මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ ..
හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මාගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින් අම්මයි අයියයි කතා කරලා සුභ පැතුවා . ඉතිං යන්තම් උදේ 10 වෙද්දි මගේ හිත පිරිලා තිබුනේ.. දැන් ඔක්කොම හරි.. මගේ හිත කිව්වා.. ඊට පස්සේ ගූග්ල් Buzz එකට ගියාම එතන කිහිප දෙනෙකුට වැඩේ මාට්ටු වෙලා කියලා මට තේරුනා.. එයාලා කොහොමද දැන ගත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.. ඉතින් ඊයේ දවස ඔහොම ගෙවුනයි කියමුකෝ…
අද උදේ පණිවිඩයක් ආවා වහාම ඊමේල් චෙක් කරන්න කියලා …. බැලින්නම් මෙන්න බොලේ හොඳම උපන්දින තෑග්ග එතන..
ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කාර්ඩ් එක ඊයෙම මට ඩිලිවර් වෙන්න තිබුනට වැඩේ වෙලා නෑ… ඉතින් ඒක අද උදේ තමා මට ලැබුනේ.. ඒ නිසා මට ඊයේ ඔයාලාගේ කාඩ් එක දකින්න බැරි උනා.. අද උදේ තමයි දැක්කේ..
ඉතින් මේ සටහන හරිම හදිස්සියේ දාන්නේ මගේ Greeting Card එකේ සයින් කරලා තිබුන හා ඉහත සඳහන් එකේක ක්‍රම වලින් මට සුභ පතපු හැමෝටම කරන ස්තූතියක් විදියට.. ඇත්තටම මගේ මුළු හිතම පිරිලා ගියේ මේ කාර්ඩ් එක දැක්කට පස්සේ…… ඉතින් යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් විනාඩියක් වෙන් කරලා මට සුබ පැතුමක් එක් කරපු ආදරණීය ඔයාලා ඔක්කෝටම බොහොම බොහොම ස්තූතියි..
කණිශ්ක , සූ අක්කා, කණියා, රචියා, ලිෂා , ප්‍රියන්ත අයියා, පැංචි, වාසල අයියා, මලි, deeps, මරණේ , තිස්ස අයියා, පහන් , ගෝලයා හෙවත් උමේෂ් , රොයිලි අයියා, Ansh Lucky, බුද්ධික අයියා, හර්ෂන , ගයාන් කණිෂ්ක , ආගන්තුකයා, පුතා, ශාකු මල්ලි, දුකා අයියා, බින්කු මල්ලි, නිශාචරයා, පැන්ඩා , ධනික , බයිස්කෝප් ටීම් එක එක්ක ඉන්දික සර්, උපුල් සර්, නරේෂ්, ශෂී, කසුන් අයියා, අපේ නගා, කිත්සිරි අයියා, විශ්නි, ශේන් මොර්ටර්ස් සහ හැම සැරේම මේ වගේ සප්‍රයිස් එකක් දෙන මගේ ආදරණීය ආදරේට ආයෙමත් ස්තූතියි.. නම නොකියවුන කවුරු හරි ඉන්නවනම් මට සමාවෙන්න..
පැංචි මට වෙලාවට වැඩ කරන පුරුද්ද ඇති කරගන්න ලස්සනම ලස්සන පුංචි අත් ඔරලෝසුවක් තෑගි දුන්නා. ඔයාටත් බොහොම ස්තූතියි පැංචි.. ළඟදීම සර්ප්‍රයිස් එකක් බලාපොරොත්තු වන්න…
හදිසියේම ටයිප් කරපු නිසා වැරදි ඇති… සමාවෙන්න ඕන කස්ටියම.