Friday, July 30, 2010

බ්ලොගී ඇන්ඩ් ද පැරට් මැන්ගෝ…! පාර්ට් ටූ

හෆොයි පුදන කොටම කාපි යකා වගේ කන කොටම පුදපි ටීචර්..

 

ටීචර්

හහ් මං බලාගෙන හිටියේ..!! එනව මෙහෙට ඔය අඹ ගෙඩියත් අරන්”

කවුද දන්නේ අර කණ්නාඩි පොලු වලට යටින් තිබ්බ ඇස් වලින් අපේ හෝම් වර්ක් බලනවා කියලනේ මම හිතුවේ.. ටීචර බලන් ඉඳලා තියෙන්නේ බ්ලොගී දිහාවේ නොවැ. බ්ලොගීය බාගෙට කාපු අඹ ගෙඩියයි හපා ගත්ත අඹ කෑල්ල කටෙයි තියාගෙන ටීචර් ගාවට ගෑටුවා.. හනේ බුදු ටීචර් මැඩම් ගාවට නම් එක්ක යන්ට එපා..…. හෑ හෑ හෑ.. බ්ලොගී ගේ හිත වැළපෙනවා.. වස ලැජ්ජාවයි..දැන්.

 

දණගහගෙන කනවා ඔය ඉතුරු ටිකත්!! අනික් අයට පේන්න!!

 

ආාාා, ඔය ඇත්තටමද ටීචර්! අනේ මයේ දෙයියා!!උම්මා උම්මා..

බ්ලොගී ටීචර්ට දුන්නා තොත්තු ගොඩක්..හැබැයි හිතෙන්..!! ඇයි අප්පා.. අර ලෝබ කමෙන් පෙරේත කමින් තිස් දෙනෙක් බෙදා ගෙන කන්න හිටි අඹ ගෙඩියම තනියෙන් බ්ලොගීයට කන්න කිව්වම කොහොම හිටීද?

ඉබ්බා වතුරට දානකොට ඇන්නෑවේ කිව්වලු..බ්ලොගියත් හරි බරි ගැහිලා දණ ගහගෙන අඹ ගෙඩියට දෙනවා වැඩේ.. ම්ම්ම්ම්ම…මෙහෙමත් රසක්.. බ්ලොගිය තලු මර මර අඹ කනවා.. ටීචර් පොත් ටික බෙදලා පාඩමකුත් පටන් ගත්තා.. කෙල්ලෝ ටික රවනවා රුවිල්ලක් බ්ලොගියව දියවෙලා යන්න.. හරි වැඩක්නේ මං මොනවා කරාටද?  අඹේ රසට බ්ලොගියට දණගහගෙන ඉන්නවා කියලත් අමතකයි..! දහසක් රුවුම් ගෙරවුම් මැද්දේ දැන් බ්ලොගිය අඹගෙඩියටම වග කියන අතරෙම ඉංගිරීස් පාඩමටත් ඇහුන් කම් දෙනවා.. අඹ කනවා වගේ නෙමෙයි නේ.. පාඩම මිස් උනොත් එහෙම.. දැන් යාළුවෝ ටික ඉන්න තත්වෙට ටීචර් ගියාට පස්සේ පාඩම ගැන අහගන්න ගියොත් මැරුං කන්නයි වෙන්නේ.

අද පාඩමත් හරිම ඉන්ට්‍රස්ටින්ග්..! අපි මොනවා හරි දෙයක් කරන්න කලින් අනිත් අයගෙන් අවසර ගන්නේ කොහොමද?

එක්ස්කියුස් මී! මේ අයි බරෝ යුවර් පෙන් ප්ලීස්!!

මේ අයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස්!!

අඹ ගෙඩියේ රසටමද මන්දා බ්ලොගිට පාඩමත් හොඳට ඔළුවට නැග්ගා.. ඉතින් බ්ලොගිත් ඔළුව වනා වනා පාඩමට ඇහුම්කන් දෙන ගමන් අඹ ගෙඩියේ රස වින්ඳා..

 

ඒ අතරේ ඔහොම කොහොම හරි අඹ ගෙඩිය ඉවර උනා කියමුකෝ දැන් තමා බ්ලොගියට දණගහන් ඉන්ට බැරි අමාරුව මතු උනේ.. අඹ ඇටෙත් අතේ තියාගෙන ඇඹරි ඇඹරි ඉන්න බ්ලොගී දිහාවේ මුළු පන්තියම කිණ්ඩියට වගේ බලං ඉන්නවා..මුංට ඊරිසියාව.. පීරියඩ් එක ඉවර වෙන්න තව පැය භාගයක්ම තියෙනවා. එතකලුත් දණගහගෙන හිටියොත් කලන්තයක්වත් දානවා. දනිස් පොල් කටු ඇදුම් කනවා.. මොකද කරන්නේ කියලා කල්පනා කර කර ඉද්දි බ්ලොගියට අධ්‍යාපනයට අධිපති යැයි සැළකෙන ගණ දෙවි නුවණ පහළ උනා..

ඉංගිරීස් ගුරුතුමී හරිම කැමති කවුරු හරි එයත් එක්ක ඉංගිරිසයෙන් කතා කරනවනම්..

පන්තියේ උනත් ඉංග්‍රීසි වලට වැඩිම ලකුණු ගන්න ළමයාට ටීචර්ගේ හොඳම ගොට්ට වීමේ වාසනාව ලැබෙනවා. ඉතින් බ්ලොගිය හිතුවා ටීචර්ගේ මේ වීක් පොයින්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්න.. හිරි වැටුන කකුල් දෙක දිග ඇරලා නැඟිට ගත්ත බ්ලොගී අමාරුවෙන් ටීචර් ගාවට ගියා.. ළමයි ටික ඇස් උඩ දාගෙන බලං ඉන්නවා බ්ලොගී මොකද අවසර නැතුව නැගිට්ටේ කියලා. ටීචර්ත් බැලුවා බ්ලොගී දිහාවේ.. හිතට දහිරිය ගත්ත බ්ලොගී ටීචර්ට වැඩ කෑල්ලක් පෙන්නමී කියලා හිතාගෙන එහා පන්තියටත් ඇහෙන්න ටීචර්ගෙන් මෙහෙම ඇහුවා..!

 

එක්ස්කියුස් මී ටීචර්! මේ අයි ත්‍රෝ දිස් අඹ ඇටස් ඇන්ඩ් කම්!!

 

(ඌප්ස් !! කර ගත්ත මෝඩ කමක්!! ටීචර්ගේ මූණ වෙනස් උනා බොහොම දරුණුවට)

 

 යූ ජස්ට් වෙයිට්

 

B..L..O..G..G..Y..YOU..JUST..WAIT!

 

45 comments:

  1. ඊට පස්සෙ මොකෝ වුනේ?????????????

    ReplyDelete
  2. ටීචර්ගෙ මූණත් අඹ ඇටස් එකක් වාගෙ උනාද?....:)

    ReplyDelete
  3. @ආදර කතාව
    මොනවා වෙන්නද? ටීචර්ගේ ස්ටුඩන්ට් බ්ලැක් ලිස්ට් එකට බ්ලොගියත් ඇඩ් උනා!! හිහි..

    @Shadow
    නෑ..තැලුන අඹ ලෙල්ලක් කියන උපමාව ඊට වඩා ගැළපෙනවා..හික්!

    ReplyDelete
  4. හික් හික්.. ලොවෙත් නෑ :D

    ReplyDelete
  5. හික් හික් බ්ලොගීත් බලන් යද්දි දඟ මල්ලක් වගේ හික් හික්....

    ReplyDelete
  6. කතාව නම් නියමයි.මට තාමත් හිනා :D (එක්ස්කියුස් මී ටීචර්! මේ අයි ත්‍රෝ දිස් අඹ ඇටස් ඇන්ඩ් කම්!!)

    :D :D

    ReplyDelete
  7. හක හක හක ...........

    ReplyDelete
  8. හැබෑට මන් නම් හිතන්නේ පිරිමි ලමයි ඉන්න ඉස්කෝල හොඳයි කියලා :-D

    ReplyDelete
  9. @කොඩි
    ලොවි ගහෙත් නෑ..

    @පිස්සා පලාමල්ල
    යන්තමට! වැඩිය නෑ.. ගෑණු උනහම දඟ වෙලත් බෑනේ! :-)

    @සඳුන් නිලංක
    තැන්කූ මලේ..

    @Unknown_User/හිඟන්නා
    හෆොයි. හිනාව..!! හිහිහි!

    ReplyDelete
  10. U Just Wait!! කියන එක පොඩිකාලේ හොදට අහල තියෙනවා!! ‍ඒත් මේ Bloggy කෑල්ල තමයි අහල නැත්තේ.
    හික් හික්.

    ReplyDelete
  11. @ම
    ඔය වයසට කවුරුත් එක වගේ නේ. ගැහැණු පිරිමි වෙනසක් නෑ.

    ReplyDelete
  12. මන් දෑනන් හිටියෙ නෑනේ බ්ලොගී අඹ කන්න මේ තරම් ---කියලා.එවන්නද කර්තකොලොම්බන් ලොරියක්ම

    ReplyDelete
  13. @ගයාන් තාරක
    මේං තියෙන්නේ පොඩි කාලේ අහපු එක..

    @NUWAN"s lane
    අනේ හැබෑටමද? සතුටින් දෙන දේට කොහොම එපා කියන්නද?:)

    ReplyDelete
  14. අඹ ඇටස් කිවුවහම මට සිරසෙ ගිය රජ කඩුවෙ dial එක මතක් වුනා.හික් හික් නියම කතාව.මරු ආහ්.ආහ් තව එකක් ගැනු ලමයි පොඩි කාලෙ විතරද ඔය ඇබුල් දැක්කම කෙල ගිලින්නෙ.මම නම් හිතන්නෙ නැහැ

    ReplyDelete
  15. @පුබුදුවා
    හෆෝ නෑ.. ඔය ඇඹුල් කෑමේ ආසාව ගෑණු ළමයින්ට මැරෙනකල්ම තියෙන දොළදුකක්. හිහි..!!

    @මාරයාගේ හෝරාව
    හිහික්!

    ReplyDelete
  16. චැහ් ඒ මිස්ට හිතෙන්න ඇති මුංට ඉංග්‍රීසි ඉගැන්නුවට වඩා හොදයි කියලා :පී අඹ ඇටස් !!

    ReplyDelete
  17. ටීචර් ගෙන් වැඩක් නෑ ඒක නම් හිතා ගන්නත් බැරියග යාළුවන් ගෙන් ලැබුන සත්කාරය කොහොමද? ආපහු බෙල්ල මිරිකලා ගන්න හැදුවේ නැද්ද?

    ReplyDelete
  18. අෆ්ෆට සිරි...අර කාර්ටුන් එක නම් මම ඉස්සර නොවරදවාම බලනවා :D

    ReplyDelete
  19. ආ... දැන් අඹ කාලා දඬුවමුත් විඳලා ඉවරයිනේ... ඉතිරි ටිකත් කියනවද...? අර යාලුවෝ එහෙම මොකද කලේ කියලා...

    ReplyDelete
  20. @Dar[K]™
    හිහි!! හරි නම් ටීචර් ආඩම්බර වෙන්න ඕන බ්ලොගී ගැන..
    කියල දුන්න පාඩම එවෙලෙම භාවිතයට ගැනීම ගැන

    @priyantha.ඒබී
    සොරි තමා. ඒ වෙන කොට අඹ ගෙඩිය බඩේ නිසා බේරුනා.

    @Bunny !
    මම ඊයේ එපිසෝඩ් දෙකක් බාගත්තා බලන්න. හා ඔයාගේ නෑයෙක්ද කොහෙද ඒකේ ප්‍රධාන චරිතයක් රඟපානවා නේද බනී?

    @චමිදේවා
    කතාව නම් දි එන්ඩ්. හැබැයි යාළුවෝ ගැන කියනව නම් ඊට පස්සේ එයාලා බ්ලොගීව බෙදාගෙන කන පෝළිමේ අන්තිමයා කලා.

    ReplyDelete
  21. " අඹ ඇටස් " ගැන කියන්න ගිහින් චට පටස්ද ?. පට්ටම තමා

    ReplyDelete
  22. හිකිස්.... අපොයි නගේ.... අඹ ඇටස් ! හිකිස්.... සෝයි කතන්දරේ ආ....:-)

    ReplyDelete
  23. @හෙළයා - හිහි නැත්තෙත් නෑ..ඒ පාට් එක බලධාරියා විසින් කපා හරින ලදි (මමම තමා බලධාරියා)

    @ජීවිතේමල් - තැන්කු අක්කේ!

    ReplyDelete
  24. මරු පෝස්ට් එක..
    කාලෙකින් අදයි බ්ලොග් පැත්තෙ ආවේ.
    ඔන්න කියෙව්වා..
    :)

    ReplyDelete
  25. හා හා හා... හරිම ලක්සන කථාව... හිනාවෙලා පන යනවා....

    ReplyDelete
  26. " අඹ ඇටස් " = Mango Nut

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. කස්ටියාට් දෑන් ගන්න ඕන ඊලඟට මොකෝ උනේ කියලනේ . .

    මෙන්න මෙහෙමයි . .

    ටීචර් ගත්තා බ්ලොගීගේ කකුල් දෙකෙන් උස්සලා . .

    අත් දෙකෙන්ම බ්ලොගීගේ කකුල් දෙක අල්ලගෙන කැරකෙව්වා වට තුනක් . . .

    ඊලඟට උසි කපුටෝ උසී කියලා වීසි කලා කැලේට . .

    හික් හික්

    ReplyDelete
  29. අයියෝ එච්චරද?... එලටම ගියානේ ස්ටෝරිය.. ටීචර් අඹ ඇටේ ගිල්ලෙව්වද දන්නෑ..

    ReplyDelete
  30. දන ගහන්න වෙච්ච එක පිටින් දාලා අඹ ගෙඩියම කෑවා නේ...

    ReplyDelete
  31. හිහ් හිහ් හි.හලි ශොයි

    ReplyDelete
  32. මේක අහල මට ආගිය අතත් කකුලත් හොයාගන්න බැරිවුණා...
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

    ReplyDelete
  33. ආප‍්ට යූ ත්‍රෝ දැට් අඹ ඇටස්.., වට් හැපන්ටඩ් [අතීතකාල ක්‍රියාපද] ..?

    ReplyDelete
  34. දිරි දැරියෝ, පිං ලමයා, රන් සමනලියෝ
    මේ පොත් කියවල තියෙනවද ? ලේඛිකාවගේ නම මතක නෑ.
    ඒ පොත් මතක් උනා මේ කතාව කියවද්දි. ඒ වගේම තමා Enid Blyton ගේ st.clairs, malory towers

    ReplyDelete
  35. හි හී ඔයින් ගියා මදැයි අඹ ඇටේ ගිල්ලවන්නේ නැතිව :D

    ReplyDelete
  36. අප්පේ... මේ අඹ ගෙඩිය ගැන අහල මගෙ කටට කෙල පිරුනා...

    ReplyDelete
  37. හේ මට මැවිලාපෙනවා .......

    හුගදවසකට පස්සේ හිනාඋනේ.......

    ReplyDelete
  38. යකඩො, මෙහෙමත් අඹ කනවද . ඔහොම කනකොට කෙල්ලන්ට විතරක් නෙමෙයි අපිටත් කටට කෙල උනනවනෙ . . . . අපරාදේ අඹ ඇටේ . . . !

    ReplyDelete
  39. මරේ මරු අඹ කෑම..ඉතින් ඉතින් ඊට පස්සෙ..?

    ReplyDelete
  40. කොමැන්ට් වලට කොමැන්ට් දාන්න පරක්කු වීම පිළිබඳ පළමුව සමාව..

    කාලෙකින් මේ පැත්තේ ආපු මේ පෝස්ට් එක කියවපු Ansh ටත්, කියවලා හිනා වෙලා පණ ගිය Pathumටත්,
    වරද්දපු වචනෙ හරියට කියපු SL ටත්,
    බ්ලොගියට ඊළඟට වෙච්චි හදිය අනුමාන කල දුකා අයියා සහ සනා ටත්,
    අඹ ගෙඩියම කෑමේ චෝදනාව එල්ල කල änthräXටත්,
    බ්ලොගීගේ පුවත ශෝයි කියපු dangamallaටත්,
    කියවලා අත පය හොයාගන්න බැරිවෙච්චි sansarasidu ටත්,
    බ්ලොගීට කියන්න බැරි ඊළඟ කොටස අහපු LishWish ටත්, අගනා පොත් කීපයක් ගැන හොඩුවාවත් දුන්න තරිඳුටත්,
    බ්ලොගී අඹ ඇටේ ගිලපු නැති එකට සතුටු උන හසී නඟාටත්,
    අඹ ගෙඩිය ගැන අහලා කටේ කෙල පිරුණු මධූටත්,
    හුඟ දවසකට පස්සේ හිනා උන ඉලංදාරියටත්,
    අඹ ඇටේ ගැන දුක් උන දූමී අයියටත්,
    ආයෙත් කියන්න බැරි කතාව අහන කැන්ඩිටත් බොහොම බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් අදහසක් දක්වලා ගියාට...........!
    (මේකේ වැරදි තිබුනොත් කමා කරත්වා)

    බ්ලොගීගේ තවත් වීර ක්‍රියාවත් ළඟදීම...........!

    ReplyDelete
  41. ශා.. පට්ට.. පට්ට.. කතාව මරේ මරු බ්ලොගි අක්කියෝ.. හොහ් හොහ් වෙරි නයිස්.. මම දැන් තමා බ්ලොගිගේ ඩයරිය කියව්වෙ.. ඔන්න මාත් ඔයාව දැන් ඉඳලා ලුහුබඳින්න පටන් ගන්නවා..

    එක නෙමේ මේ බ්ලොගි කියන්නෙ මේ අපේ ibuntu කුශාන් අයියාගේ ප්‍රියම්බිකාව නේද?

    ඔයාගේ අන්තිම පෝස්ට් එකට සති 3කුත් වෙලා.. ඉක්මනට තව 1ක් දාන්ඩ.. මම මුලු ඩයරියම බැලුවා.. නියමයි.. බ්ලොගිට තව වැඩි වැඩියෙන් ලියන්නට ලැබෙවා.. එහනම්
    ගෙහුං එඤ්ඤං..

    ReplyDelete
  42. තෑන්ක්ස් මල්ලි..
    බයිද වේ! බ්ලොගී යනු අහවලාගේ අහවලා තමා හෙ හේ!! :)
    හෙටම පෝස්ට් එකක් දාන්න ඕන.. එන්නකෝ මේ පැත්තේ ආයේ..

    ReplyDelete
  43. හික් හික් සෝයි කතාව.. :D
    ඇයිදැං ලියන්නැත්තෙ.. ආයෙ පටන් ගන්ටකො.. අහම්බෙන් ආවෙ මෙහාට

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails