Wednesday, March 11, 2009

අපේ නගා සහ බියුටි කචල්

අපේ අම්මාගේ උපදෙස් පරිදි නංගී දැනට මාස දෙකක විතර ඉදලා රූපලාවන්‍ය පන්තියකට යනවා සතියේ දවස් වල උදේ හවා.එදිනෙදා අළුතින් ඉගෙන ගන්න හැමදේම ගෙදර ඇවිත් ප්‍රායෝගිකව කරලා බලන එක නංගීගේ පුරුද්දක්. මුල්ම දවස් වල තිබුනේ කොණ්ඩා මෝස්තර දැමීම. කෝබ්‍රා , ඉන්දියන් බන්, රෝප්,ෆිෂ් ටේල් , ෆ්රෙන්ච් ප්ලේට් හෙවත් නයා, ඉන්දියාවේ බනිස්, ලණු, මාළු නැට්ට, ප්‍රංශ දීසි ඇතුළු තවත් නම නොදත් අනේක විධි කොණ්ඩා මෝස්තර රැසක අත් හදා බැලීම් වලට මගේ ඔළුව බිලි දෙන්න මට සිද්ද උනා.

ගිය සතියේ පාඩම උනේ ත්‍රෙඩින් හෙවත් නූල් කෑල්ලක ආධාරයෙන් අත්, කකුල් , ඇස් බැමි වල රෝම ඉගිල්ලීම. ඉතිං එදා රෑත් නංගි සුපුරැදු විදිහටම එයාගේ අඩුම කුඩුම ආම්පන්න ටිකත් එක්ක T.V බලන් හිටපු මට ළං වෙලා වාඩි උනා. මේ වෙද්දි නංගී එන්නේ මොකාටද කියලා මම දැනං හිටියේ නැහැ. හැබැයි එයා වෙනදා වගේ එයාගේ පනා කොණ්ඩ කටු සෙට් එක නම් ගෙනාවේ නැති බව නම් මට මීටර් උනා. ඒත් දෙවියනේ කව්ද හිතුවේ නංගි මට මේ වගේ ජඩ වැඩක් කරයි කියලා.‍


ඔන්න හොදම හරිය. නංගි බොහොම ආදරෙන් මගේ අත අරගෙන එයාගේ උකුල උඩින් තියා ගත්තේ මට කොමල හිනාවක් පාන ගමන්. මම හිතුවේ නම් අද පාඩම මසාජ් වෙන්න ඇතිය කියලා. කව්ද අකමැති මහන්සි වෙලා ගිය ගමන් අත පය ටිකක් මසාජ් කරගන්න. හැබැයි එවෙලේ මම දැනං හිටිය නම් නංගිගේ එදා පාඩම මොකද්ද කියලා මම කීයටවත් මගේ අත නම් දෙන්නේ නැහැ. නංගි නූල් කෑල්ලක් වගේ දෙයකුත් අතේ පටලවගන්නවනම් ඇස් කොනෙං වගේ මම දැක්කා.එක පාරම නංගි අර නූල් කෑල්ල මගේ අත දිගේ අඔරවගෙන ගියා. හපොයි දෙවියනේ ඒ වගේ දෙයක් නම් මගේ හතුරෙකුට වත් හීනෙකින් වත් සිද්ද වෙන්න එපා. අර නූල් කෑල්ල ගෑවිලා ගිය තැන ගිනි ගන්නවා වගෙත්, කන් දෙකෙන් දුම් පිටවෙනවා වගෙත්, ඔළුව වටේ තරු කැරකෙනවාත් මට දැනුනා. එවෙලෙ නම් මට හිතුනේ මම මේ විඳින්නේ අපායේ දැඩි දඬුවම් වලින් එකක්ය කියලා. අතේ තිබුන T.V Remote එකෙන් නංගි ගුටි නොකා බේරුනේ ඇස් වල කඳුළු පිරිලා ටික වෙලාවක් යන කල් මට වටපිටාව නොපෙනුන නිසා. හොර පූසි වගේ මේකා හදලා තියෙන්නේ මගේ අතේ පෙනෙන නොපෙනෙන ගානට තියෙන මයිල් ගස් ටික ගලවලා දාන්න. තව ඩිංගෙං මාත් ඔය විද්‍යාඥයන්ගේ අත්හදා බැලීම් වලට අහු වෙන චිම්පන්සියෙක් ගානට වැටෙනවා.

ඇයි වදේ අර යස අගේට මුළු ඇඟ පුරාම ලොම් තියෙන පූසෙකුයි බලු තඩියො දෙන්නෙකුයි ගෙදර ඉද්දි මාවම අල්ලගත්තනේ ඔය වැඩේට. ඒ උනත් ඔය දුකම විඳගෙන මුළු ඇඟම ත්‍රෙඩින් කරගෙන ලස්සන වෙන්න හදන අයත් ඉන්නවනේ. ඉදලා හිටලා ඇහි බැමක් එහෙම ෂේප් කර ගත්තට නම් කමක් නැහැ. හැබැයි ඉතිං ඔය කෙරුවාවෙන් ලස්සන වෙනවා නම් මට ලස්සන වෙන්න ඕනම නැහැ.

නංගී නාහෙන් අඬ අඬා එයාගේ අඩුම කුඩුම ටික ඔතාගෙන අපේ පුංචිව හොයා ගෙන යනවා මම දැක්කා. මම හරි කමක් නෑ, පුංචිගෙන් නම් හැඳි මිටෙන් පාරක් ෂුවර්. යසයි මට කරපු දේට. හිහ්.....!

16 comments:

  1. ඔයාට තිබුණෙ hyperthreading තාක්ෂණයට අනුව එයාගෙ ඔළුවෙ කෙස් ටික ඔක්කොම ඇදල දාන්න. :P

    ඒක නෙවෙයි... එයා අන්තිමේදි ඔය බියුටි කචල් ටික complete කළාට පස්සෙ පිහාටු නැති KFC කිකිළියක් වගේ ඉඳීවි නේද?

    ReplyDelete
  2. උත්ප්‍රාස රසය එන විදිහට බොහොම අපූරුවට ලියන්න හැකියාවක් තියෙනවා නංගිට. හිනා ගියා ඔයාගේ ලිපි කියවද්දි. හොඳයි. දිගටම කියවනවා ඔන්න මමත්, එනිසා පුළුවන් හැම විටම ලියන්න

    ReplyDelete
  3. අපායේ දඩුවම් මෙලොවදී දෙන්න අලුතින්ම යම රජා පත් කරලා ඉන්න අය තමයි ඔය බියුටි කචල් කට්ටිය.. අම්මියෝ.. ඇහි බැම උගුල්ලන්න ගියාම ඒ විනාඩි 5 ඉවසන් ඉන්නෙත් අමාරුවේන්.. අත පය ගැන හිතා ගන්නත් බෑ අප්පා..!
    මොනා උනත් ඔයා නංගිගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කරලා මට නම් හිතෙන්නේ.. :p

    ReplyDelete
  4. ෂ්ෂ්ෂ්ෂ්...මුකුත් කියන්න එපා අක්කේ, කාන්තා අයිතිවාසිකම්නේ ඉතිං මෙව්වා. නියමයි අද ඩයරියේ පිටුව. ඔන්න වෙලාවක් අල්ලගෙන ලියන්නකෝ. මේ අපි මලී අක්කා කිව්වා වගේ මානව අයිතිවාසිකම් කමිටුවට කියමුද අක්කාව අමුවේ රෝසට් කිකිලියෙක් කරන්න ගියා කියලා?

    ReplyDelete
  5. ශාන්තකුල - අනේ අම්මප ශාන්තකුල මල්ලී මම ඕක මුලින් දැනං හිටියනම් නංගි මගෙන් බේරෙනව බොරු.ආදෙංකෝ ආයේ.

    බෝ - Thanx බෝ. අනිවාර්යෙන් ලියනවා.

    මලී - මමත් ඔය ඉස්කෝලේ යන කාලේ තනියම ඇහි බැම උගුල්ලන්න ගිහින් මට්ටු උනා.එදා ඉදන් අද වෙනකල් ඒ ගැන හිතුවෙ වත් නෑ.මැරෙන්න කලින් අපායෙ යන්නේ මොකටද? නේද?

    බින්කු - නඩු දාලා නංගි තරහ කරගන්නත් බෑනේ මලයෝ.තාම ෆේෂල් පාඩම ඉවර නෑ. නොමිලේ ෆේෂල් එකක් කරගන්න අවස්ථාය නැති උනොත් එහෙම.ඊට පස්සේ බැරියැ මරා ගන්න හරි. හික්..

    ReplyDelete
  6. හප්පේ... කතා කරන්න එපා බියුට් කචල් ගැනනම්. පාරෙ තොටේ මම ඔන තරං රැවටිලා තියෙනවා බේබි ඇන්ටිලාට... ස්ලිම් ෆිගර් එකක්, මැක්සා කොණ්ඩයක්, මැක්සා ස්ලැග් එකක්, මැක්සා වොක් එක... ලස්සන අක්කියෙක් හරි නංගියෙක් හරි වෙන්ටැ... කොහොමහරි ඉස්සර කරලා ගිහින් මූණ බලා ගන්න ඕන කියලා ඕන් මං වේගෙන් යනවා... ඕවර් ටේක් කරන ගමන් බැලුවොත් සයිඩ් එකෙන් මූණ සුදු පාටට පේනවා... ඉතින් තව ටිකක් ඉක්මන් කරලා ගිහින් බැලුවම, හත් දෙය්යනේ... මහසොන් අවතාරේ පරාදයි. මූණ රැලි වැටිලා, ඇහි පඹ ගලවලා, මොනාදෝ මූණ පුරා උලලා, ලිප්ස්ටික් ගාලා, ඉස්සෙල්ලා ටිකක් හිනා වෙනවා... එක දැකල මම බය උනාම පුදුමෙන් වගේ බලනවා... මම ඒ ඇංටිගේ පොටෝ එකක් ගත්තා මේ බලන්න මරු බියුටි කවල්... අම්මපා සොබාවෙන් හම්බ වුනු රූපේ මදිද මේ ගැණුනු‍ට... පාරේ යන අහිංසක ම්නිස්සු බය කරන්නේ...

    ReplyDelete
  7. එළ.........
    මම Film එකක දැක්ක ඔට්ටුවක් අල්ලල මුළු ඇඟම Thread කරන එකක් හරි සනීපෙට තියෙන්න ඇතිනේ.

    ReplyDelete
  8. බ්ලොගී,
    ඔයාගෙ බ්ලොග් එක සින්ඩිකේටරයෙන් ඉවත් වෙලා. ඒත් මං බැලුවා මොකද මේ පෝස්ට් එක සින්ඩිකේටරයට වැටුනේ නැත්තේ කියලා.

    කාලෙකිං අප්ඩේට් නොකරපු බ්ලොග් කාලිංග අයියා සින්ඩියෙන් දොට්ට දාලා :) ඔයා එයාට කියන්න ආපහු මේ බ්ලොග් එක සින්ඩිකේටරයට දාන්න කියලා.

    ReplyDelete
  9. ම - හප්පා! මුළු ඇඟම?? ඊට වඩා හොඳයි ගිනි තියාගන්න එක.

    Anonymous - ඔයා ඇහුවෙ මගෙන් නෙමේ නේද?

    ප්‍රවීන් - හැබෑ නේන්නම්. ස්තූතියි කිව්වට.නෝටි කාලිංග අයියා.

    ReplyDelete
  10. ඕක එක අතකට විකාරයක්... අවුරුදු 40 පැනපු (අ )විවාහක තරුණියන් විවාහ වෙන්නෙ ඕකට පින් සිද්ද වෙන්නනෙ... ඉතින්...

    ReplyDelete
  11. That's pretty funny mate !

    Nicely written.. and almost passable for a nice skit !

    I had the same thing tried on by a cousin of mine, she though I was a brilliant subject since I seems to be gifted with this "hair" anatomy of the body parts !

    She barely managed to run away before I broke her neck !.. and all her bloody threads and stuff were confiscated and burnt off by me later :D

    ReplyDelete
  12. මෙක කියවල මම මැරෙන්න හිනා උනා සිස්ට
    ලස්සනයි ලියලා තියෙන විදිහ
    දිගටම ලියන්න....

    ReplyDelete
  13. මහ රාත්තිරියේ 12ත් පහුවෙලා ඔයාගේ මේ බ්ලොග කියෙව්වේ... තව පොඩ්ඩෙන් අම්මගෙන් ගුටිත් කනවා හිනා වෙච්ච හිනාවිල්ලට... මැක්සා එකට ලියලා තියෙනවා ආයෙ රසඳුන පත්තරේ බුවාලන්තේ වගේ... දිගටම ලියන්න... අපිට ගුටිවත් කන්න...

    ReplyDelete
  14. lassanai....hugak..oyata hugak lassanata liyanna puluwan....

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails