
මෙච්චර කල් නොලීවාට බ්ලොගී ගේ ඩයරියේ
අද ලියනවා කවි පද ටික ගලපල හදිස්සියේ
මෝඩයාගේ දවසේ මම බ්ලොග් ලිව්වට පස්සේ
නැත මේ අද වන තුරු මම මගේ ඩයරිය දැක්කේ
පැංචි ගිහින් උපාධි ගන්නට කොළොම්පුරේ
හැදිලා උණක් සතියක් හිටියලු GH හි ජපුරේ
සිතැඟිට පින් සිද්ද වෙන්න සැරිසැරුවට ජාලේ
නැහැ සතයක් වත් ගත්තේ හිත හොඳ කම ඔහුගේ
ලබන මාසේ අම්මා එනව මැද පෙරදිග සල්ලි අරන්
එතකොට ගන්නවා ජාලේ ගෙදරට මම සල්ලි බලෙන්
රන් යතුරේ ලොක්කන් අද රන් කූඩුවේ දමලා
රන් යතුරට වැඩ කල අපි මහ පාරට වැටිලා
ඉස්සර දුටු නිල් මොණරුන් නැහැ කලකින් දුටුවේ
එයින් දාපු සෙල්ලම් සිහිවි අද මට ඇඬුනේ
අනාගතේ දොරටු අරින රන් යතුරට බැඳුන දිනේ
දැකපු හීන තව දුරටත් නැහැ ඉතුරුව අපේ හිතේ
පියන් කොළුවා නැති දවසට තේ ටික හදලා දුන්නට
admin අක්කා නිවාඩු දා සේල්ස් පොතත් පිරෙව්වාට
අපේ අත්ත ගොඩ දාන්න ළමයි හොයලා ගෙනාවාට
ඉළ පතෙනුත් ගහලා මදි අපි වැඩි වැඩ පෙන්නුවාට
හිතට දුකයි, ඒ කියලා අඬන්න බෑ තවදුරටත්
කඩේ ගියා මදැයි ඉතින් අද වෙනකල් වසර තුනක්
වන්දිත් නෑ පඩියත් නෑ හුළං තමයි ඉතුරු උනේ
කොයි කාටත් පාඩම් වේවා මගේ මේ කතන්දරේ
ඔන්න ඕක තමයි උනේ බ්ලොගීට පහුගිය කාලේ
උයනවා කනවා ගෙවෙන්නේ ඔහොමයි දැන් මගේ කාලේ
එහෙනම් ඔය මදැ කිව්ව අදට ඇතිය මම ලිව්වා
තව දවසක එන්නම් එහෙනම් ඕං මම දිව්වා
මේ මොකෑ මේ?
ReplyDeleteඔහොම තමා ජිවිතේ,ඉක්මනට අලුත් රස්සාවක් ලැබේවි.දැන් ඉතින් කරන්න තියෙන්නේ අලුත් රස්සාවලට ඇප්ලිකේශන් දාන එක තමා.කඩේ ගිය අවුරුදු තුන ගැන පසු තැවෙන්න දෙයක් නැ.හොද පලපුරුද්දක් ලැබුණනේ.
ReplyDeleteහප්පට සිරි, ගනන් ගන්න එපා, හැමදේම වෙන්නේ හොදට
ReplyDeleteගනන් ගන්න එපා නංගි. පෙරළුනු පිට හොඳයි කියල අලුත් රස්සාවක් හොයාගන්නකො..ඕවද මිනිස්සුන්ට වෙන්නෙ...පරණ එකට වැඩිය හොඳ එකක් ඔයාට හම්බ වෙයි
ReplyDeleteඅයියෝ.. ඕක ගැන දැන් හිත නරක් කරන් වැඩක් නෑනේ නගා...
ReplyDeleteමෙන්න මේ video clip එක බලන්න..ඔයා කොයි තරම් වාසනාවන්තද කියලා හිතෙයි..
http://pissa-pissublog.blogspot.com/2009/03/blog-post_15.html
ගනන් ගන්න එපා අක්ක....
ReplyDeleteකට්ටියම පේන්න නැති කොට මං හිතුවා.. ඔහොම ඇබැද්දියක් වෙලා ඇති කියලා.. හයියෝ.. දුක තමා... කමක් නෑ සිසියෝ.. හැමදේම හොදට සිද්ද වෙයි... හෙට අනිද්දට මාත් මේ වගේ එකක් ලියනවා.. කාටද ආඩම්බර්..!
ReplyDeleteඔහෙ හිටු... මෙන්න මෙයා මටත් හොරෙන් බ්ලොගක් දාලා... හෙට අනිද්දම මමත් ආපහු පටන් ගන්න ඕන... එළ කවිය... පුළුවන්නං ඕක මහ බොසාට පෙන්නහං බ්ලොගියෝ...
ReplyDeleteමේ මං කිව්ව හන්දා ඕක මහ බොසාට පෙන්නන්නයි කියලා බොලා උසාවි රිමාන්ඩ් ගානේ යනව එහෙම නෙමෙයි...
ReplyDeleteමාත් මේ බැලුවා අවුරුදු නිවාඩුව ඕනවට වඩා දිගට ගන්නකොට කට්ටියට මොකො උනේ කියලා.
ReplyDeleteසැලෙන්න එපා මෙයා අවුරුදු තුනේ හම්බ උනේ අත්දැකීම් මිසක් වෙන මොකුත් නෙමෙයි එවා වටින්නේ තව ඉස්සරහට. විගහින් වෙන මක්කවත් කොරන්න ලැබේවා කියල මන් පතනවා
ශාකුන්තලට - මොකෑ?
ReplyDeleteදිලාන්ට - හප්පට සිරි ආයෙත් කඩේ යෑමක්!
Kusalට - අන්න හරි,අන්න හරි මමත් ඔය දේ නම් විශ්වාස කරනවා.
niroshinieට - ඒ බලාපොරොත්තුවෙන් තමා මාත් ඉන්නේ අක්කෝ....
පිස්සාට -අනේ ඉතිං ඒක අයින් කරලා නොවැ. ඔයාට පිස්සු කියන්නේ නිකන්ද ඉතිං, හික්!
දසුන් මධුසංඛ වානගුරුට - චී චී චි මම සතේකට මායිම් කරන්නෑ.
මලීට - හෑහ්! ඒ මොකද? ඔයත් සුදු සීයාගේ කොම්පැණියකද වැඩ කරේ.
කුෂාන්ට - දැන්නම් අපි යයි!
ම ට - ඒක හැබෑව.අන්තිමේදී ඉතුරු උනේ අත්දැකීම් විතරයි.මම පරිණත උනේ ඔය රස්සාව හන්දා.නැත්නම් මම හිතන් හිටියේ මම අද ඊයේ ඉපදුනාය කියලා. ස්තූතියි සහෝදරයා,මම නොහිතපු පැත්තක් පෙන්නලා දුන්නට.
ගනං ගන්න එපෝ.
ReplyDeleteඅක්කාට මෙහෙම උනා කියලා අදනේ දන්නේ අක්කාට හොද රස්සසාවක් ඉක්මනට ලැබෙනවා සුවර්
ReplyDeleteකලෙකින් තමා ඔහොම එක පාර අතුරුදහන් වෙන එක නම් අවුල්..
ReplyDeleteමොකෝ කාලෙකින් මොකුත් නොලිව්වේ ????
ReplyDelete