හැමදාම බ්ලොගීට වෙන අලකලංචි ලියන එකේ අද බ්ලොගීට හිතුනා වෙනස් දෙයක් ලියන්න. මේක ලියන්න ඕන කියලා බ්ලොගීට හිතුනේ බ්ලොගිගේ අයියා මේ දැන් ටිකකට කලින් ස්කයිප්පුවේ චැට් කර කර හිටපු වෙලාවක මේ සිද්ධිය මතක් කරලා හිනා වෙච්ච නිසා. බ්ලොගී මහගෙදර හිටපු කාලේ එහේ හිටපු ලොකු අම්මගේ පුතෙක් බ්‍රොයිලර් චිකන් ෆාම් එකක් කලා. මේ ෆාම් එක මහා පරිමාණයෙන් කරපු නිසාවෙන් මේ අයිය එයාගෙම මල්ලිලයි බ්ලොගීගේ අයියයි එක්ක ගෙවල් ලග මල්ලිලා රොත්තකුත් ෆාම් එකේ ස්ටාෆ් එකට බඳවගෙනයි හිටියේ. හවස් කරේ වෙද්දි හම්බවෙන ගතමන්ට් එක නිසා මේ කොල්ලො කුරුට්ටෝ ටිකත් බොහොම උනන්දුවෙන් ෆාම් එකේ වැඩ වලට සම්බන්ධ උනා. ඔය එක එක චරිත ගැන වෙන වෙනම ලියනවා නම් බ්ලොගියට තව සතියක්ම බ්ලොග් ලියතෑකි.
ඉතින් අද බ්ලොගීගේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ මේ මල්ලිලා රොත්තේ හිටපු එක මල්ලි කෙනෙක්.
එයාගේ නම චන්ඩෝ........ ඇයි දන්නවද එයාට එහෙම කියන්නේ....... මොකද ඒක තමා එයාගේ නම.. හැකැස්ස්ස්!!!! ඉතින් මෙයා ඈතින් බ්ලොගියගේ නෑදෑයොත් වෙනවා. චරිතේ ගැන කියනවනම් මෙයා තමා චාබේ ආච්චිගේ ලොකුම හතුරා. මල් පැළ පොඩි කරන නිසා, ජම්බු ගහට පේර ගහට නිවනක් නැති නිසා බ්ලොගීගේ ආත්තම්මාගෙන් චන්ඩෝ හැමවෙලේම බැනුම් අහනවා. ඉඳලා හිටලා හොඳට ගුටිත් කනවා...
ඉතින් ඔන්න එක දවසක් ෆාම් එකේ හිටපු බ්‍රොයිලර් චික්කු ටික ලොරි තඩියක නැඟලා ගියාට පස්සේ ෆාම් එක සුද්ද කරන්න මේ චන්ඩෝ මල්ලි ඇතුළු ඉතුරු කුරුට්ටෝ ටික ෆාම් එකට ගොඩ වැදුනා. ෆාම් එකේ වහලේ පරාල වල ගැට ගහපු වයර් වලින් තමයි කුකුලන්ට කෑම සහ වතුර දාන භාජන එල්ලලා තියෙන්නේ... ඉතින් මේ කියන දවසේ කුකුලෝ ටික නැති නිසා ඒ වයර් ටික කෑම භාජන නැතුව නිදහසේ පොළව මට්ටමට එල්ලිලා තිබුනා. (මෙතනින් බලා ගන්න)
ඒ අතරම ඔයාලා දන්නවා ඇති මේ ජාතියේ ෆාම් වල බිම ඇතිරුම විදියට දහයියා පාවිච්චි වෙනවා. ඉතින් ඔය වැඩේට ගෙනාපු දහයියා මිටි වගයකුත් පැත්තක ගොඩ ගහලා තිබුනා. ෆාම් එක සුද්ද කරන අතරම මේ මල්ලිලාගේ දඟ වැඩ වලටත් ඉඩක් ලැබුනා. ඔය අතර අපේ කතා නායක චන්ඩෝ මල්ලි මොකද කරේ දහයියා මිටි උඩට නැගලා අර වයර් එකක එල්ලිලා ටාසන් වගේ පැද්දෙනවා අනික් බිත්තිය පැත්තට. ඊට පස්සේ ආයෙත් අර වයර් එකක් බෙල්ලේ ඔතාගෙන " මම මැරෙන්න යනවා, මම මැරෙන්න යනවා " කියලා කෑ ගහනවා. ඒ අතර කට්ටියටම කැඳවීමක් ලැබුනා හවස තේ පානයට එන්න කියලා. කර කර හිටපු වැඩ ඔක්කොම නවත්තපු අයියලා මල්ලිලා ටික කුස්සිය පැත්තට ඇදුනා. ඔහොම තේ බිබී ඉන්න අතරේ චන්ඩෝ මල්ලි එතන නැති නිසාත් ෆාම් එක පැත්තෙන් ඇහිච්ච අමුතු සද්දයක් නිසාත් සතාගෙ හැටි දන්න ඔක්කොම ෆාම් එක පැත්තට දිව්වා.
“අපොයි දෙයියනේ”
මම මැරෙනවා කිය කිය හිටපු චන්ඩෝ මල්ලි ඇත්තටම වයර් එකෙන් බෙල්ල වටේ තොණ්ඩුවක් දාලා පැද්දෙනවා. සිය දිවි නසා ගන්න බෙල්ල වැල දාගත්තා වගේම. ඒ මදිවට අත පය විසි කර කර තොණ්ඩුව ගලව ගන්න දඟලනවා. අතපය පණ නැතිව බලාගෙන හිටපු ඔක්කොටම එක මොහොතකදි සිහිය ඇවිත් දුවලා ගිහින් අර එල්ලිලා හිටි අසරණයව වඩාගෙන වයර් එක කපලා බිමට ගත්තා..
හැමෝගෙන්ම හොඳට ලුණු ඇඹුල් ඇතිව අහ ගත්තු චන්ඩෝ මල්ලිගෙන් පස්සේ දැන ගත්තු විදියට නම් සිද්ධිය මේකයි. බෙල්ලට තොණ්ඩුව දාගෙන හිටිය මේ මනුස්සයාට තේ බොන්න කතා කරපු වෙලේ අර තොණ්ඩුව ලිහා ගන්න බැරි වෙලා. ඒක ලිහ ලිහා ඉන්න කොටම දහයියා මිටි ටික පෙරළිලා ගිහින් මේකාව එල්ලුම් ගහේ යවලා. එදා අපි කොච්චර බය උනත් අද නම් ඒ සිද්ධිය මතක් වෙද්දි මැරෙන්න හිනා. එදා කාටහරි සැක හිතිලා ගිහින් නොබැලුවා නම් මට දෙවනි සිද්ධිය ලියන්න චන්ඩෝ මල්ලි අද මේ ලෝකෙ නෑ.
ලැපී පීරලා හෙව්වත් චන්ඩොගේ ෆොටෝ එකක් හොයා ගන්න බැරි උනා. මෙන්න බුකියෙන් හොයා ගත්ත පොටෝ කෑල්ලක්!!!
හික් හික් පට්ට සීන් එක..
ReplyDeleteබ්ලොගියට වෙච්ච දෙයක් නෙවේනේ...
ReplyDeleteහික් හික් හික් මරුවැඩේ තමා :)
ReplyDeleteඔව් ඉතින් පාරම්පරික පුරුද්දනේ.... වැල්වල ලණුවල එල්ලෙන එක...
ReplyDelete:D
වැඩේ කියන්නේ පොඩි එකාට හරියට පුරුදු කරලා නෑ වගේ ලොකු අය එල්ලෙන විදිය...:D
මේවාට විහිළු කතා කියන්ට පුළුවන්ද ඈ o_O තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් :O
ReplyDeleteබ්ලොගියගේ පර්ම්පරාවටම පික්සු කියල මම කියන්නේ කට කහනවට නෙමෙයි ඕන් හරිය . .
ReplyDeleteමේකෙනුත් ඔප්පු උනා නේද ඒක හික්ස්
ඇත්තම කියන්න බ්ලොගී, අපි වැඩි දෙනෙක්ට කියන්නේ නෑ. මේක උනේ ඔයාට නේද :p
ReplyDeleteහික්ස් :D
ReplyDeleteකිව්වත් වගේ නිකන් අර අහක යන අහංසක චන්ඩොව පැටලුවද මන්දා බ්ලොගියගෙ සීන් එකකටම... :D
ReplyDeleteඕවා අමුතුවෙන් පුරුදුවෙන්න ඕනි ද.. DNA වලින් එන්නේ නැද්ද... :D
ReplyDeleteබෙල්ලේ තාම තියේද මන්දා වයර් පාර :-D
ReplyDeleteමට ඉතිං කියන්න ඉතිරි කරලා නැ දුකා අයියා එහෙම කියලා දාලා තියෙන්නෙ සැබැ තත්වේ :P
ReplyDeleteසෙල්ලම් ලෙල්ලම් වෙනවා කියන්නෙ ඕවට තමයි
ReplyDeleteඅම්මේ ........ ඔයින් ගියා මදෑ ......
ReplyDelete