Friday, January 9, 2009

බ්ලොගීගේ පළමු සටහන

හා...........යි! හැ‍මෝටම කිරිපිටි, පොල් තෙල් , පෙට්‍රෝල් ඉතිරෙන පඩි වැඩි වෙන සුභ නව වසරක් වේවා. මගේ දෙවනි බ්ලොග් එක. නිකං දෙනවා කියලා මෙච්චර බ්ලොග් ලියන එකත් හොඳ නෑ තමයි. ඒත් ඉතිං කොම්පැණියෙන් වෙනදට නිකං දෙන ඩයරිය මේ පාර එන්නැති හැඩයි. ඒ හිංදා ඩයරිය වෙනුවට බ්ලොග් එකක්ම ලියමුයි කියලා හිතුනා.


පළවෙනිදා ගෙවිචිච හැටි ගැන ඕනවාටත් වඩා සිතුවිලි නිම්නයේ කියලා තියෙන නිසා ඒ ගැන වැඩි දුර කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.දෙවනිදාත් වැඩි විශේෂයක් නෑ.


තුන් වෙනිදා - වැඩ ඇරිලා ගෙදර යද්දි 7යි.නංගි ජම්බු කූඩයක් ලං කර‍ගෙන වැඩේ දෙනවා.අත හෝදන්නෙ නැතුව කෑම කන්න හොඳ නෑ කියලා දොස්තර මාමාලා කියලා තියෙන නිසා,මම නාලා කරලා ජම්බු කන්න ‍සෙට් උනා. හැ......හ්.කූඩෙ යටටම වෙන්න ජම්බු ගෙඩි දෙකක් විතර මං දිහා කින්ඩියට වාගේ බලං ඉන්නවා.නංගි ඉන්න විදිහ දැක්කම මට හිතා ගන්න පුළුවන්,අර යස අගේට තිබ්බ ජම්බු ටිකට මොකද උනේ කියලා.මාත් අතහැරියේ නෑ.රෑ කියලා බලන්නැතුව ජම්බු ගහට ටෝච් එක ගහගෙන ජම්බු කැඩුවා.ලුණුද, මිරිස්ද ,ගම්මිරිස්ද ‍මෙකී නොකී ඔක්කොම ජාති එක්ක පැයක් ඇතුළත ජම්බු කූඩෙ ඉවර කරන්න මටත් බැරි උනේ නෑ."හහ්.... නංගි මං ඔයාගේ අක්කා, හරිද?" ඔන්න ඔහොම නංගිටත් සද්දයක් දාලා මං කුස්සිය පැත්තට ගෑටුවා.රෑ කෑම කන්නත් එපැයි.


හතරවෙනිදා - එදා මං හිටියේ ඌව වෙල්ලස්ස කැම්පස් එකේ Class එකේ.ටික වෙලාවක් යද්දි මට නිකං තේරැනා බඩ ඇතුළේ සුනාමියක් වගේ පෙරළියක්.රෑ කාපු ජම්බු ටිකේ ර‍ඟේ තමයි.සර් බරටම උගන්නනවා. අවසර ගන්න ගියොත් වැඩේ චාටර් වෙන හින්දා හොරෙන්ම Lab එකෙන් එළියට ආවා.


පහ /හය - දවස් දෙකේම හවස බස් එක පරක්කු උනා.ගෙදර යනකොට රෑ 8ත් පහුවෙලා.අනේ මංදා මගේ ද‍වසේ බාගයක්ම පාරටම ඉවරයි.ණය වෙලා හරි ස්කූටර් කට්ටක් ගන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමයි.නදීෂා අක්කා ගානේ අද අපිට ෆලූඩා.නිකං හම්බෙන‍වානම් මොනා උනත් මොකද.


ඊයේ - පෙරේදා හ‍‍වස වැහැපු හන්දා මගේ sweater එක අරං ආවා.මොන වැස්සක්ද උදේ ඉදං පට්‍ට අව්ව.හ‍‍වස යනකොටත් අව්ව.ඉහි..ඉහි මට මයි වෙන්නෙ.

8 comments:

  1. මේක fix කරල අපට කිව්වෙත් නෑ නේද? :P

    ReplyDelete
  2. අනේ සමාවෙන්න මල්ලියෝ, මාර මහන්සියක් වෙලා හදා ගත්තේ.
    ඔන්න දැන් හරි.

    ReplyDelete
  3. හික් හික් ෂෝක් සටහන...!

    ReplyDelete
  4. එළ Head Banner එක

    ReplyDelete
  5. මේක සතියක් ගානෙ අප්ඩේට් කරන්නෙ නැත්ද?
    ඔයා ආයෙ ලියනකන් අපි බලාගෙන ඉන්නව :)

    ReplyDelete
  6. මල් 49යි! මේක කලින් එකට වඩා හොඳයි අක්කේ! සුබ පැතුම් අක්කා! ඔහොම යං...!

    Word verification අයින් කරා නම්?

    ReplyDelete
  7. Update this frequently pls!!!

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails