Monday, August 30, 2010

බ්ලොගීස් ග්‍රෑන්ඩ් මදර්ර්ර්ර!!

හෆොයි මාසෙට එකක් වත් ලියන්නැති වෙනවා තව ටිකකින්..

මේ ලියන්න යන්නේ මගේ ස්වීට් ස්වීට් ආච්චා ගැන.. ස්වීට් කිව්වට අවුස්සගත්තොත් බඩුම තමා.. කනෙන් ලේ හැලෙනකල් අහගන්න පුළුවන් ලුණු ඇඹුල් ඇතුව. ඉස්සර මං ආච්චා එක්ක වලියක් දාගත්තොත් කෑගහනවා නපුරු ආත්තම්මා! නපුරු ආත්තම්මා!  කියලා.


අපේ ආච්චට ලස්සන නමක් තිබුනත් පුංචි කාලේ ඉඳන්ම ආච්චිට පවුලේ හැමොමයි නෑදෑ පිරිවරයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ “චාබේ” කියලා . මැලේ බාෂාවෙන්  “චාබේ” කියන්නේ මිරිස් වලට… ඉතින් අපේ ආච්චි පොඩි කාලේ ඉඳන්ම මිරිස් කරල වගේ සැරැයිලු. ඒ නිසයි එයාට ඒ නම වැටිලා තියෙන්නේ.  සමහර අවස්ථාවල අපි උනත් වැඩිය දන්නැති නෑදැයෙක්ට අපේ අනන්්‍යතාවය පැහැදිලි කරන්නේ චාබේ ආච්චිගේ මුණුබුරා/මිනිබිරි කියලා.. එතකොට ඕන යකෙක් අපිව අඳුරා ගන්නවා.


ඉතින් අපේ මේ ෂෝයි ආච්චම්මාත් එක්ක අපි ඔහොම සතුටින් ඉන්න කොට දවසක් අපේ මහගෙදරට අපේ පුංචිගේ නැන්දම්මා ඇතුළු සහපිරිවර නෑගං ආවා.. එයාලා ඉන්නේ කොළඹ.. ඒ වගේම හරිම පොෂ්!! වචන පහක් කතා කරොත් ඉන් වචන තුනහමාරක්ම ඉංගිරීසි තමා.. 
ඒ පවුලේ ආච්චිලා සීයලා අංකල්ලා ඇන්ටිලා, කොටින්ම අළුත උපන් බබා ඇඬුවෙත් ඉංගිරිසියෙන් ..  ඉතින් පොඩි කාලේ බ්ලොගියට ඉංගිරීසි අරහං. බ්ලොගී බයේ හැංගිලා හිටියේ කොයි වෙලේ හරි මේ ආපු ගැන්සියේ පොරක් බ්ලොගී එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ගනී කියලා. ඉතිං.ඒ දවස් වල බ්ලොගියව ගෙදර අහල පහලියක වත් දැක ගන්න හරි අමාරුයි. හැංගිලා වගේ හිටියේ. බඩගිනි උනොත් විතරක් මීයෙක් වගේ සුරුස් ගාලා කුස්සියට ගිහින් කෑම කාලා ආයේ කාමරේට රිංග ගන්නවා.. 


ඒ පවුලේ ආච්චම්මා නං අඳින්නේ  කොට කලිසම්.. මටයි අයියලටයි නර ලොව හොල්මන් වගේ ඉතින්…!  ඒත් ඉතින් අපිට මොකෝ.. තම තමන්ගේ කැමැත්ත නේ.. ඒ වගේම එයාලා හරි හොඳ මිනිස්සු.. ඉතින් ඔය පොෂ් රොත්තම ටික දවසක් ගෙදර ඉඳලා ගියා කියමුකෝ. දැන් අපේ ගෙදර අයටත් මේ හුළං වැදිලා ටික ටික. හුළං වැදිලා ලෙඩේ තද වෙච්චි පුංචි දාපංකෝ නිතීයක් ළමා ළපටි හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරපන් කියලා.. මළකෙලියයි!!  දැන් මොකෝ කරන්නේ..


අනේ එදා ඉඳන් ගෙදර දෙවනත් කරගෙන හිටුපු අයියලා නංගිලා රොත්ත මීයට පිම්බා වගේ.. ඉඳලා හිටලා කතා කරත් යස් නෝ ඇරෙන්න ඉතුරුවා රහසින් ඇහෙන නෑහෙන ගානට තමා කියවෙන්නේ. කතාව ඒක නෙමේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් නේ.. ඉතින් පුංචි නම් ඉංග්‍රීසියෙන් කතා කිරීම අකුරටම කලා ( හැබැයි එයත් එක්ක කතා කරන්න කවුරුත් හිටියේ නෑ)
මේ නීතිය අපේ අසරණ ආච්චාටත් බළපෑවා. හැබැයි අපිට තරම් නෑ. එයාට සිද්ද උනා කතා කරන වචන අතරින් පතරට හරි ඉංගිරීසි වචනයක් දෙකක් එම්බඩ් කරගන්න. හැබැයි එයා නම් ඒ වැඩේ කැමැත්තෙන් කරේ. ඇයි අප්පා අර ඇවිත් ගිය ආච්චි (පුංචිගේ නැන්දම්ම) දැක්කමඉරිසියා හිතෙනවා නේ. සෝයි කොට කලිසමකුත් දාලා අත් කොට බ්ලවුස් එකක් දාලා ඉංග්‍රීසියෙන් චට පට ගාලා කතා කරන කොට ආසා හිතෙනවා අප්පා අපිටත් එහෙම ඉන්න ඇත්නම් කියලා..


ඔන්න ඉතින් ඔය දවස්වලම දවසක පුරුදු විදියට ගෙදර ලමා ළපටි ටික ඉස්කෝලේ ගිහිනි ඇවිත් ඇඳුමත් මාරු නොකර මූණ (‍නො)සෝදා බත් කන්දට වග කියන්න පටන් ගත්තා.. ‍ මේ අතරේ ආච්චම්මා එයාගේ පරණ යාළුවෙක් එක්ක කතාව.. ඒ යාළුවත් ආච්චිගෙම වයස. නම ඇල්බට් ආච්චි. දැන් දෙන්නගේ කතාව දිගටම යන අතර අපිටත් ඒ කතා ඇහෙනවා..


ඇල්බට් ආච්චි – අනේ අක්කේ බලන්න කෝ මේ දවස් වල පෑවිල්ල. ඇස් ගිනි කනවා නේද


ආච්චම්මා – ඔව් නංගි, මගේ මල් පැල ඔක්කොම මැරිලා . කොච්චර water දැම්මත් වැඩක් නෑ..


ඇල්බට් ආච්චි – රට ඉන්න දූලා ලියුම් එහෙම එව්වද අක්කේ..



ආච්චම්මා – නෑ එයාලා දැන් ලියුම් දාන්නෑනේ. අපේ පොඩි දුවගේ සෙල්ටෙක්(ඒ කාලේ සෙල්ටෙල් නේ තිබුනේ)  එකට තමයි කතා කරන්නේ..

ඇල්බට් ආච්චි –අපේ පුතත් ලියුම් එව්වේ නෑ ගොඩ කාලෙකින්.. දැන් මාසයක් විතර ඇති.



ආච්චම්මා – ඇත්තද? මේ කාලේ තැපැල් climate එකත් එච්චර හොඳ නෑනේ නංගි.

හෆොයි තැපැල් ක්ලයිමේට් එක!!!


භාවිතා කරපු වචන කෙසේ වෙතත් ආච්චි කියන්න අදහස් කරපු දේ කියවුනා මං හිතන්නේ. ..! 

ප.ලි - පසුව කඩු හරඹ ඔස්තාර් පැංචිගෙන් අසා දැන ගත් පරිදි ආච්චි නිවැරදි බව ඔප්පු විය..

33 comments:

  1. ආච්චම්මා මරුනේ......:)))))

    ReplyDelete
  2. යන්තන් එහෙම නම් මේ මාසෙට එකක් දාලා හික්z

    එනිවේ පොස්ට් ඉස් සුපර්බ්z !! තැපැල් climate :P

    [මාසෙටම එකක් නොදා දෙකක්වත් ලියනවා නම් ...]

    ReplyDelete
  3. හොව් හොව් පොඩ්ඩක් !! ඔය ලියපු දෙබස් ටිකේ පොඩි අමුත්තක් තියේ වගේ O.o අන්තිම හරියට එනකොට ඇල්බට් ආච්චි විතරනේ කතා කරලා තියෙන්නේ

    ReplyDelete
  4. මොකද්ද වදේ "තැපැල් climate" එක කියන්නේ?
    මට නම් තේරුනේ නෑ ඕන් :-D

    ReplyDelete
  5. Shadow/හේමලයා >> ආච්චි නම් මරු තමා..හිහි

    Dar[K]™ >> හෆොයි දෙවියනේ ලොකු මිස්ටේක් එකක්. තැන්කූ මල්ලි පෙන්නලා දුන්නට. ඔන්න හැදුවා. හ්ම් පෝස්ට් දෙකක් දාන්න නේ. අර හිතන කොට ටයිප් වෙන මැසිම කවුරු හරි හොයා ගත්ත නම් පුළුවන් වෙයි හිකිස්!!

    ම >> ඒ කාලේ තැපැල් දෙපාර්තමේන්තු සේවකයෝ වර්ජනය කරපු කාලයක්. ඉතින් ලියුම් ඩිලිවර් වෙන්න හෙන කාලයක් යනවා. ආං ඒ වාතාවරණය තමා අපේ ආච්චා ඇල්බට් ආච්චිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ.. හිහිහ්!

    ReplyDelete
  6. එලකිරිස්.... තැපැල් වෙට්ද ඩ්‍රයිද කියලා කිව්වෙ නැද්ද?

    ReplyDelete
  7. අපේ පොරක් සුද්දෙක්ට දඹුල්ලේ අර තඹ හැලිය ගැන විස්තර කරපු හැටි මතක් උනා.

    " ගල අස්සෙන් water coming. තඹ හැලියට 'ටාං -ටාං' "

    ReplyDelete
  8. හික් හික්..
    නියමයි

    ReplyDelete
  9. අභීත >> හිහි! එළකිරිස් නම් තෑන්ක්ස්!

    තරිඳු >> ආන්න ඒ වගේ තමා හිහික්!

    Ansh >> තැන්කූ! තැන්කූ!

    ReplyDelete
  10. සිරා සිරා.. දැනුත් ඔහොම ආච්චිලා හොයාගන්න නම් මහලොකු අමාරුවක් නැතිවෙයි...

    ReplyDelete
  11. අඩේ ශෝක් ආච්චි අම්මා ......

    ReplyDelete
  12. හක් හක්... පට්ට... හැබෑට කවුද අර ඇල්බට් ආච්චිට ඒ නම දාලා තියෙන්නේ. පට්ට නම.

    ReplyDelete
  13. :) වට්ට අච්චම්මා යූ හැව් ආ..........

    ReplyDelete
  14. අෆ්ෆච්චියෙ...මාර ආත්තම්මෙක්නෙ :D

    ReplyDelete
  15. එතකොට තැපැල් 'කාලගුනේ' ? ගැලපෙන්නෙ නෑනෙ !

    ReplyDelete
  16. ආච්චි ඉංගිස් පංතියක් එහෙම දාන්න කල්පනාවක් නැද්ද දන්නෑ නේ. කොච්චර දුර උනත් මම පයින් හරි එනවා. :) ලේ පිරිසිදු වෙන්න ටිකක් හිනාඋනා.

    ReplyDelete
  17. හිහිහි....

    එතකොට දැන් කොහොමද චාබේ ආච්චිගෙ ඉංග්‍රිසි භාවිතය එහෙම...?

    ReplyDelete
  18. හික්ස් විත් ලොල්ස්....ඇන්ඩ් පට්ට විත් මැක්සා‍‍‍....

    ReplyDelete
  19. එල එල ඇති යාන්තන් 1ක් ලියලා..

    කඩුව පොලිශ් කරගන්ඩ චාබේ ආච්චාගෙන් පසුකාලීනව සෑහෙන්ඩ මෙව්වා 1ක් ලැබෙන්ඩ ඇති නේද? හොහ් හොහ් ...


    (මෙව්වා 1ක් යනු අවස්තානුකුලව "සෑහෙන බකප් 1කි")

    ReplyDelete
  20. ආගන්තුකයා | Stranger >>
    අපොයි ඔව්.. හැබැයි දැන් ටිකක් ආච්චිලාව අඳුර ගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා

    Unknown_User/හිඟන්නා >>
    හිහි! සෝයි නේ..!

    කුෂාන් ඇස්. වන්නිආරච්චි >>
    ඒ එයාගේ හස්බන්ඩ් සියාගේ නම.. මිසිස් ඇල්බට්!

    RanDil >>
    යප්! ෂීස් ද වන්!

    ReplyDelete
  21. Bunny >>
    මාරයි නේන්නම් හිහ්!

    දුමී >>
    හ්ම්! මමත් හිතන් හිටියේ එහෙම තමා අයියණ්ඩි. ඒ උනාට Climate කියන වචනේ වාතාවරණය කියන තේරුමටත් භාවිතා වෙනවලු.

    änthräX >>
    ඉංග්‍රීසි පන්ති කෙසේවෙතත් Gardning ගැන නම් ආච්චි ඔස්තාර් කෙනෙක්, හිහි!

    හසී >>
    හිහි!

    චමිදේවා >>
    දැනුත් ඉඳලා හිටලා ඔය වගේ වචන දාලා අපිව හිනස්සනවා.
    වැඩිය ඕන නෑ කීර්ති කියන නම කියන්නෙත් ක්‍රීති කියලා.

    හසියා >>
    හිකිස් විත් තෑන්ක්ස්!

    කැළණිතිස්ස >>
    අනි අනි..
    කඩුව කෙසේ වෙතත් ගෙදර දොරේ අනික වැඩ වලට පුරුදු වෙන්න නම් මාරම මෙව්වා එකක් ලැබුනා තමා...

    ReplyDelete
  22. :D සස්සන සීන් එක !!!

    ReplyDelete
  23. පැරට් මැන්ගෝ ඉවරද ?

    ලස්සන වචන සෙට් එක තැපැල් Climate එක..

    හික්zzzzzzzzzzzzz..........

    ආච්චිට කියල ටියුෂන් එකක් හෙම දාගන්න බැරි වෙයිද දන්නේ නෑ නේද?

    ReplyDelete
  24. අද තමයි මට රහස එලිවුනේ . . .

    නංගියේ උඹේ බ්ලොග් එක ඔෆීසියේ නොබලා ම හිටියේ බැලුවොත් ඉතිං බඩුම තමයි නිසා ..

    ඇයි අප්පේ ලොක්කට නෑහෙන්න හිනාවෙන්න බැරි නිසා හිනා හිර කරගෙන ඉන්නවා ඔහොම ඉඳලා මලොත් එහෙම මොන දෙයියන්ට කියන්නද . ..

    ආ කියන්න ගිය එක ත් අමතක වෙනවා . .

    අර රහස කිව්වේ උඹට මේ තරම් ම පිස්සු ඇයි කියන එකට අදයි මට හේතුව හම්බුවුනේ මේක මේ පරම්පරාවෙන් එන එකක් . .

    හික් හික් හික්

    ReplyDelete
  25. පුතා >> හිකි..හිකිස්!

    නිපුනdk >> සැන්කිව් මේ පැත්තේ ආවට! :)

    කැන්ඩි... >> යප්.. ඉතුරු ටික ලියල කාඩ් කුඩු කරගන්නේ මොකටෑ නිකන්! හිකිස්!

    අපෝ පුළුවනි.. හැබැයි ක්ලාස් එකට ආ වේගෙන්ම ආයේ දුවන එක සුවර්ර්!

    දුකා >> යූ ගොට් ද පොයින්ට් අයියණ්ඩි..
    ආච්චම්ගෙන් ලැබුන ඔය ලක්ෂනේ අපේ අම්මලගේ පරම්පරාවෙදි නිලීන වෙලා අපේ පරපුරේදි ආයේ ඉස්මතු උනා. ඉතිං තුන් වෙනි පරම්පරාවේ මං වගෙම තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා. හිකිස්! හැබැයි මට තමා වැඩිපුරම පිස්සු.

    හිහික්!

    ReplyDelete
  26. තැපැල් climate එක කියන්නේ..? මට නම් තේරුනේ නෑ..!

    ReplyDelete
  27. ..::| පොජ්ජේ |::.. >>

    ඕං ම ට දැම්ම කමෙන්ට් එක නැවතත්--
    ඒ කාලේ තැපැල් දෙපාර්තමේන්තු සේවකයෝ වර්ජනය කරපු කාලයක්. ඉතින් ලියුම් ඩිලිවර් වෙන්න හෙන කාලයක් යනවා. ආං ඒ වාතාවරණය තමා අපේ ආච්චා ඇල්බට් ආච්චිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ.. හිහිහ්!

    ReplyDelete
  28. ඒ වුනාට.ඔයා ඒ පැත්තෙ එන්නැති උනාට නම් මං තරහා නෑ.(හික්ස්)

    ReplyDelete
  29. මරු කතා ටික අක්කේ.. අද තමා ඔයාගේ බ්ලොග් ඩයරිය දැක්කේ. එක හුස්මට ඔක්කෝම ටික කියෙව්වා.....

    ReplyDelete
  30. ඔය දාලා තියෙන්නේ රෙෆරන්ස් මරුවට.
    මරු...තව නැද්ද ආච්චම්මගේ ෆන් ඉස්ටෝරිස්?

    ReplyDelete
  31. මේක කියවද්දි මතක් උනේම අපෙ අත්තම්මාව
    බලාගෙන යද්දි හැමෝගෙම ග්‍රැන්ඩ් මදර්ලා ඒක වගෙ තමා
    එයාලගෙ වැඩ කිඩ තේරුම් ගන්ට බෑ අප්පා
    කෙල්ලගෙ ඩයරිය අද තම දැක්කෙ..මල් හතයි ඇ!!

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails