Thursday, September 2, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් වන්!

මේ ගැන කාටවත් කියන්නෑ කියලා අපි දිවි හිමියෙන් පොරොන්දු උනා. මේ ගැන කටේ කෙල බින්දුවක් හරි හලන එකීගේ ඇ‍ඟේ හොරි දාලා කසලා මැරෙන්න ඕන කියලා අපි ශාප කරා.. ඒත් ගෑනු ගතිය කියන්නේ මේකට නේ. අනේ මං මේ තියන්න යන කතාව මේ කතාවට සම්බන්ධ කිසිම ජීවියෙක්ගේ ඇස නොගැටේවා… මේ රහස එළි කල සැනින් මගේ ඇ‍ඟේ හොරි දාන්න ගනීවි ඉහි ඉහි.. ඒත් මට බෑ  මේ රහස තවත් හංගන් ඉන්න…….


ඔන්න එහෙනම් මං කිව්වා


බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!!! බ්ගොගී අවසානෙට ගිය ඉස්කෝලේ තිබුන ගැහැනු නේවාසිකා ගාරයක්.. මේක හරිම චාම් සරළ නේවාසිකාගාරයක්.. බ්ලොගීගේ ඉගෙනීමේ උනන්දුවයි නිදා ගැනීමට ඇති අකමැත්තයි බොහොම ඉහල මට්ටමක තිබුන නිසා බ්ලොගී පවුලේ වැඩි හිටියෝ තීරණය කලා බ්ලොගියව මේ නේවාසිකාගාරෙ කොටු කරන්න.. ඉතින් කාලයක් එක්ක බ්ලොගියට නේවාසිකාගාරය හුරු උනා බ්ලොගීගෙම ඩයල් ටිකක් සැට් උනාට පස්සේ. එකම අවුල උදේ 5ට නැඟිටලා පාඩම් කරන සීන එක තමා. ඉතින් මේ නේවාසිකාගාරේ ගැන කියනවා නම් තව පෝස්ට් ගනනාවක් ලියත හැකියි.. ඉතින් ඒ වැඩේ කල්දාලා කියන්න ගිය කතාව කියලා ඉන්නම් කෝ..


මේ නේවාසිකාගාරේ ඉන්නවා උයන පිහන වැඩ වලට අම්මණ්ඩිලා දෙන්නෙක්.. ඒ දෙන්න මතක් වෙද්දි අදටත් බ්ලොගියගේ ඇ‍‍ඟේ මාළු නටනවා. හොස්ටල් එකේ ඉස්සර හිටපු පාලිකාව ගැන කේලම් කියලා මේ දෙන්නා එයාව එළවගෙන කොහොම හරි. මොකාද නැති වලේ මොකද පණ්ඩිතයාලු වගේ පාලිකාවක් නැති හොස්ටල් එකේ මේ දෙන්න තමා මැඩම් ලා උනේ.. ඒකත් අවුලක් නෑ කියමු කෝ. මේ දෙන්නට තවත් කැත පුරුද්දක් තිබුනා. ඒ තමා හොරකම් කිරිම. ළමයි නැති වෙලාවට දෙන්න හොස්ටල් එකට ඇවිත් බඩු හාරවුස්සලා ඔය අහිංසක කෙල්ලෝ ටික ‍තමන්ට කියලා ගෙනත් තියං ඉන්න කිරිපිටි සීනි විතරක් නෙමේ බිස්කට් ටිකත් හොරකං කරන්න තරම් මේ දෙන්නා පුරුදු වෙලා වෙලයි හිටියේ..


ගෙදරින් ඇවිත් ගිය දවසකට අතේ මිටේ ගුලි කරලා යන සල්ලි කීය කීය හරි එකතු කරලා බ්ලොගී ඇන්ඩ් ගැන්සිය කඩේට යන වෙලාවක අයිස් ක්‍රීම් ලීටරයක් ගෙනත් හොස්ටල් එකේ ඉන්න පොඩි උන් ටිකත් එක්ක බෙදාගෙන කන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ වගේ වෙලාවකදි අයිස් ක්‍රීම් ඉතුරු උනොත් ඒක හොස්ටල් එකේ ‍ෆ්‍රීජ් එකෙන් තියලා පස්සේ ආයේ බෙදා ගෙන කනවා. ඉතින් ඔය වගේ දවසකදි ඉස්කෝලෙ ඇරලා ඇවිත් බත් කන්දකටත් වග කියලා අයිස්ක්‍රිම් කන්න ලෑස්තිවෙලා ඒක ගේන්න බ්ලොගී ඇන්ඩ් ගැන්සියේම කෙනෙක් යැව්වා වැඩේට. අයිස්ක්‍රීම් බාජනේ ඇරපු ගමන් බ්ලොගීට තේරුනා කලින් දවසේ කාලා ඉතුරු උන ප්‍රමාණයට වඩා දැන් තියෙන ගාන අඩුයි කියලා..


ළමයි නම් කවදා වත් ඔය වගේ කැත වැඩ නොකරන නිසාම බ්ලොගී ගැන්සියේ තව දෙන්නෙක් එක්ක ගියා කුස්සියට පොඩි සර්ච් එකක් දාන්න.. මේ වගේ වැඩ කරන්න ගියාම බ්ලොගිත් එයාගේ වීරයා ෂර්ලොක් හෝම්ස් වගේ තමා ඉතින්… ඒ ගියාම කුස්සියේ අක්කලා එයාලගෙ කාමරේට වෙලා ලී කොට ඉරනවා… සෙරප්පු ගලවලා බ්ලොගි ඇන්ඩ් ගැන්සිය හොර පූසියෝ වගේ කුස්සියේ එ‍හා මෙහා ගියා හෝඩුවාවක් ලැබෙනකල්….


කුස්සියේ අක්කලා වැඩ කරන මේසේ උඩ මොනාහරි දියරයක් තිබුන භාජනයකින් ඇතිවෙච්ච රවුම් සළකුනක් තිබුනා.. ඒ ළඟම ලා කොලපාටට දියර බින්දු කීපයක් හැලිලා.. කකුලේ ඇඟිලි වලින් ඉස්සිලා එතනට ගිය බ්ලොගී අතේ තිබුන අයිස්ක්‍රීම් භාජනේ ඒ පැල්ලම උඩින් තිබ්බා.. හ්ම් අකුරටම ගැලපෙනවා.. එතන තිබුන ඒ දියරය ඇඟිල්ලට අරන් ඉවකරා බ්ලොගී… හ්ම් වැනිලා අයිස්ක්‍රීම් සුවඳම තමයි..  බ්ලොගීලාගේ අයිස්ක්‍රීම් එකෙන් කාලකට වැඩිය වගකියපු උයන අම්මණ්ඩිලා දෙන්නා දැන් හොඳට ගොරව ගොරව සැප නින්දක.. කොහොමත් ඒ දෙන්නව අරහං බ්ලොගිට මේ කරලා තියෙන කැත වැඩේ නිසා තවත් තරහයි…


කෙල්ලනේ වරෙල්ලා.. අපේ අයිස්ක්‍රීම් ටික හොරෙන් කාපු මේ බැරල් අම්මණ්ඩිලාට හොඳ පාඩමක් උගන්නමු…..


බ්ලොගී ගැන්සියේ සාමාජිකයෝ පෙරටු කරගෙන ගැන්සියේ රහස් පොට් එකට ගෑටුවේ මේ දෙන්නට හොඳ පාඩමක් උගන්නලා මිස පස්ස නොබලමී කියන දැඩි අධිෂ්ඨානයෙන්…!!!


බැරල් අම්මණ්ඩිලාට ඉගැන්වූ පාඩම සමඟ කමිං සූන්…….!

27 comments:

  1. හොස්ටල් වල ඔහෙම තමා ඉතින්......හැම දෙයක්ම පොදු භාණ්ඩ....ඉතින් ඊට පස්සේ......:)..

    ReplyDelete
  2. ඉතුරු ටික දාන්න ඉක්මනටම......අයිස්ක්‍රිම් වගේ මතකය දියවෙන කලියෙන්........

    ReplyDelete
  3. හැබැටම අර අක්කලා දෙන්න ඉතිරි උනයි ? O_o

    ආ අහන්නම උන්නෙ ෂර්ලොක් හෝම්ස් නොනේ...කොළපාට අයිස් ක්‍රිම් වලින් ඇනිලා සුවඳ එනවද ? ඒ පෘට් ඇන්ඩ් නට් නෙවේද ?

    කොහොම උනත් බ්ලොගි ඇන්ඩ් ගැන්සියෙත් වැරැද්දනේ ? පෙරෙත කමට තනියෙම කෑවා, අච්චර වෙලාවට කෑම උයලා දෙන අක්කලා අමතක උනානෙ ? හොරකම් කරන එක සාදාරණයිනෙ ?

    ඉක්මනට ඉතිරිවා දාන්ටෝ...!!

    ReplyDelete
  4. එල එල... අර ෆේස්බුක් වගේ සාස්තරයක් කියන්නද මම දැන්..

    " ඔව් මට පේනව ෆා ද බ්ලොගී කෙල්ල ඉදිරියේදී බ්ලොග් එකෙ බොහොම රසවත් කතා පෙලක් ලියන්න අර අදින බවක් හොස්ටල් එකෙ මගඩි ගැන. එක තමාගෙ ඩයරිය හොරෙන් කියවන රසිකයො බොහොම ආදරෙන් වැලද ගන්න බව මට පේනව කෙල්ලගෙ බ්ලොග් එකට රහ වැට්ල එරොප්පෙන් සුදු මහත්තුරු මේ කෙල්ල ගැන උනන්දු කරනවා..ඔන්න එතකොට අර සිතැගි ලියන ලමයට ජෙලස් ඇතිවෙනව කෙල්ලෙ,"...හා හා ඔය ඇති වැඩිය කියන කොට සාස්තර අගේ නැ..

    ReplyDelete
  5. ඉතින් ඒ දෙන්නාට මොකද කලේ... ඉක්මනට කියන්නකෝ..

    ReplyDelete
  6. ඒ දියරය ඇඟිල්ලට අරන් ඉවකරා බ්ලොගී - හිකිස් :D

    ReplyDelete
  7. ඒයි, මෙන්න මෙයත් දැන් මෙගා ටෙලියක් පටන් අරන් . . . පූස වගේ පුරු පුරු ගාන්නෙ නැතිව දාපං බං ඉතුරු ටික ඉක්මනටම. නැතිනම් කොඩි විනයක් කරනවා ආපහු අයිස්ක්‍රීම් කන්න බැරිවෙන්න ..... ඕං . . !

    ReplyDelete
  8. අයියෝ හොඳම තැනින් නවත්තලනෙ.. :/

    ReplyDelete
  9. හයියෝ. කෝ ඉතුරු ටික?

    ReplyDelete
  10. හරි. වැඩේ දෙන්න තමා යන්නේ. මටනම් දුක අර අම්මණ්ඩිලා දෙන්නා ගැන...

    ReplyDelete
  11. රහස් පරීක්ශක බ්ලොගී ගෙන් මෙහි දෙවන කොටසත් බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  12. අපෙත් කුරුලු හමුදාවේ එකෙක් හිටියා ඹය අම්මණ්ඩිලාගේ ජාතියෙ. ඌ කරන්නෙ පාන්දරම නැගිටලා අපේ ලොකර් වලට අත දාලා අපේ ටූත්පේස්ට් හොරකං කරන එක අපි ටූත්පේස්ට් දාලා තියන්නෙ පෙට්ටියෙමයි. කුරුලු හමුදාවේ විණය දන්නවනෙ ඉතිං. එක දවසක් අපි අකා වෙලා ඌ හොරකං කරන ටූත්පේස්ට් තියව පෙට්ටියට අපේ වින්ටජිනෝ ටියුබ් එක දාලා තිබ්බා. පාන්දරම නැගිටලා එදත් අපි බලං හිටියා මොකද වෙන්නෙ කියලා. මොකද උනේ කියලා දැනගන්න වෙන්නෙ මම කියන්නං බ්ලොගී අම්මණ්ඩිලාට කරපු දේ කියන දවසට! සමහර විට බ්ලොගී දෙන්නටම එක දේ නේද වෙන්න ඈත්තේ.

    ReplyDelete
  13. හයියෝ.... හොඳම හරියට ඇවිත් මතු සම්බන්ධයි වෙලා..

    ReplyDelete
  14. මෙතන ඔක්කොටම පේන්ට ඩයරිය දාලා කියෙව්වට පස්සේ ඔහෙ හිටු කියන්ට ඔට්ටු නෑ ඕං...
    ඉස්ටෝරිය හොඳම හරියට ඇවිල්ලා නවත්තලානේ... කෝ කෝ ඉතුරු ටිකත් දාමු ඉක්මනට...

    ReplyDelete
  15. කියන්ඩ ඉතුරු ටික ඉක්මනටෝ...........

    ReplyDelete
  16. ඉක්මනට ඉතුරු කොටස දාන්න .....

    ReplyDelete
  17. හොඳම තැනින් නවත්තල..
    :(

    ReplyDelete
  18. බ්ලොගීගේ මෙගා ඩයරිය....
    ඉතුරු ටික අනිත් දවසේ කියන්නේ ගේම දුන්නෙත් කොටස් වශයෙන්ද...?
    නැත්නම් ඉතින් ඩයරි පේජ් දෙකක් ලියන්නේ කොහොමැයි...?

    ReplyDelete
  19. බිලොගීගේ මෙගා ඩයරිය..
    මොකෝ කතාව කොටස් වශයෙන්... ගේම දුන්නෙත් කොටස් වශයෙන්ද...?

    ReplyDelete
  20. අයියෝ මොකද්ද අප්පා.. කෑලි කෑලි පෝස්ට් කරන්නද යන්නේ? කොහොම උනත් හොඳ කතාවක් කියල නම් පේනවා

    ReplyDelete
  21. අපෝ මෙන්න මෙයත් කෑලි දාන්න අරගෙන. මාසෙට එකක් දාන නිසා තමා අවුල. දැන් ඉතින් තව මාසයක් ඉන්න ඕනානේ. :D

    ReplyDelete
  22. ටෙලියක් ටෙලියක්... මේ ටෙලිය මැද්දේ ඇඩ් දාන්නේ නැද්ද? ;) පට්ට ඈ...

    ReplyDelete
  23. කොන්ඩිස් ටිකක් ලගින් තියාගෙන ඉතුරු ටික ලියන්න . හොරි හැදුනම හෝදන්න. :P

    ReplyDelete
  24. ගෙමක් දිලා ගිය අවුරුද්දෙ.. ෆා ද බ්ලොගි පරණම චරිතයක් නෙද, කාලෙකින් ඔයාව දැක්කෙ. මුල්ම දවස් වල දැක්කට පස්සෙ.

    ReplyDelete
  25. හ්ම්ම් හ්ම්ම් පාර්ට් 1 කියෙව්වා පාර්ට් 2 කියවලා කමෙන්ට් කරන්නම්

    ReplyDelete
  26. @ඕල්--

    ඔයාලගේ comments වලට ප්‍රතිචාර දක්වන්න පරක්කු උනාට සොරි වෙන්ට ඕනේ ගායිස්..වෙලාව ඉතා සීමිත නිසා ඒ වෙලාවෙත් ඉතුරු කොටස් දෙක ටයිප් කරන්න උනා..ඕං කොටස් තුනම දැම්මා.. මෙගා දානවා කියලා කුරුං කුරුං ගගා උනත් ඩයරිය කියෙව්වට බොහොම ස්තූතියි..

    ReplyDelete
  27. "...දියරයක් තිබුන භාජනයකින් ඇතිවෙච්ච රවුම් සළකුනක් තිබුනා..."
    රහස් පරීක්ෂක කතාවක් කියෙව්ව වගේ ;)

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails