Sunday, May 23, 2010

බ්ලොග් ලිවිම සහ තවත් පුරුදු

බ්ලොගී අනිත් අය වගේම මුලදි බ්ලොග්  ලිවිල්ල පටන් ගත්තේ හරිම උනන්දුවෙන් නොවැ?උනන්දුව කොච්චරද කියනවනම් බ්ලොගී කියලා නමකුත් ඈදා ගත්තානේ. ඒත් දැන් කාටත් පේනවා ඇතිනේ බ්ලොගීගේ බ්ලොග් ලිවිල්ල. ඇද ඇද බ්රේක් ගගහා යන හැටි.

ඔය වගේම තමා යාළුවනේ බ්ලොගීගේ තවත් සමහර පුරුදු. 2010 අවුරුද්ද පටන් ගත්න ඔන්න මෙන්න තියෙද්දී බ්ලොගීට හැබෑම ඩයරියක් ලියන්න පුදුම උණක් තිබ්බා. ඉතිං බ්ලොගී ඔය දන්න කියන හැමෝටම කන්කෙඳිරි ගෑවා තමන්ට ඩයරියක් හොයා දෙන්න කියලා. ඔහොම කොහො හරි ඩයරියක් හොයා ගත්තාය කියමුකෝ. ජනවාරි ලිවුවා. පෙබරවාරි මුල් සතියෙ ලිවුවා. අනේ දැන් ඒ ඩයරිය ආගිය අතක් නැහැ. ඩයරිය ගෙනත් දුන් පුද්ගලයා මේ සටහන නොදකිත්වා.

මේ ළඟකදි ඉඳලා බ්ලොගිට තවත් උණක් හැදුනා. ඒ තමා සුවදායී ක්‍රියාශීලී දිවි පැවැත්මක් සඳහා යෝග ව්‍යායාම කිරීම. ඔය උවමනාව ආපු කාලේ බ්ලොගී අවස්ථාවට ගැළපෙන ඇදුම්ද , Relaxing Music clips ද, Yoga for beginners videos ද මහ ගොඩක් එකතු කරන් වැඩේට බැස්සාය කියමුකෝ! පටන් ගත්ත කාලේ දවසට පැයයි! දවසින් දවස ගත වෙද්දි පැය, පැය භාගේ වෙලා , පැය කාල දක්වා අඩුවෙන්න ගත්තා. දැන්නම් බ්ලොගී ව්‍යායාම කොරන්නේ බඩ වැඩී කියලා හිතුන විනාඩියට විතරමයි. හිහ් හිහ්!

හනේ මන්දා, හුස්ම ගන්න එකත් Auto වෙන හින්දා හොඳයි. නැත්නම් ඒකත් නැවතිලා ගොඩක් කල්. මේ තත්වය මට විතරක්මද අනික් අයටත් පොදුයිද? දෙයියෝ දනී!!!

11 comments:

  1. හිකිස් මරැ මරැ sure එකටම බලොගී නාන්නෙත් නැතුව ඇති
    අපි www.sriwow.info

    ReplyDelete
  2. දැන්නම් මට පෙන්නේ , කරන්න තියන ඔක්කොම මල ඉලව් ටික කරලා වගේ තියන්නේ :P !!! අක්කේ කතාවක් ලියන්නකෝ ; දිගටම ලියන්න .ජය !!!

    ReplyDelete
  3. බුද්ද කාලෙත් ඔය වාගෙ ඩයල් එකක් හිටිය නම සුබද්‍ර මුලින් බන හොඳට අහල හිටියට මොකද කලක් යනකොට එපා උනා...පස්සෙ අපේ බුදුහාමුදුරුවො පිරිණිවන් පාල ඔක්කොම හාමුදුරුවො ෆුල් සෝකෙන් ඉද්දි පොර තැන් තැන් වල මාධ්‍ය සාකච්චා දමනව මෙහෙම "ඒ මහා ශ්‍රමනයාගෙන් අපි මිදුනේ වෙමු.මේ දේ කරන්න මේ දේ නොකරන්න යැය් කීමට කිසිවෙකු නොමැත" ඕක ආරන්චි උන අපේ මහා කස්සප හාමුදුරුවො 1 වෙනි ධර්ම සන්ගායනාව තියන්න ඕනි කියල සෙට් උනා....

    ReplyDelete
  4. හෆොයි..
    කම්මැලි බ්ලොගී...

    ReplyDelete
  5. sriwow - අපොයි නානවා! අනිත් අයගේ යහපත උදෙසා.

    හිඟන්නා - කතාවක් ඇතිවූ සැනින් වාර්තා කරන්නම්, සුවර්!

    indi - ඒ කියන්නේ මම විතරක් නෙමෙයි මෙහෙම. නේ?

    මාරයාගේ හෝරාව - අනේ ඔව් අප්පා. ඒකනම් උපරිමයි.

    ReplyDelete
  6. ලියන්න ලියන්න දිගටම ලියන්න ඔයා ලියනකම් අපි බලාගෙන ඉන්නව.

    මටත් අක්කල ඉන්න නිසා මං දන්නව වෙන්ඩ මස්සිනා කාරය කෝල් හරි කෙටි පණිවුඩ හරි දැම්මෙ නැත්නම් විඳින දුක.

    ඉතින් තරහ උනාම අක්ක බීපු එක සාධාරණයි.

    ඒත් ආයෙත් බොන්න එපා.

    ReplyDelete
  7. චානු - අනේ වාසනාවන්. මටත් හිටියනම් මෙහෙම මල්ලි කෙනෙක්.

    ReplyDelete
  8. බය වෙන්න එපා බ්ලොගී ඔයාගෙ මල්ලෙ පොල් කට්ටිය තව ඉන්නවා මේ මම වගේ හි හි හි

    ReplyDelete
  9. ඕක බ්ලොගියෝ මහා භයානක සින්ඩ්‍රොමයක්.හැබැයි හරි කොමන්.

    ReplyDelete
  10. @මධු වීරකෝන් - හිහි! දාන්න පහක්!අපි කරන වැඩ දෙයියො දනී

    @Naදී - මං දන්න විදියට නම් පැංචිටත් මේ ලෙඩේ පොදුයි. නේද?

    ReplyDelete
  11. කුෂාන් ඇස්. වන්නිආරච්චි මහත්තයාගේ කතන්දරයක් හරහා මේ පැත්තේ එවුනේ. පැරණ සිදුවීම් ටික නම් හරි රසයි :)

    පින්තුර ගැහිල්ලේ ආසාවට ඇරෙන්න අනික් හැමදේටම මටත් ඔය ලෙඩේ දරුණුවට තිබ්බ. වයසින් ටිකක් මුහුකුරා (නාකි වේගෙන) යද්දී අඩු වෙනවා.
    අයෙත් වෙලාවක ඇවිත් යන්නම්.

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails