Tuesday, May 25, 2010

තව වෙන මොනවද?

 

Lappy

හරි දැන් කියන්න බලමු ඔයාලා දන්නවද බ්ලොගීට දැන් අළුත් යාළුවෙක් ඉන්නවය කියලා. නෑනේ. එහෙනම් ඔන්න දැන ගන්න බ්ලොගිගේ අළුත් යාළුවගේ නම Sony Vaio  VGN-CR520E මේ ඉන්නේ එයා. මගේ පණත් හරි එයත් හරි. හැමවෙලේම බ්ලොගීගේ උකුලේ නැළවි නැළවි තමා ඉන්නේ. මෙයා බ්ලොගී ගාවට ආවේ බ්ලොගීගේ ආදරණීය අයියාගේ ආදරණීය තෑග්ගක් විදියට. දැන් බ්ලොගී හරි හරියට බ්ලොග් ලියන්නෙත් මෙයාට පින් සිද්ද වෙන්න තමා. හරි හරි ඔය ඇති.

දැන් අනිත් නිවුස් එක. බ්ලොගී ගෙදරට අන්තර්ජාලේ ගත්තා. හුරේ……!.! ඔපිසියේ කොච්චර නම් ජාලේ තිබ්බත් ගෙදර තියෙනවා වගේ නෑනේ. ෆිල්ම් එකක් බාගන්නත් සතියක් විතර යනවා. ඇයි ඉතිං හොරෙන් එපැයි ඒ වැ‍ඩෙත් කරන්න. දැන් එහෙම නෑ. බ්ලොගී ජංජාලේ පීන පීන නානවා. බයිස්කෝප් අඩවියට පින් සිද්ද වෙන්න ඕන් රවුටරේ හැමවෙලේම ගිනි අරන් වගේ තමා. හදිස්සියකට ගෑස් ඉවර උනොත් රවුටරේ උඩට බිත්තරයක් එහෙම කඩලා දාලා බැද ගන්න උනත් පුළුවන්.

OK! දැනට බයිලා එච්චරයි. රස කතාවකින් හෙට අනිද්දම හමුවෙමු.

18 comments:

  1. අලුත් යාලුවෙක්....නියමයි....
    එහෙනම් ඉතින් බයිස්කෝප් එක පැත්තේ ගිහින් අපි දුන්න ඒවත් බාගන්නකෝ...

    ReplyDelete
  2. ශික් අපිට නෑනේ ඔය වගේ අයියලා. :)

    කොහොම වුනත් කමක් නෑ. දැන් ඉතින් දිගටම ලියන එකයි. :D

    ReplyDelete
  3. පින් ඇති බ්ලොගී...
    ගත්ත මැසිමක් අනගී....
    නොලියා තවත් සෝගි...........
    ලියන්නට හැකි වේව පැනි ගී....
    ප.ලි...(පැනි යනු රසවත් යන අදහසයි...)

    ReplyDelete
  4. ඉරිසියාවේ බැරුවා. (තරහා නෑනේ.) ලංකාවේ හුඟ දෙනෙක් Sony වලට කැමති නෑ. ඒත් මම හිතන්නේ Windows based හොඳම laptops අතර toshiba & Sony උඩින්ම ඉන්නවා. (දෙකම ජපන් වීමත් විශේෂයක්) hp වල සෝබනේ විතරයි. Hard use වලට හරි යන්නෙත් නෑනේ.

    ReplyDelete
  5. අනේ පින්වත් නැගනියක්..
    අයියා මතු බුදු වෙවා..හැබැයි දැන්ම එපා..
    එහෙම උනොත් තව ගාණකට කොටා ගන්න අපේ බ්ලොගියාට බැරි වෙනවා නෙව..
    මෙහෙම අයියලා වාසනාවන්..

    ReplyDelete
  6. ශෝයි...එතකොට බ්ලොගි අක්කි අලුත් පොස්ට් ගොඩාක් ඉක්මනට දායි.

    ReplyDelete
  7. @චමිදේවා - බානවා බානවා මුළු බයිස්කෝප් අඩවියම හරි බානවා. ඔයා රෙකමන්ඩ් කරන ෆිල්ම්ස් අනිවාර්යෙන් බානවා. මොකද ඔයත් කැමති අමුතු ලස්සන ස්ටෝරිස් බලන්න නේ...!!

    @roylyfernando - හිහ්! හිහ්! නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී.

    @indi - ලිව්වත් ඉඳලා හිටලා මම සෝ බ්ලොග් ගී
    ලියවෙයි මින් පසු නිතරම පැණි බ්ලොග් ගී
    දෙකෙන් කෝක ලිවුවත් මා මෙහි බ්ලොග් ගී
    ලියන්නේ එකෙකි ඒ මම ෆා ද බ්ලොගී

    (කවියක් යැයි සැළකිය හැකි යමක්!!!)

    @Thejan - මොකට තරහ වෙනවද??? අපි අපිනේ! ඇයි අප්පා ලංකාවේ අය sony වලට කැමති නැත්තේ. මම නම් නිකන් දෙන අස්පයගේ දත් ගනින්න ගියේ නෑ ඕං. HP වලටනම් මාත් අකමැතියි. වෙන එහෙකට නෙමේ. ඒකෙ තියෙන දරඳඩු look එකට.

    @මාරයාගේ හෝරාව - හෆොයි! බුදු සසුනේ යහපත උදෙසා ප්‍රාර්ථනාව දැන්ම ඉල්ලා අස් කරන්න. තාම එක දතයි ගැලෙව්වවේ. තව දත් 31ක්ද කොහෙද තියෙනවා.

    @Kandulu Binduwa - ගොඩක් දාන්න නම් ආසයි. ඒත් කතාවක් තමා තාම හැදුන්නැත්නේ. ඒත් පුළුවන් තරම් ඉක්මනට දාන්නම් OK!

    ReplyDelete
  8. කාලෙකට පස්සෙ. එහෙනම් ආයි බ්ලොග් ලියයි නේ ලමයා :-D

    ReplyDelete
  9. ශා මගෙත් ආසාවක් තියෙනවා ලෑප්ටොප් එකකට නම්.ඒත් ඉතින් අපිට අයියලා නෑනේ.

    ReplyDelete
  10. @ම - හම්! ලියමු ලියමු! බ්රේක් ගගහා ලියමු!

    @NUWAN"s lane - හිහ්! හිහ්! එහෙම කියන්න එපා. කවද හරි ඔයාටම එකක් ගන්න බැරියැයි.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේ අපේ ibuntu අධිපති අයියාගෙ fiancee නේද

    ReplyDelete
  13. අම්මටසිරි! ධනපති පංතියෙ ලැප්ටොප් එකක්නේ.... O_o
    කාමරේ ටිකක් හැඩි වෙලා නේද? ආ..හා... මට පේනවා.... :D

    කොහොම වුණත් බ්ලොගී ආපහු ආ එක ගැන සතුටුයි. :)

    ReplyDelete
  14. බ්ලොගියගේ කාමරේ නම් දෙහිවල පැත්තෙන් ආපු කෙනෙක් නොවැ ඩිසයින් කොරේ.මොනාවුණත් අධි බලැති විදුලි රැහැන් වලට අහුවෙලා බාබකියු වෙන්නනම් එපෝ.

    ReplyDelete
  15. @පැන්da - හරියට හරි! එයාම තමයි! පැන්ඩව මං දැකල නෑනේ.

    ශාකුන්තල -මට නිකං හිතුන කවුරු හරි ඒක දකී කියලා. මොනා කියනවද මන්දා, ධනපතියො ධනපති පංතියේ ලැප්ටොප් තමා පාවිච්චි කොරන්නේ.මම +පතියෙක්මි.

    @Naදී - ඒ වැඩේ නම් ලඟදීම වෙනවා අක්කණ්ඩි... ෂුවර්!

    ReplyDelete
  16. අනේ මේ අර ඉස්සර ලිව්ව වගේ අපිව හිනා ගස්සලා මරණ ජාතියේ කතාවක් දෙකක් ලියන්ට කෝ අප්පා . . .

    ReplyDelete
  17. අනේ වාසනාවන්...
    මෙහෙම අයියලා ලබන්න....හෆෝයි පව් අසරණ අයියා.

    ReplyDelete
  18. මේක දැක්කෙ දැන්නෙ. මගෙ ප්‍රියාම්බිකාවගෙ නෑදෑ පරපුරේ කෙනෙක් නෙ මෙයත්. දැං බ්ලොගියි ඇන්ටයි නෑයොද එතකොට?

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails