Sunday, June 13, 2010

නිකොබාර් භූමි කම්පාව හා බ්ලොගී !

ගෙදරට අන්තර්ජාලේ ගත්ත දා ඉඳලා බ්ලොගී නිදියන්නේ මහ රෑ 12ට හෝ පාන්දර ජාමෙට.... උදේ 7.15විතර වෙනකල් හොඳට නිදාගෙන පරක්කු වෙලා වැඩට දුවන එක දැන් බ්ලොගීගේ පුරුද්දක්.... මේ අද පාන්දර වෙච්චි හුට පටයක්...!
බ්ලොගීට කලින් බ්ලොගීගේ නගා ජාලේ අත්පත් කර ගත්ත හන්දා බ්ලොගියට සිද්ධ උනා දත කට වහගෙන නිදා ගන්න.... ඒත් ඉතිං නංගි කී බෝර්ඩ් එකට තඩිබාන සද්දෙටයි පරණ කොම්පූටරේ හෝ ගාන සද්දෙටයි...... තව පැයකටවත් නින්ද යනවනම් බොරු...! 
දැන් ඔයාලා බලයි ඇයි අපේ නගා කී බෝර්ඩ් එකට තඩිබාන්නේ කියලා.. ඒක නම් වෙන බ්ලොගක් ලියන්නම වටින සිද්ධිය..! මගේ පරණ කොම්පූටරේ වර්තමාන හිමි කරු තමා නංගි... මුලදි බ්ලොගියගේ ලැප්ටොප් එකට නංගිගෙන් විසුමක් නැති හින්දා බ්ලොගිය පරණ කොම්පූටර් මරදානේ නංගිගේ කරේ ගැහුව... ඒක බාරදෙද්දි නංගිට පොඩි ඇඩ් එකකුත් දැම්මා


" නංගි, මේ අද මම ඔයාට භාර දෙන්නේ මගේ පණ! මගේ ඇස් දෙක!"
(යටි හිතෙන් - "හප්පා මළ මඟුලෙන් මං නිදහස්! )

"මේ අවුරුදු හතරට මේ කොම්පූටරේ මට කිසි වදයක් දුන්නෑ!"
(යටි හිතෙන් - "අනේ මගේ කට! උඹ මට දුන්න තරම් වදයක් මගේ හතුරෙක් වත් මට දීලා නැතුව ඇති"!)

"මේක මම බලාගත්තේ මගේ ඇස් දෙක වගේ!"
(කවුරු හරි තමංගේ ඇස් දෙක ඇස් කුහර වලින් උගුලලා එළියට අරන් සපත්තු පොළිෂ් කරන බ්‍රෂ් එකෙන් පොලිෂ් කරලා තියෙනවද? හික්)

"ඉතිං ඔයත් ඒවගේම මේක බලාගනී කියලා මම හිතනවා!"
(නංගි මට නියවනවා! මං කොම්පූටරේ බලා ගත්ත හැටි එයා නොදන්වැයි!)

හහ්! නංගි ගස්සගෙන ගියා...! 

"ආයේ ලැප්ටොප් එක එහෙම අතපත ගානව එහෙම නෙමෙයි"  නංගි ටිකක් එහාට යන කල් ඉඳලා මම ඇහෙන නෑහෙන තරමට පොඩි ගර්ජනාවකුත් දැම්මා...! වැඩිය සද්ද දාන්නත් බෑ.. හෙට ඉඳං උයන එකවත් වර්ජනය කරොත් මං ඉවරයි...!

පරණ  කොම්පූටරේ මීයාගේ ලෙෆ්ට් බට්න් එක වැඩ කරන්නෑ. ඉතිං පැත්ත මාරු කරලා තමයි පාවිච්චි කරන්නේ...!රයිට් ක්ලික් ඕන නම් කීබෝඩ් එකේ පිහිට තමයි...! කීබෝඩ් එක ඊට හපන් !කී එකකින් ටයිප් වෙන්න ඒ කී එක උඩ හිට ගන්න තමා වෙන්නේ...!ඉතිං ඕක තමා නංගි කී බෝඩ් එකට තඩි බෑමේ රහස...!

ඕං ඉතින් පීලි පැන්නා ... කියන්න ආවේ මේ කතාව නෙමෙයි නේ...! 

ඉතිං ඔන්න බ්ලොගී මර නින්දට පාත්‍ර උනාය කියමුකෝ....! මෙන්න බොලේ නංගියි අයියයි බෙරිහන් දෙනවා මොනාද කිය කියා...! අර 20 20 මැච් වල චාමර කපුගෙදර අන්තිම බෝලෙට හයේ පාරක් ගහලා නූලෙන් පරදින්න හිටපු ලංකාව බේර ගත්ත වෙලාවෙත් නංගි බෙරිහන් දුන්නේ ඒ වගේ...!

"මොනාද මනුස්සයෝ... මිනිහෙකුට නිදහසේ නිදාගන්න දෙනවකෝ! කෑගහන්නේ! ඔයාලට නම් මොකද මම එපැයි උදේම නැඟිටලා වැඩට යන්න".. මාත් ඊට හයියෙන් බෙරිහන් දුන්නා...! 

ඒත් මේ දෙන්නා නෙමේ නතර කරන්නේ විලාපේ...! මං කොට්ටේ අරං කන් දෙක වැහෙන්න ඔළුවට තියලා තද කර ගත්තා...! 

මෙන්න බොලේ ඒ පාර නංගි ඇවිත් ඇඳ විට්ටමෙන්ද කොහෙද ඇදලා ඇඳ හොල්ලනවා..දඩ බඩ දඩ බඩ ගාලා...!  හප්පට සිරි.. මේ හාල්මැස්සිට කොහෙන්ද මෙච්චර පවර් එකක්! "දෙන්නම් ජම්බෝ....අද  උඹ ඉවරයි නංගී බබෝ" කියලා කොට්ටෙත් උස්සගෙන  බ්ලොගී ඔළුව උස්සලා බැලුවේ නංගිට pillow punch එකක් දෙන්න...
හෑහ් කෝ බොල නංගි.. නංගි නෑ ඇඳ ඉබේම හෙලවෙනවා...
බුදු අම්මෝ ‍......හ්...!  හොල්මන්! හොල්මන්! ඇඳ ඉබේම හෙලවෙනෝ....! 

බ්ලොගීට හීන් දාඩිය දැම්මා...! බ්ලොගී කොට්ටේ කොනක් හපා ගත්තේ මේ මොන විජ්ජුම්බරයක්ද කියලා හිතා ගන්න බැරුව...!
මොහොතකින් සියලු දේ නිසල උනා...! කෝ මේ දෙන්නා! බ්ලොගී අයියවයි නංගිවයි හෙව්වා..! අනේ මෙහෙමත් සහෝදරයෝ...මං මැරෙන්න දාලා දෙන්න දුවල අනිත් කාමරෙට. දෙන්න එනවා කාමරේට හිමිජ්ජො දෙන්න වගේ...! 
"හා...ඇයි දෙන්න බය වෙලා වගේ.... මොකද කෑ ගැහුවේ"... මං ඇහුවේ නළලේ තිබ්බ දාඩිය ටික දෙන්න දකින්න කලින් පිහිද ගන්න ගමන්...
"භූමි කම්පාවක් ඕයි භූමි කම්පාවක්! හම්මේ ‍" "මගේ කකුල් දෙකත් පණ නෑ" නංගි විලාප දෙනව... 

"ආාාාාාා. ඒකට ඔය තරම් බය වෙන්න ඕනයෑ.  මට නම් ගානක් දැනුනේ වත් නෑ.."  බ්ලොගී ආයෙත් හරි බරි ගැහුනේ නිදා ගන්න...! බ්ලොගී බය වෙච්චි තරම දෙයියෝ දනී...! තව ටිකක් භූමි කම්පාව continue උනා නම් උදේට වැඩට යන එක පැත්තකින් තියලා බ්ලොගීට සිද්ධ වෙන්නේ නිදා ගත්ත කොට්ට මෙට්ට ටික හෝදලා අව්වට දාන්න...! 

හිකිස්!!!!!!!

29 comments:

  1. මට ඕක වෙන්නේ අපේ අක්කා නෙට් යද්දි..මම උදේ නැගිටින්න කලින් අක්කා තමයි කොම්පීටරේ හිමිකාරී.මොකද මම නැගිට්ටම ආයේ පැය 20 කට විතර කොම්පීටරේ අයේ මගෙන් නිදහස් වෙන්නේ නෑනේ..ඉතින් උදේම ඇවිල්ලා කීබෝඩ් එක ඔබන සද්දෙටයි මවුස් එක ඔබද්දි එන ටික් ටික් සද්දෙයි දැන් මට එපා වෙලා.. :( :(

    පළවෙනි වතාවල මේ බ්ලොග් එකට ආවේ..තව ලියන්න..ම්ගෙන් සුභ පැතුම්..!!!

    ReplyDelete
  2. පට්ට! කතාවෙ අන්තිමට එද්දි මාතෘකාවත් අමතකයි. :D

    ReplyDelete
  3. පළවෙනි වතාවට මාත් ආවේ ටිකක් කතා කියෙව්ව දැන් නම් හිනා වෙලාම මහන්සියි.........

    මරු අක්ක.......

    ReplyDelete
  4. මරු සිද්දිය !!

    ReplyDelete
  5. ආදර්ශමත් කතාවක්.....

    ReplyDelete
  6. හික් හික් බ්ලොගී චන්ඩියා වගේ සද්දෙ දාල තියෙන්නේ නොදැන නේ හික් හික්

    ReplyDelete
  7. මිසිස් ෆා අක්කි,

    දදිස් දස වාරයක්..
    කරගසා ඇත මමත්...
    ඔයාගෙ බ්ලොග් පොතත්..
    කතාවත් (ඔයත්) හරි ඉස්තරම් ...

    මම බුක් මාක් එකක් ගත්තා කමක් නෑනෙ ? එපා කිව්වත් නිප්පා ආයෙ දෙන්නෙ නම් නෑ.මේක කියවන්න ඇවිත් එක හුස්මට මුලු බ්ලොග් ඩයරියම බැලුවා..එහෙම වැඩක් මම කලේ පලවෙනි පාරට. (එක හුස්මට)WH ;)

    ReplyDelete
  8. ඇත්තටම ඔය පැත්ත හෙල්ලුනාද...එහෙමනම් ඔය පින්තූරේ වගේම ඉන්න ඇති නේද...
    අනික අපිට නොකිව්වට කොට්ටට මෙට්ට ටික අනිවා පහුවදා හෝදන්න ඇති....හික්ස්

    ReplyDelete
  9. මරු සීන් එක , හප්පේ මම හිතන්න්නේ අවුරුදු ගානකට පස්සෙද කොහොද ඔහොම කතාවක් ලියුවේ !!!!!

    ReplyDelete
  10. niyamayi .me patteth ohoma tama

    ReplyDelete
  11. නියමයි බ්ලොගී... දැන් ඉතින් නොනැවතී ඉදිරියටම ලියමු නේද? :D
    ඇත්තටම ඔය භූමි කම්පාව ලංකාවටත් ආවද?

    ReplyDelete
  12. මොකද්ද අප්පා, කාට හරි දෙයක් දෙනකොට හොඳට දෙන්න ඕනේ නේද ඔන්න ඔහේ රුපියල් පන්සීයක් විතර වියදම් කරලා අළුත් කීබෝඩ් එකකුයි මවුස් එකකුයි අරන් දෙන්නකෝ නංගිට.

    ඔය වගේ භූමි කම්පා රට පුරා තැන් තැන් වලට විතරක් එකපාර දැනෙන්නේ කොහොමද මන්දා?

    ReplyDelete
  13. ඇත්ත කියපං කෙල්ලෙ.. අනිත් පැත්ත හැරිල නිදාගත්තද..? එහෙම නැත්තං අන්තීමට කියපු දේද උනේ..? පත්තරෙ නම් තිබුනා ඔය පැත්තෙ භූමීකම්පාවට පස්සෙ ගංවතුරකුත් ආවා කියල... හෙහ් හෙහ්..

    ReplyDelete
  14. @♠GaŋGster♠™
    මගේ සීන් එකේ අනික් පැත්ත. හික්...කීබෝඩ් එක විතර නම් මදෑ..අපේ නගා නිදාගන්න ආවම ලව් එකට SMS කොටන්නෙත් මගේ කණ ගාව

    @ශාකුන්තල
    හි හි! තැන්කු...

    @හා පැටික්කි
    හප්පේ! හා පැටික්කියකුත් පිනුමක් ගහලා නොවැ මේ පැත්තට....විවේකයක් අරන් එන්ටකෝ මේ පැත්තේ ආයේ...!

    @indi
    හෑ !!! එහෙමද? බලමු ආයෙ මුළ ඉඳං කියවලා...!

    @පිස්සා පලාමල්ල
    හික්! වගේ මොනාද චන්ඩියා තමා...ගෙදර බිත්ති හතර මැදදි විතරක්...!

    @නිපුන චාමින්ද
    අනේ සුදු මල්ලි....බැඳලවත් නැති මේ පොඩි අක්කට මිසිස් කිව්වේ ඇයි ඔයා.......!! හුස්ම එහෙම හිර කරගත්තේ නැහැනේද? තැන්කූ මල්ලියෝ....බ්ලොගියගේ බයිලා පේජ් එකේ සාඩම්බර කියවන්නෙක් ලෙස ඔයාව සාදරයෙන් පිළිගන්නවා... පප්පර පෑං...!

    @චමිදේවා
    ඕං මං කිව්වනේ මට නං කිසි දෙයක් දැනුනේ නෑ...! බ්ලොගිය ඔයි වගේ වැඩ කලේ බබා කාලේ...!

    @හිඟන්නා
    අවුරුදු ගානක්....? ලියන්න දෙයක් නැතුව ඉන්නකොට දෙයියො දුන්නා වගේ භූමි කම්පාව...හික්!


    @NUWAN"s lane
    හිකි හිකි....ඒ කියන්නේ කොට්ට මෙට්ට අවුවේ වත් දැම්මද?


    @නිශාචරයා
    තැන්කූ වේවා...! ආවද කියලත් අහනවා..! ආවා ආවා! හැබැයි ඔන්න ආයෙත් කියනවා මට නම් මොකුත් දැනුනේ නෑ.

    @ම
    හප්! මෙයා බලන්නකො ඇඟට පතට නොදැනී කියන ලස්සන.......හැබැයි ඒ වැඩේනම් කරන්න වෙනවා ළඟදීම.. මොකද දැං නංගි මගේ ලැප්ටොප්ස්ගේ මවුස් එක ගන්න පුරුදු වෙලා....!

    @මාතලන්
    ඈ......හෑ....හෑ....ඈ....! මං නෙමේයි.....! ඉහි ඉහි!...හැබැයි ඇත්තටම උනා නං සුනාමි තමා...!

    ReplyDelete
  15. මාත් "♠GaŋGster♠™" වගේ පලමුවතාවට තමා මේ බ්ලොග් එකට ආවෙ.කතාවනම් එල...කොහොම උනත් ඇත්තටම ඇද හේදුවද දන්නේ නෑ.

    ReplyDelete
  16. හිහ් හිහ් හිහ් බ්ලොගි අක්කියෝ මරේ මරු..

    ReplyDelete
  17. <<>>
    හපොයි !! හපොයි !!
    වෙරි වෙන්න සමාවෙන්න.නිප්පාට ප්‍රොෆයිල් එක බලන්ට අමතක උනා නෙ... මිස් ෆා අක්කි...

    ReplyDelete
  18. අනේ ෆා මම ඔයාගේ අලුත් ලිපිය දැක්කේ පරක්කු වෙලා..! මේ සිද්ධිය හැබැටම වුණා නම් මොන තරම් දුකක් අහන්න වේවිද...?
    ඒක නෙවී මම මේ නිකමටයි මේ අහන්නේ..,
    ඇත්තට ම මෙට්ටේ හේදුවා නේද..? [ විහිලුවට හොඳේ ;)]

    ReplyDelete
  19. මාව අන්දන්න හ: එවා කොහෙද මාත් එක්ක.. :D

    අඩා ෆා තා මා මුලා කොලා

    :D*10,000,000

    ReplyDelete
  20. @Lasindu Nadishan Tharuka
    තැන්ක්ස් මල්ලී..පළවෙනි වතාවට හරි ආවා නේ...

    @Dangamalla
    තෑන්කූ දඟ මල්ල..මේ වැරදිලා වත් ඔයාගේ නම අනික් පැත්ත ගහගන්න එපා හොඳේ...(විහිළුවක්)

    @නිපුන චාමින්ද -
    01) සමාව දුන්නා..බැඳපු නැති අයට මිසිස් කියන එක මහා පාප කර්මයක්..
    02) දුන්න සමාව ආපහු ගත්තා.. වැරුද්දක් කොරලා නිවැරදි කරගෙන ආයෙ ඒ වැරුද්දම කරන එක ඊට වඩා ලොකු පාප කර්මයක්

    මුලා කලේ නෑ බොල..ඒ වෙන්ට හබිය..නේ...හිරේ යන්න කලින් හිරකාරයා කියලා නම දුන්නම හරිද? (උපමාවක් පමණි)

    @LishWish
    පරක්කු වෙලා හරි දැක්කනේ සහෝ..ඒ මදෑ

    ReplyDelete
  21. අනේ මාත් මේ පැත්තේ ආවේ සෑහෙන පරක්කු වෙලා... බ්ලොගී නගාගේ මුහුණත් තහඩුව මගේ බ්ලොග් එකේ තියෙනව දැකල ඒ ඔස්සේ තමයි මේ පැත්තේ ආවේ...

    යස බ්ලොග් එක නෙව...

    අපරාදෙ ම‍ෙ ඉස්සර එන්න බැරි වුනේ...

    කමක් නැහැ දැන් ආවනේ ... හිහ්...

    ReplyDelete
  22. වෙල්කම් අක්කා...මටත් මුලදි ඔයාගේ බ්ලොග් එක මිස් උනා.. දැන් ඔන්න මං හැමදාම වගෙ එනවා..ස්තුතියි මේ පැත්තේ ආව‍ට.

    ReplyDelete
  23. පට්ට නෙ......

    මත් දැක්කේ වත් අක්ක්ගේ බ්ලොග් එකෙන් ඔයාව කොහොමද මට ඔයාව මිස් උනේ...

    මරු කතාව..

    ReplyDelete
  24. හුට්ටප්පරයයි !! මෙච්චර කල් මම හිතන් උන්න විදිය වැරදියි වගේ :D | එදා බයිස්කොප් එකේදි කමෙන්ට් එක දැක්කට අද තමා බ්ලොග් එකට ආවේ සොරි ආ... ;)

    ReplyDelete
  25. ඔයා නොකිව්වාට එහෙම වෙලා වගේ

    ReplyDelete
  26. හප්පාාා ඈත්තටම මගේ බාල ​සහෝදරි ඔය වගේමයි..

    ReplyDelete
  27. @ඉලංදාරියා : තෑන්ක්ස් මල්ලියෝ..

    @Dar[K]™ - හෑහ් මොකද්ද මලේ මෙච්චර කල් හිතං හිටියේ.. ඇයි සොරි කිව්වේ...? මට මොකුත් තේරෙන්නැතෝ..

    @NUWAN"s lane - ආයෙත් අහනව ඉතිං..! ග්ර්ර්ර්!

    @නිපු - කොයි වගේ..?

    ReplyDelete
  28. මමත් මේ කතන්දරගේ බ්ලොග් එකේ කොමෙන්ටුවක් දැකල ප්‍රොෆයිල් එක බලල මේ පැත්තට ආවේ. හැබැයි මම නම් ඔය භූමි කම්පාව දැනගත්තේ පහුවෙනිදා උදේ වටේ ගෙවල් වල අය කියන කොට. මාත් ඉතං ඔව් ඔව් අපේ ගෙදරත් හෙල්ලුනා කිව්වා. ඇත්තටම උනාද දන්නේ නෑ.

    ReplyDelete
  29. ළඟදි මොකෝ පෝස්ට් එකක් නැත්තෙ ෆා??

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails