්ලි දීලා ගත්ත. ස්ලීපින් ටැබ්ලට් ගොඩාක් ගත්තොත්නේ සූසයිඩ් කර ගන්න කියලා සැක හිතන්නේ.. ඒත් වැඩි හොඳට කියලා තැන් දෙක තුනකින් තමා විරේක පෙති ගත්තේ. 


ඔන්න දැන් බඩු ටික අරන් ආයේ හොස්ටල් එකට ආව කියමුකෝ…


මේ පාර ගෙනාපු අයිස්ක්‍රීම් එක ලීටරයකට වඩා අඩු එකක්.. මුලින්ම ගැන්සියේ කස්ටියම අයිස්ක්‍රීම් හැන්ද ගානේ කෑව.. අලුත් පිටම ෆ්‍රිජ් එකට දැම්මම අහුවෙයි කියලා අර දෙන්න නොකා ඉඳී කියලයි ඒ වැඩේ කරේ. ඒ අයිස් ක්‍රීම් ටිකක් දියවෙනකල් තියපු බ්ලොගී හා පිරිස හොඳට කුඩු කරන ලද විරේක පෙති ටික අයිස් ක්‍රීම් එකේ උඩට ඉස්සා.. දැන් තේ හැන්දකින් හොඳට කැලැත්තුවා. දැන් භාජනේ උඩින්ම  අඟලක් විතර ගණකම තට්ටුවකම තියෙන්නේ විරේක පෙති අධිසානද්‍රිත රසවත් වැනිලා අයිස්ක්‍රීම්..  යම් යම්.. කෑවොත් බඩුම තමා.. හිකිස්!!  හැබැයි කට්ටියට මාරම දුකයි. සල්ලි දීලා අයිස්ක්‍රීම් අරන් මේ කරන්න යන අපරාදෙට. ඒත් කුස්සියේ අක්කලා දෙන්නට වෙන්න යන වැඩේ මතක් උනාම කට්ටියම තමන්ගේ පෙරේත කම් යටපත් කර ගෙන වැඩේට උපරිම සහයෝගය දුන්නා.. ඉතින් සෙට් එකම වැඩේ සම්පූර්ණ කරන්න කලින් දැන් කියෙන අයිස්ක්‍රීම් මට්ටම රහස් සංකේතයකින් සළකුණු කරා.. කැවද නැද්ද කියලා කන්ෆෝම් කරගන්නත් එපැයි…


දැන් බ්ලොගී ගැන්සියට මාරම මෙව්වයි..  කස්ටියටම ජොලි.. බැරල් අම්මණ්ඩිලා දෙන්න මේක කෑවොත් වෙන විජ්ජුම්බරේ හිතෙන් මව මවා රස විඳ විඳ කස්ටිය හිනාවෙනවා.. සමහරු හිටපුගමන් හිචිස් ගාලා තනියමත් හිනා වෙනවා.. ඔන්න ඉතින් බ්ලොගී සහ ගැන්සියේ කෙල්ලෝ දෙන්නෙක් අයිස්ක්‍රීම් එකේ රස ගැන අර දෙන්නට ඇහෙන්න වර්ණනා කරන ගමන් අයිස්ක්‍රීම් භාජනේ ගෙනිහින්  ෆ්‍රිජ් එකට දැම්මා..


පහුවදා උදේ නැඟිට්ට බ්ලොගී ඇන්ඩ් ගැන්සිය වෙනදට වඩා  හරිම ආසාවෙන් ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.  ඉස්කෝලේ ඉවර වෙනකල් වෙලාව බල බල ඉඳපු බ්ලොගී අවසාන බෙල් එක ගහලා “යෝ වද තම් පවරෝ” කියන්නත් කලින් පන්තියෙන් පැන ගත්තා….

 

අවසානය හෙටම…….!

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails