Friday, September 3, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ටූ!.

හොස්ටල් එකේ බහුතරයක් මේ බැරල් අම්මණ්ඩිලා එක්ක තරහයි.. ඒත් හැමෝම විශ්වාස කරන්න බැරි හන්දා ඉතාමත් විශ්වාසනීය සෙට් එකක් විතරක් වැඩේට තෝරාගත්තා.. දැන් මේ සැට් එකේ බ්ලොගී ඇන්ඩ් ගැන්සියත් එක්ක අට දෙනෙක් ඉන්නවා.. ඔක්කොමලා හොස්ටල් එකේ වැඩිහිටි අක්කලා(බ්ලොගී ඇතුළුව) .. අපි අට දෙනාම විවේක වෙලාවේදී කවුරුත් වැඩිය නොඑන තැනකට ගොහින් අක්කලාට ගේම දීමේ සාකච්ඡාව පැවැත්තුවා.. කොහොම හරි විනාඩි 45කට පස්සේ එක එක්කෙනා දුන්න  අදහස් සළකලා බලලා  හැ‍මෝගෙම එකඟතාවය මත අපි ඔක්කොම තෝරාගත්ත එක ජඩ වැඩක් අක්කලාට පාඩමක් උගන්නන්න………


බැරල් බඩවල් වල හුළං බස්සන්න… හැබැයි වැඩේ ක්‍රියාත්මක කරේ සතියකට පස්සේ…..


ඉතින් අපි බ්ලොගී ගැන්සිය මොකද කරේ අතේ ඉතුරු වෙලා තිබුන සල්ලි කීය කීය හරි  එකතු කරලා යම් තරමකට ගානක් ‍සැට් කර ගත්තා. බැරල් අම්මණ්ඩිගෙන් අවසර ගත්තු බ්ලොගියි තව සගයෙකුයි ටවුමට ගොහින් තවත් අයිස්ක්‍රීම් එකකුයි ෆාමසියකට ගොහින් විරේක පෙතියි රොත්තකුයි සල්ලි දීලා ගත්ත. ස්ලීපින් ටැබ්ලට් ගොඩාක් ගත්තොත්නේ සූසයිඩ් කර ගන්න කියලා සැක හිතන්නේ.. ඒත් වැඩි හොඳට කියලා තැන් දෙක තුනකින් තමා විරේක පෙති ගත්තේ. 


ඔන්න දැන් බඩු ටික අරන් ආයේ හොස්ටල් එකට ආව කියමුකෝ…


මේ පාර ගෙනාපු අයිස්ක්‍රීම් එක ලීටරයකට වඩා අඩු එකක්.. මුලින්ම ගැන්සියේ කස්ටියම අයිස්ක්‍රීම් හැන්ද ගානේ කෑව.. අලුත් පිටම ෆ්‍රිජ් එකට දැම්මම අහුවෙයි කියලා අර දෙන්න නොකා ඉඳී කියලයි ඒ වැඩේ කරේ. ඒ අයිස් ක්‍රීම් ටිකක් දියවෙනකල් තියපු බ්ලොගී හා පිරිස හොඳට කුඩු කරන ලද විරේක පෙති ටික අයිස් ක්‍රීම් එකේ උඩට ඉස්සා.. දැන් තේ හැන්දකින් හොඳට කැලැත්තුවා. දැන් භාජනේ උඩින්ම  අඟලක් විතර ගණකම තට්ටුවකම තියෙන්නේ විරේක පෙති අධිසානද්‍රිත රසවත් වැනිලා අයිස්ක්‍රීම්..  යම් යම්.. කෑවොත් බඩුම තමා.. හිකිස්!!  හැබැයි කට්ටියට මාරම දුකයි. සල්ලි දීලා අයිස්ක්‍රීම් අරන් මේ කරන්න යන අපරාදෙට. ඒත් කුස්සියේ අක්කලා දෙන්නට වෙන්න යන වැඩේ මතක් උනාම කට්ටියම තමන්ගේ පෙරේත කම් යටපත් කර ගෙන වැඩේට උපරිම සහයෝගය දුන්නා.. ඉතින් සෙට් එකම වැඩේ සම්පූර්ණ කරන්න කලින් දැන් කියෙන අයිස්ක්‍රීම් මට්ටම රහස් සංකේතයකින් සළකුණු කරා.. කැවද නැද්ද කියලා කන්ෆෝම් කරගන්නත් එපැයි…


දැන් බ්ලොගී ගැන්සියට මාරම මෙව්වයි..  කස්ටියටම ජොලි.. බැරල් අම්මණ්ඩිලා දෙන්න මේක කෑවොත් වෙන විජ්ජුම්බරේ හිතෙන් මව මවා රස විඳ විඳ කස්ටිය හිනාවෙනවා.. සමහරු හිටපුගමන් හිචිස් ගාලා තනියමත් හිනා වෙනවා.. ඔන්න ඉතින් බ්ලොගී සහ ගැන්සියේ කෙල්ලෝ දෙන්නෙක් අයිස්ක්‍රීම් එකේ රස ගැන අර දෙන්නට ඇහෙන්න වර්ණනා කරන ගමන් අයිස්ක්‍රීම් භාජනේ ගෙනිහින්  ෆ්‍රිජ් එකට දැම්මා..


පහුවදා උදේ නැඟිට්ට බ්ලොගී ඇන්ඩ් ගැන්සිය වෙනදට වඩා  හරිම ආසාවෙන් ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.  ඉස්කෝලේ ඉවර වෙනකල් වෙලාව බල බල ඉඳපු බ්ලොගී අවසාන බෙල් එක ගහලා “යෝ වද තම් පවරෝ” කියන්නත් කලින් පන්තියෙන් පැන ගත්තා….

 

අවසානය හෙටම…….!

23 comments:

  1. ඉතුරු ටිකත් අදම දාපියෝ . .. . බැරක් අක්කලට වුනු අලකලංචිය (බ්ලොගීලගේම යාලුවෙක්ම කාලද දන්නේ නෑ හික් හික් ) දකින කම් සිහියක් කටක් නැතෝ . .. .

    ReplyDelete
  2. ඕක වෙන කවුරුහරි කෑවානම් තමයි පට්ට ආතල් එක....:))))

    ReplyDelete
  3. මට හිතෙන්නෙ එක්කො මෙයත් දැන් අර මෙගා ටෙලි බලන්න පටන් අරන්...
    අනේ අම්මපා තව ටික දවසක් බලල මේ කෙරුවාව නැවත්තුවෙ නැත්තං ඩයරිය කියවන එක නවත්තන්න වෙනව..ඇයි යකඩො මෙහෙම කේන්ති ගන්න එක පැන්ඩගෙ සෞඛ්‍යයට හොද නැනෙ... කොහොමත් රතු දත්ත පොතෙත් ඉන්නෙ එකෙ බ්ලොග් කියවල මැරෙන්න බැනෙ..

    ReplyDelete
  4. බ්ලොගියෝ උඹත් පටන් ගත්තද මෙගා එකක්..?

    ReplyDelete
  5. හික් හික් (බ්ලොගියගේ යාළුවොද නැත්නම් තිබ්බ පෙරේත කමට බ්ලොගියම කෑවද කියල කවුද දන්නේ) හික් හික්

    ReplyDelete
  6. මේකනම් මෙගා නාට්‍යයක්ම තමා....ලත් තැනම ලොප්....මේක කොරන්න බෑ....කතාවට වඩා ඇඩ්....
    ඕවටනම් තදවෙනවා....කමක් නෑ...දාන්නකෝ ඉතුරු ටිකත් ඈස් සූන් ඈස් පොසිබල්.....

    ReplyDelete
  7. මොකුත් අමුත්තක් නෑ නේද බ්ලොගියෝ?? පෝස්ට් එක දැම්මට පස්සේ

    @දුකා
    හෆොයි දුකෝ කෑ ගහන්න එපා මම මේ සැකෙන් සැකෙන් මෙහාට ආවේත් කල්පෙකට එකක් පෝස්ට් ලියන බ්ලොගී ගෙමද මේ පෝස්ට් එක කියලත්.ඒ නිසා හෙට වෙනකන් ඉන්න..

    ReplyDelete
  8. අනේ මොකද්ද අප්පා.. ඒ පාර කොටස් තුනකට කඩලා..

    ReplyDelete
  9. අදත් නවත්තලනෙ හොඳම තැනින් :(

    ReplyDelete
  10. අදම දාන්නෝ .............

    ReplyDelete
  11. ඔය ඉතින් ආපහු නවත්වලනේ :(

    ReplyDelete
  12. මටනම් ඉතින් ඊලඟ කොටහ බලන්න වෙන්නේ දවස් ගානකට පස්සේ තමා දැන්.... අදම දැම්මනම් මක්ක වෙනවද ඔක්කොම....

    ReplyDelete
  13. අදම දාන්නෝ .............

    ReplyDelete
  14. කෝ හෙට වුනානේ තාම දාල නෑනේ :(

    ReplyDelete
  15. අයියෝ ඉතිරි ටිකත් දාන්නකෝ... :(

    ReplyDelete
  16. අ‍නේ අක්කි හරි අසාධාරණයි මේක......

    අදත් සුට්ටයි................. :( :( :( :( :(

    ReplyDelete
  17. කතන්දර කාරයා තමා මේ කතා කුට්ටි කිරීමේ කුමන්ත්‍රණය පටන් ගත්තේ. කෝ ඕක ?

    ReplyDelete
  18. යකෝ...මේක මානව අයිතිවාසිකම් කඩ කිරීමක්. ඇයි වදේ‍ මෙගා නාට්‍ය ‍වගේ මෙහෙම දුක් දෙක එක හොඳද?

    ReplyDelete
  19. චැහ් මදෑ මෙයාත් ඉදලා ඉදලා මෙගා නාට්‍යක් පටන් අරන් !!! ඉතිරිය ඉක්මනට දාන්න

    ReplyDelete
  20. මට වෙලාවට පාර්ට් 1 2 දෙකම එකට සෙට් උනා... බැලින්නම් 3 කුත් තියෙනවනේ..... බ්ලොගී බැනුම් අහනවා අද නම්... දන්නවනේ පිස්සන්ට තද උනහම හික් හික්...

    විරේක වැනිලා අයිස් ක්‍රීම් එකක් මගේ ගානේ අදම දැම්මොත්.

    ReplyDelete
  21. රෑ නින්දෙන් ගිහිල්ලා බ්ලොගියම කෑවද දන්නෙ නෑ.
    උපවාස කරන්න ඉස්සෙල්ලා මේකෙ ඉතිරිය දානවද !

    ReplyDelete
  22. මදෑ කොලා . . . පලවෙනි එක කියවල අද වෙනකං නින්ද ගියේ නෑ . . . දැන් ඉතින් ආපහු නිදි මරපංකො . . . ! මේව සහ ගහන වැඩ . . . ඕං !

    ReplyDelete
  23. @දුකා
    ඕං දැම්මෝ.. කියවන්ඩෝ...ඕ......

    @Shadow/හේමලයා
    හිහ්.. ඔය කිව්වේ හරියටම දිවැස් තියෙනවා ව‍ගේ......

    @පැන්da
    වැඩිය කෑගහන්න එපා බං.. අල්ලං ගිහින් සත්තු වත්තේ දායි. ඉයෑක් මට නම් මෙගා අරහං.. ඕං මගේ කතාවේ කොටස් තුනයි.

    @මාරයාගේ හෝරාව
    හිහි.. අද විතරායි..අද විතරායි! ආයේ දාන්නෑ...

    @ආදර කතාව
    හෆොයි, නෙවර්!

    @෴ හසියා ෴
    බොලාලට ටිවි එකේ දාන ඇඩ් නම් බලං ඉන්න පුළුවන් එහෙනං, හිකිස්.. :)

    @nimanthi
    හිහි. තාම නං නෑ.. :)

    @sameerausa
    නැත්තං මේ වැඩේ කරන්න බෑ. හෑල්ලක් තමා ලියන්න වෙන්නේ(දැනුත් එහෙම තමා. හිකිස්!)

    @SOLO @Unknown_User/හිඟන්නා @roylyfernando @Ansh Lucky Sri Jay @චමිදේවා @හසී
    මේ.. මට බාලගිරි දෝෂේ තියෙනවා. ඒ නිසා අද නෙමේ හෙට.

    @කාංචන දිනූක
    හැබෑටම නේද? අපිට ඉතිං රැයක් දවාලක් තේරෙන්නෑ නො‍වැ මේ ජංජාලේ පැටලිලා ඉද්දි..

    @හා පැටික්කි (MS)
    ඕං හා පැටික්කියේ සුට්ට සුට්ට හරි මුළු කතාවම දැම්මා..

    @ත‍රිඳු
    අනේ අර කොහෙවත් ඉන්න මනුස්සය අල්ල ගත්තද මාත් එක්ක තියෙන ඔරොප්පුවට.. හිහි!

    @Naදී
    ඔව්! රන් දෙපැයෙ පැල වෙලා ඉන්ට හොඳයි.. අපි මෙගා ඉස්ටෝරියක් දැම්මම තමයි ඉන්ට බැරි.. :)

    @පිස්සා පලාමල්ල
    ඔව් අප්පා.. මේ කතාව පෝස්ට් කරපු වෙලේ ඉඳන් මං බැනුම් අහනවා ඉවරයක් නෑ..

    @Dar[K]™ @රොකියා | Udara
    ඔන්න දැම්මෝ.....ඕ..

    @දුමී
    හිහි... ස්ලීපින් ටැබ්ලට් දාපු අයිස්ක්‍රීම් එකක් එවන්නද අයියණ්ඩි..

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails