Friday, July 30, 2010

බ්ලොගී ඇන්ඩ් ද පැරට් මැන්ගෝ…! පාර්ට් වන්!

http://www.kickprogram.com/images/sub_colorplate.png

මේ ලියන්නේ මාසෙකට එක පිටුවක් ලියනවාය කියන චෝදනාවෙන් ගැලවෙන්න.. හැබැයි අද ලියන්න යන්නෙත් කලින් පාර වගේම ෆ්ලෑෂ් බැක් ස්ටෝරි එකක්..!

 

මේ සිද්ධිය උනේ බ්ලොගීයගේ පාසල් කාලේ….

ඒ කාලේ බ්ලොගී බදුල්ලේ තිබුන එක්තරා බාලිකා විද්‍යාලයක 7 වසරේ ඉගෙනුම ලබන චූටි පඟර නැට්ටියක්.. දන්නවනේ ළමා කාලයෙයි ටීන් ඒජ් එකෙයි අතර මැද කාලෙ ගෙවෙන ඔය කාලෙට කාගෙ කාගෙත් නැටිලි දැඟලිලි එමටයි නේ.. බ්ලොගියට හිටිය බ්ලොගි ජාතියේ අච්චුවෙන්ම හදපු යෙහෙළියෝ කීප දෙනෙක්.. ඉතිං මේ පඟර නැට්ටියෝ ටික සෙට් උනොත් කොල්ලෝ පරාදයි. කොල්ලෝ නැති ඉස්කෝලේ ඒ අඩුව පුරවන්න ආපේ පන්තියේ කොල්ලෝ උනේ අපි තමා ඉතින්..

 

හරි අපි කතාවට බහිමු කෝ.. ඒ අඹ වාරේ! කොහු අඹද, මී අඹද, ගිරා අඹද ඕනැ අඹ ජාතියක් තියෙනවා ඒ කාලෙට.. දන්නවනේ කෙල්ලො ඔය ඇඹුල් ජාති එක්ක තරහයි කියලා. අනිත් එක අමු කොස් ඇටයක් හම්බ උනත් කන ජාතියේ අමුතු බඩජාරිකමක් නේ තියෙන්නේ ඉස්කෝලේ ඉන්න කොට.. ඉතින් බ්ලොගියගේ පන්තියේ මොන මොන ජාතියේ ඩයල් හිටියත් කෑම කියන විෂයෙදි නම් ඔක්කොමලා එක ජාතියේ තමා.. ඒ වගේම තමා කන වෙලාවට එකමුතු කමත්. වෙරළු ගෙඩියක් කෑවත් පන්තියේ හිටපු තිස්දෙනාම බෙදාගෙන කෑවා.. නිකන් හරි එකෙක්ට බඩජාරි කම වැඩි වෙලා වෙරළු ගෙඩියෙන් ලොකු කෑල්ලක් හපා ගත්තොතින් ඒකගේ බොටුවෙන් හිර කරලා බාගෙට උඟුර මැද්දට ගිය වෙරළු කෑල්ල වමාරවලා අරගෙන ආයේ හෝදල බෙදාගෙන කන්න තරම් දරුණුයි අපේ එකමුතු කම.

 

ඕං ඉතිං එහෙව් වූ බ්ලොගී ගැන්සියේ ක්‍රියා කාරි සාමාජිකාවක් හිටියා දිනූෂා කියලා. බ්ලොගිගේ මැන්ගෝ ෆ්රෙන්ඩ් වෙන මෙයා දවසක් පැරට් මැංගෝ එකක් ගෙනාව පන්තියට. තේරුන්නෑ.?? ගිරා අඹ! ගිරා අඹ! ආං ඒ අඹ ගෙඩියක් ගෙනාවා. මේ අඹ ජාතිය කාපු අය දන්නවා ඇති රස. අමුවෙන් උනත් කන්න පුළුවන් අමුතු රසක් තමා තියෙන්නේ. මේ ගෙනාපු අඹ ගෙඩිය බාගෙට ඉඳිලා. සුව‍‍ඳේ බෑ මුළු පන්තියම.

ඔන්න ඉතින් එක පීරියඩ් එකක් ඉවර වෙලා කට්ටියම සෙට් උනා දිනූෂා වටේට.

ඊළඟ පීරියඩ් එකේ තිබුනේ අපි නොදන්න ඉංගිරීසි. ඉංගිරීසි ටීචර් හරි සැරයි. ඉස්කෝලේ විනය ගැන අපේ විදුහල්පතිනියට වඩා කැක්කුමක් මෙතුමියට තිබුනා..

විනය නීති කඩ කොරලා මේ ටීචර්ට අහුවෙනවට වඩා ගඟක මුදක පැනලා පන නහ ගන්නවා හොඳයි.

ඉතිං එතුමියගේ සංක්‍රමණය වෙන්න කලින් අඹ ගෙඩියේ පොත්තකට හරි වගකියන්න තමා කට්ටියගෙම ප්ලෑන් එක. ඒවා කොහෙද මාත් එක්ක කියලා බෙල් එක ගහන කොටම ඉංගිරීස් ගුරුවරි පන්තියේ.. දැන් ඉතින් මක් කොරන්නද? කට්ටියම විසිරිලා තම තමන්ගේ තැන් වලට ගියා.

ටීචර් පාඩම පටන් ගන්න අතරේ අපේ කෙල්ලො ඇස් වලින් කතාව.. සමහරු රවනවා. සමහරු ඇස් බැමි උඩ දානවා ඇද කරනවා.. සමහරු පාඩමේ ඉන්නවා කියලා පෙන්නන් අසාර්ථක උත්සහයන් වල යෙදෙනවා.. හරියටම බැලුවොත් හැමෝම දිනූෂා‍ගේ බෑග් එකේ ඉන්න ගිරා අඹේ ගාව. දැන් ඇස් වලින් හුවමාරු උන සංඥා වලට අනුව වැඩේ වෙන හැටි මෙහෙමයි. පන්තියේ මැද පේළියේ ඉන්න දිනූෂා අඹ ගෙඩිය අරන් අතින් අතට යවන්න ඕන ඉස්සැරහම පේළියේ එක්කෙනාට. එයා කෑල්ලක් කඩාගෙන අනිත් කෙනාට දෙන්න ඕන. එයා කාලා අනිකාට. ඔහොම පිලිවෙලින් පන්තිමේ අන්තිම පේළිය දක්වා අඹ ගෙඩිය ගමන් කරනවා.. හරි, ඔන්න ඇස් ටෝර්ක් වලට අනුව අඹ ගෙඩිය බෑග් එකෙන් එළයට අරන් පළවෙනි රෝ එකේ පළවෙනියා ගාවට ගියා.. එයා අර බාගෙට ඉඳුන අඹ ගෙඩිය අරගෙන පොතෙන් මුළු මූණම වසන් කරගෙන අඹ ගෙඩිය කටට අරගෙන කෑල්ලක් හැපුවා

 

“කරස්” 

 

ඒත් එක්කම පන්තියේ හැම පේළියෙන්ම තවත් සද්දයක් ඇහෙනවා.. “ගුඩුක්”

 

‍කෙළ ගිලින සද්දේ.. සමහරු අඹ ගෙඩියේ රස දැනිලා වගේ තලු මරනවා.. සමහරු දිවෙන් තොල් තෙමනවා.. දැන්නම් මුළු පන්තියම නොසන්සුන් වෙලා.

දැන් ඉතින් මේ අතර පාඩමත් ගජරාමෙට යනවා කියමුකෝ..එකෙක් වත් පාඩමේ නෑ.හැමොගෙම ඇස් රැඳිලා තියෙන්නේ අර පේළියෙන් පේළියට අතින් අත මාරු වෙන අඹ ගෙඩිය ගාව.. දැන් හිමින් හිමින් අඹ ගෙඩිය බ්ලොගී ගාවටත් ආවාය කියමුකෝ. බ්ලොගී අඹ ගෙඩිය අරන් පියනක් වගේ උඩට අරන්න පුළුවන් ඩෙස්ක් එක ඇරලා ඒ ඇතුළට දැම්මා.. බ්ලොගියට අල්ලපු වැටේ හිටපු එකා සහ අඹ ලෙඩියට කට නොගැසු ඉතුරු පිරිවර බ්ලොගියට අම්බානෙකට රවනවා.. එයාලා‍ගේ ටර්න් එක පරක්කු කරනවාට.

දැන් ටීචර් වාඩිවෙලා කට්ටියගෙම හෝම් වර්ක් බල බලා කරෙක්ෂන්ස් කරනවා.. වැඩි කලබලටක් නැති හැඩයි..බ්ලොගී ඩෙස් එක ඇරලා ගත්තා අඹ ගෙඩිය හෙමිහිට. වහ ගත්තා මූණ පොතෙන්. හිමින් සීරුවේ අඹ ගෙඩිය කට ගාවට ඇරලා පුළුවන් තරම් ලොකුවට කට ඇරලා කෑල්ලක් කඩා ගන්…න ….වා …..!

 

 

ක…. ර ……      බ්ලොගී!!!!  ස්

 

 

 

එනවා ඔය අඹ ගෙඩියත් අරන් ඉස්සැරහට!!!

 

හුටස්!! ටීචර්ට වැඩේ මාට්ටු..! :-(

17 comments:

  1. හුටා කෙලියා නේද තාප්පෙටම :P . ඉතුරු කොටසත් ඉක්මනින් දාමුකො එහෙනම්.


    මාසෙට එකක් ලියනවා කියන අපවාදයෙන් ගැලවෙන්න මාසෙට 2ක් දාලා හරියනවද මම අහන්නේ? :P

    ReplyDelete
  2. හුටා කෙලියා නේද තාප්පෙටම :P . ඉතුරු කොටසත් ඉක්මනින් දාමුකො එහෙනම්.


    මාසෙට එකක් ලියනවා කියන අපවාදයෙන් ගැලවෙන්න මාසෙට 2ක් දාලා හරියනවද මම අහන්නේ? :P

    ReplyDelete
  3. අහන්න එපායෑ ඇයි ටීචටත් කෑල්ලක් ඕනෑද කියලා.......:)

    ReplyDelete
  4. මරු වැඩේ ඩියර්
    ගොඩ කාලෙකින් දැක්කේ

    ReplyDelete
  5. @දසුන් මධුසංඛ වානගුරු

    තමුන්නැහේ දැක්ක කල් කියලා තමයි මට කියන්න තියෙන්නේ...

    @බ්ලොගී..

    හුටස්...

    ReplyDelete
  6. @roylyfernando
    ඕන්න මාසෙට පෝස්ට් තුනක්ම දැම්මා..දැන් අර අපවාදයෙන් මම සම්පූර්ණයෙන් නිදහස්.. ඕං ඉතුරු කොටසත් දැම්මා. නිවාඩු පාඩුවේ බලන්නකෝ.. දැන් වැඩත් වැඩියි නේ? නේද?? හිහි..

    @shadow
    හෆොයි!! අහන්නම තිබුනා නේන්නම්..
    එක්ස්කියුස් මී ටීචර්! වුඩ් යූ ලයික් අ පීස් ඔෆ් මැන්ගෝ?
    එහෙනම් බ්ලොගියට වෙන ඉස්කෝ‍ලයක් හොයා ගන්න වෙනවා ෂුවර්..

    @දසුන් මධුසංඛ වානගුරු
    හ්ම්!! මමත් මාරයා එක්ක එකඟයි.. කොහෙද අප්පේ මෙච්චර කල් ගිහින් හිටියේ? නැවත ආපු එක ගැන නම් සන්තෝසයි. :-)

    @මාරයාගේ හෝරාව
    හුටස් තමා.. කියවමුකෝ දෙවනි කොටසත්!!

    ReplyDelete
  7. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු
    (යන්තන් මොනා හරි ලියල යන්න ඇවිත් බ්ලොගී)

    ReplyDelete
  8. මදැයි අඹ කන්න ගියා ....

    ReplyDelete
  9. @කොඩි..
    ආං බලහල්ල කෝ.. කොටස් දෙකකට ලියලත් මේක කියපි යන්තමට ලියල කියලා.. ඉහි ඉහි. ඇයි මට එහෙම කි..ව්වේ ඇ හෑ හෑ..

    @Unknown_User/හිඟන්නා
    හිහි.. කොහොම හරි අඹ ගෙඩියෙක් තුන් කාලක්ම කාගත්ත නොවැ.

    ReplyDelete
  10. @ෆා
    සමාවෙන්න ලොකු සහෝදරී අනිත් කොටහ දැක්කේ පස්සේ...
    අනික මං එහෙම කිව්වේ සෑහෙන්න කාලෙකට පස්සේ නේ බ්ලොග් එක පැත්තේ දැක්කේ :D

    ReplyDelete
  11. @කොඩි
    අනේ! ඉට්ස් ඕකේ සහෝ..

    ReplyDelete
  12. හුටා කෙලියා නේද තාප්පෙටම :P

    ReplyDelete
  13. ඊලඟ කොටසත් කියවලාම එන්නම්

    ReplyDelete
  14. හක් හක් හා..
    නියමයි..

    ReplyDelete
  15. මගේ කටටත් කෙල ඉනුවා මොකෝ ඉස්සර අපි හිටිය ගෙදරත් ගිරා අඹ ගහක් තිබ්බා . . ගෙඩියක් වැටෙන කොට නැට්ටෙන් ගැලවිලා බිමට වැටෙන්න කලින් අපි (අකක්යි මායි නංගියි ) ගහ පාමුල

    ReplyDelete
  16. හික් හික්... සුරුස්!!.. සොරි හොදේ කෙල ටිකක් පෙරුනා.. හික් හැක්!!

    ReplyDelete
  17. ඔය බෙදාගෙන කෑම ගුරුතුමී එක්කත් කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ...

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails