Thursday, September 9, 2010

කියන්නට වචන නැත…

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ ..

හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මා‍ගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින් අම්මයි අයියයි කතා කරලා සුභ පැතුවා . ඉතිං යන්තම් උදේ 10 වෙද්දි මගේ හිත පිරිලා තිබුනේ.. දැන් ඔක්කොම හරි.. මගේ හිත කිව්වා..   ඊට පස්සේ ගූග්ල් Buzz එකට ගියාම එතන කිහිප දෙනෙකුට වැඩේ මාට්ටු වෙලා කියලා මට තේරුනා.. එයාලා කොහොමද දැන ගත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.. ඉතින් ඊයේ දවස ඔහොම ගෙවුනයි කියමුකෝ…

අද උදේ පණිවිඩයක් ආවා වහාම ඊමේල් චෙක් කරන්න කියලා …. බැලින්නම් මෙන්න බොලේ හොඳම උපන්දින තෑග්ග එතන..

ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ‍කාර්ඩ් එක ඊයෙම මට ඩිලිවර් වෙන්න තිබුනට වැඩේ වෙලා නෑ…  ඉතින් ඒක අද උදේ තමා මට ලැබුනේ.. ඒ නිසා මට ඊයේ ඔයාලාගේ කාඩ් එක දකින්න බැරි උනා.. අද උදේ තමයි දැක්කේ..

email

ඉතින් මේ සටහන හරිම හදිස්සියේ දාන්නේ මගේ Greeting Card එකේ සයින් කරලා තිබුන හා ඉහත සඳහන් එකේක ක්‍රම වලින් මට සුභ පතපු හැමෝටම කරන ස්තූතියක් විදියට.. ඇත්තටම මගේ මුළු හිතම පිරිලා ගියේ මේ කාර්ඩ් එක දැක්කට පස්සේ…… ඉතින්  යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් විනාඩියක් වෙන් කරලා මට සුබ පැතුමක් එක් කරපු ආදරණීය ඔයාලා ඔක්කෝටම  බොහොම  බොහොම ස්තූතියි..

 

කණිශ්ක , සූ අක්කා, කණියා, රචියා, ලිෂා , ප්‍රියන්ත අයියා, පැංචි, වාසල අයියා, මලි, deeps, මරණේ , තිස්ස අයියා, පහන් , ගෝලයා හෙවත් උමේෂ් , රොයිලි අයියා, Ansh Lucky, බුද්ධික අයියා, හර්ෂන , ගයාන් කණිෂ්ක , ආගන්තුකයා, පුතා, ශාකු මල්ලි, දුකා අයියා, බින්කු මල්ලි, නිශාචරයා, පැන්ඩා , ‍ධනික , බයිස්කෝප් ටීම් එක  එක්ක ඉන්දික සර්, උපුල් සර්, නරේෂ්, ශෂී, කසුන් අයියා, අපේ නගා, කිත්සිරි අයියා, විශ්නි, ශේන් මොර්ටර්ස් සහ හැම සැරේම මේ වගේ සප්‍රයිස් එකක් දෙන මගේ ආද‍රණීය ආදරේට ආයෙමත් ස්තූතියි..  නම නොකියවුන කවුරු හරි ඉන්නවනම් මට සමාවෙන්න..

Thank-You

පැංචි මට වෙලාවට වැඩ කරන පුරුද්ද ඇති කරගන්න ලස්සනම ලස්සන පුංචි අත් ඔරලෝසුවක් තෑගි දුන්නා. ඔයාටත් බොහොම ස්තූතියි පැංචි.. ළඟදීම සර්ප්‍රයිස් එකක් බලා‍පොරොත්තු වන්න…

හදිසියේම ටයිප් කරපු නිසා වැරදි ඇති… සමාවෙන්න ඕන කස්ටියම.

24 comments:

  1. Happy belated Birthday ekak wewa!.. Api danne naha ne B'day eka kiyala..nathnam wish ekak ewanna tibba..

    Hope you had a good time

    ReplyDelete
  2. හානේ, බ්ලොගියා ලොකු වෙලා !!!

    ReplyDelete
  3. සුභ උපන් දිනයක් බ්ලොගීට.
    මේක ඊයෙට දාගන්න

    ReplyDelete
  4. @sameerausa
    බොහොම ස්තුතීයි ඔයාට..

    @Chanaka Aruna Munasinghe
    හිකිස්!! ඔව් දැන් 52යි.

    @priyantha.ඒබී
    ඕකේ.. ඔන්න ඊයෙට පෝස්ට් කරා.. ස්තුතියි වේවා..

    ReplyDelete
  5. අපි දන්නෙ ත් නැහ නොවැ... කෝ කේක් අපිට හි හි...

    සුබම සුබ උපන්දිනයක් පතනවා බ්ලොගීට... හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා... පිස්සා ප්‍රාර්ථනා කරනවා

    මේක පස්සෙ දැක්කේ... බ්ලොගීට බ්ලොග් 2ක් තියෙනවා කියල දන්නේ නැහ නොවැ... ඔන්න 2 පාරම සුබ පැතුවා.. හි හි

    ReplyDelete
  6. සුභ පැතුම්

    ReplyDelete
  7. සුබම සුබ උපන්දිනක් බ්ලොගීට !!! :D

    ReplyDelete
  8. හත් දෙයියනේ..මට වැඩෙ අතෑරිලානේ..
    සුභම සුභ උපන් දිනක් වෙවා...
    ආ මෙන්න තව පාරක්
    සුභම සුභ උපන් දිනක් වෙවා...
    කළින් එක ඊයෙට..දෙවෙනි එක ලබන අවුරුද්දට..ඇයි යකඩෝ එදාටත් අමතක උනොත් එහෙම.
    මොනවා උනත් කමක් නෑ අර මකරා කිවුවා වගේ බ්ලොගී දැන් ලොකු ළමයෙක්..

    ReplyDelete
  9. කිව්වත් වගේ දැන් හෙන වයස ඇති නේද ආ???

    ReplyDelete
  10. ඇත්තම කිව්වොත් අක්කෙ ඔය කාර්ඩ් එකෙ ගෞරවය හිමි වෙන්න ඕනි අපිට නෙවෙ ඔයාගෙ ආදරේට..ඒයා තමයි ඕක ගැන අපිට කිව්වෙ නැත්තං අපිට මෙහෙම ඔයාට සුභ පතල තමන්ගෙ උපන්දිනේ දවසෙ යාලුවෙක් සතුටු කරල ඒ සතුට දිහා බලල සතුටු වෙන්න ලැබෙන්නෙ නැනෙ..හැබැයි මං මෙහෙම කිව්ව කියල අයියට කියන්න එපා... රහසක් හොදේ... හී හී...

    ReplyDelete
  11. බ්ලොගියෝ;

    හදිස්සියෙ සින්ඩියෙන් සෙට් වෙලා මං මුළු බ්ලොගම කියෙව්වා. මැක්සා. හැබැයි මුළු විස්තරේ ම පබ්ලික් වෙනවා නේද?

    බ්ලොගියගෙ නම විතරයි නොදැන හිටියෙ. ඒකත් ලේසියෙන් ගෙස් කරන්න පුළුවන්, චාබේ ආච්චිගෙ ෆා මිනිපිරි කිව්වම. අද බ්ලොගි එකත් ඔප්පු කළා හරි කියලා.

    තරහට නෙවෙයි කිව්වෙ ජොලියට. දිගටම ලියන්න. මරු බ්ලොග.

    කුශාන් ගෙ බ්ලොගේ 2009 ජූලි පෝස්ටයේ පුංචි සටහනක් දැම්මා. පුළුවන් නම් උත්තරයක් දෙන්න කියන්න.

    නයිස් ටු නෝ යූ කිව්වා. කීප් ඉන් ටච් කියලත් කිව්වා. කීප් ඉට් අප් ටූ. පස්සෙ වෙලාවක එහෙනම් නැවත උත්තරයක් දාන්නම්.

    ReplyDelete
  12. අඩේ අමතක උනා. සුභ උපන්දිනක් ඔයාට. ඈස් වයිට් ඈස් ඩයමන්ඩ්.

    ReplyDelete
  13. හත් ඉලව්වයි කවුද දන්නේ බ්ලොගීගේ උපන්දිනේ කියලා...?

    සුභ උපන්දිනයක් බ්ලොගී!!!

    ReplyDelete
  14. මම පරක්කු වෙලානේ.. කමක් නෑ මගෙනුත් උපන්දින සුබ පැතුම්....

    ReplyDelete
  15. සුබම සුබ උපන්දිනයක් වේවා අපේ බ්ලොගියට...

    සුබ පැතුම Back Date කරගන්න හොඳේ...

    ReplyDelete
  16. සුභම සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව අක්කියා........

    ඔන්න ඉතින් මං දවස් දෙකක්ම පරක්කුයි සමාවෙන්න ඕනි ඒ ගැන.......

    ReplyDelete
  17. ලැබුවාවූ උපන් දිනයට හෙවත් අවුරුද්දකින් නාකි වීමට ප්‍රමාදවූ සුබ පැතුම්....

    ReplyDelete
  18. අප්පට සිරි හොඳටම පරක්කු වී ඈත. ඉන්වැස්ටීගම් එකද ඉවර වී ඈත. ඒමදිවට උපන් දිනේත් පහුවෙලාය.

    මෙන්න බ්ලොගී මගේ උණු උණු සුබ පැතුම්! පරක්කු උනේ උණු උණු සුබ පැතුං ගේන්න ගිහිං

    ReplyDelete
  19. @පිස්සා පලාමල්ල
    හෆොයි.. එක කේක් කෑල්ලයි ඉතුරු කරන් හිටියේ හැබැයි.. ආයෙත් ස්තූතියි..

    @Panhida
    බොහොම ස්තූතියි

    @Unknown_User/හිඟන්නා
    බොහොම ස්තූතියි

    @මාරයාගේ හෝරාව
    හිචිස්! එහෙනම් ඔන්න බොහොම ස්තූතියි...
    ආයෙත් බොහොම ස්තූතියි, මේ ස්තූතිය ලබන් අවුරුද්දට..

    @malee_msg
    හිහි.. වැඩිය නෑ 20යි.. ඒකත් හෙන වයසක් නොවැ.. නේද?

    @පැන්da
    හ්ම්.. ඇත්ත. ඔන්න මං මේ ගැන එයාට කිව්වෙම නෑ ඕං.. එයා මේක කියවද්දි මං එයාගේ කන් දෙක තද කරලා වැහුවා..


    @Sujeewa Kokawala
    බොහොම ස්තූතියි.. සුභ පැතුමටත් මේ පැත්තේ ආවටත්..

    @කොඩී
    හත් ඉලව්වයි නේන්නම්.. හිචිස්.
    බොහොම ස්තූතියි සුභ පැතුමට

    @හසී
    නෑ නෑ... තව දවස් 363ක්ම තියෙනවා.. පරක්කු නෑ කවදාවත්..
    බොහොම ස්තූතියි නගේ...

    @sansarasidu
    බොහොම ස්තූතියි කිව්වා.. ඔන්න දවස් දෙකක් පස්සට දැම්මා සුභ පැතුම..

    @හා පැටික්කි (MS)
    පොච්චියේ... හා පැටික්කිත් ඉපදිලා තියෙන්නේ එකම දවසේ නොවැ... නියමයි..
    ආං අර හසියා තමා ඔත්තුව දුන්නේ. ඔන්න එහෙනම් පරක්කු වෙලා හරි මාත් ඔන්න ඔයාට සුභ පතනවා.. සුභම සුභ උපන් සතියක් වේවා හා පැටික්කිට

    @Jeew
    හිචිස්..වෙනස්ම සුභ පැතුමක්.කතාව ඇත්තනේ.. බොහොම ස්තූතියි..

    ReplyDelete
  20. කෝ මේකට මම කලින් දාපු කමෙන්ටුව??
    හ්හ්ම්ම්..
    කෝක නමුත් කුශාන් තමයි ඔය වැඩේට සෑහෙන්න මහන්සි උනේ.
    ස්තූතිය හිමි වෙන්න ඕනේ එයාට.
    ඔන්න ආපහු සුභ පැතුවොත් කමක් නැද්ද මන්දා, දැන් සෑහෙන්න දවසක් ගොහින් නෙව. මම කලින් මේකට කමෙන්ටුවක් කොටලා ගියා. ඒක නෑ..!
    :@

    ReplyDelete
  21. එන්න නම් පරක්කු උනා කොහොමහරි වේවා..
    සුභ උපන් දිනයක් බ්ලොගීට....!!
    මගෙන් සුබ පැතුම්...

    ReplyDelete
  22. අනේ මමත් හොදටම ප්‍රමාද උනා සුභ උපන්දිනයක් නංගි

    ReplyDelete
  23. හොඳටෝ................ම පරක්කුයි. ඒත් දැන් හරි කියන්නම්කෝ අක්කේ සුභම සුභ උපන් දිනයක් වේවා.

    දැන් ඉතින් පරණ වෙලා පුස් කාපු කේක් කෑල්ලක්වත් දුන්නොත් තමා ඉතින් හොඳ............

    ReplyDelete
  24. ඔව්වොව්.. කුසාන් තමා මහන්සි වුනේ.. ඒක නෙමේ ඔයැයිගේ නැන්දම්මා ඇන්ට්ව බලන්න අපිටත් වාසනාව පහල වුනා නොවැ.. අනේ වාසනාවන්.. මරු මරු.. මුහුදේ ගැඹුරටම ගිහින් අමුඩෙ ගැහුවාට සමාව... අදයි දැක්කේ...

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails