Wednesday, July 7, 2010

බ්ලොගී ද හාර්ඩ්වෙයාර් ඉංජිනියර්ර්ර්ර්ර්!!!!


computer-repair-engineer-
මේ දවස් වල මොන කරුමයක් ද මන්දා ෆන් සිද්දියක් වෙන්නේම නෑ…ඒත් ඒ කියලා ඩයරිය නොලියා ඉන්නත් බෑනේ….! ඔන්න ඉතින් බ්ලොගී මොනාද ලියන්නේ කියලා පෑන කටේ ගහගෙන බලන් ඉද්දි බ්ලොගී දැක්කා ඉස්සරහ තියෙන රූම් එකේ ස්ටුඩන්ටෙක්(student) මස් කරන ලද කොම්පූටරයක් එකලාසයක් කරන්න මොකද්ද කැඩුන කඩි පැටිය වගේ දලනවා …..! 

ඒත් එක්කම බ්ලොගියගේ හිත ඈත අතීතයේ සිද්ධියකට ඇදී ගියා.. හෝව් හෝව්.. බ්ලොගිය ඉපදිච්ච දවසේ ඉස්පිරිතාලේ පඩි පෙළ ගාවද කට්ටියම ඉන්නේ.. නෑ නෑ මෙහාට එන්න මෙහාට එන්න.. එච්චර දුර යන්න ඕන නෑ..
2007ට විතර ගියාම ඇති… ඔන්න ඒ කාලෙ……………..

ටොයිං ටොයිං ටොයිං ටොයිං 

හරි කට්ටියම උඩ බලන්න ඔන්න ස්ක්රීන් එක බොඳ වෙලා කැරකෙනවා.. ෆ්ලැෂ් බැක් එකකට යන්නයි යන්නේ…..
ඒ කාලේ බ්ලොගි කලින් වැඩ කරපු කොම්පැණියේ ෆ්‍රී ලාන්සර් කෙනෙක.. අර පඩි නැතුව පිනට…. දන්නවනේ…

මේ කොම්පැණිය ගැන නොදන්න අය මේං මේක කියව ගන්න කෝ…. මේ කියන කොම්පැණියේ ඉස්සර නොකෙරිච්ච IT පාඩමක් නෑ…අරකද මේකද.. අරකද මේකද ඔක්කොම ජාති කෙරුනා.. කඩු හරඹ පන්තියකුත් මහ පරිමාණෙන් කෙරුනා.. ඉතින් වැඩේ හොඳ නිසාම IT ඉගෙන ගන්න එන ළමයි එහෙම ඉංගිරීසිත් ඉගෙන ගන්නවා වැඩි හොඳට..බ්ලොගිය වැඩට යන්න ගත්ත මුල් කාලේ නිසා professional කියන එන ගැන හාංනවිසියක්වත් දැනං හිටියේ නෑ.. හිටි ගමන් ඩෙනිම් පිනපෝවක් ඇඳගෙනත් වැඩට ගියා බ්ලොගිය… දැන්නම් මතක් වෙද්දි දිව හපාගෙන මැරෙන්න තරමේ ලැජ්ජාවක් එනවා… ඉතිං අර ඉංගිරීසි පන්තියට එන කොල්ලො කුරුට්ටන්ට ලොකු ප්‍රස්නයක් උනා බ්ලොගී මේ කොම්පැණියේ මොන පෝස්ට් එකේද ඉන්නේ කියන එක.. පෝස්ට් එක නොදන්න සමහරුන්ගෙන් බ්ලොගීට යන එන කොට සූ පාරක් විසිල් පාරක් එහෙමත් වැදුනා.. පසු කාලෙක දැන ගත් පරිදි මේ වඳුරු රැළ බ්ලොගියට ‘ජපන්’ කියලා නමකුත් පට බැඳලා තිබිලා තියෙනවා.. 

ඒකාලේ ලැබ් එකේ තිබුන හොඳම මැසිමේ කන්‍ෆිගරේෂන් ගැන කියනවනම් පී–හතරයි, 256 මතකෙයි..2.68 වේගෙයි, 64VGA 80GB හාර්ඩ්(ඔච්චරයි දන්නේ) මේ මැසිං දෙකේ තමා ඔය ත්‍රීඩි මැක්ස් , මායා වගේ බර වැඩි සොට්ටෙයා දාලා තිබුනේ…… ඒ කාලේ අපේ උගන්නන ඈයෝ ඔය මැසින් දෙකට වැඳලා එහෙම තමා වැඩ පටන් ගන්නේ. 

ඉතිං එහෙව් වූ මැසිමකට දවසක් ෂෝට් ටයිම් මෙමරි ලොස් වගේ ලෙඩක් හැදිලා..  එදා 3d max class එකකුත් කෙරෙන්නට නියමිත දවසක්.. ඉතින් 3d max ගුරුන්නාන්සේ ළමයි එන්න කලින් මැසිමෙ කේසින් එක අයින් කරලා තියලා පොඩ්ඩකට එහාට ගිහින් තියෙන්නේ හාඩ්වෙයාර් ගුරුන්නාන්සේ ඇවිත් මැසිමට බෙහෙත් දානකල්.. ඔය අතරේ බ්ලොගිය ඔතනින් යන්න ගියේ වෙන වැඩකට.. ඉතිං පඩිත් නැතුව නිකන් වැඩ කරනේ එකේ සාස්තරේ ඉගෙන ගත්තට පාඩුවක් නෑ කියන එක බ්ලොගියගේ ඔළුවේ නිතරම වැඩ කරපු තියරියක්…
අනික් පැත්ත ගැහිච්ච කැරපොත්තෙක් වගේ බඩවැල් එළියේ දාගෙන හිටපු කොම්පූටරේ දැකපු බ්ලොගියට හිතුන ඩිංගක් මේ අත්භූත අරුම පුදුම යන්තරේ ගැන අධ්‍යනයක් කරන්න. ළඟම එක එක සයිස් එකේ ස්ක්රූ ඩ්‍රයිවර් වගයකුත් තියෙනවා.. පොඩි බ්‍රෂ් දෙකකුත් තියෙනවා.. ඒ අතරින් ලොකුම ස්ක්රූ ඩ්‍රයිවරේ තෝර ගත්ත බ්ලොගි අර කොම්පූටරේ හොඳට හයි වෙලා තිබුන ඇණ තව ටිකක් තද කරන්න ගත්තා.. නට් බුරුල් කියන ලෙඩේ තිබුනනම් සනීප වෙන්නැතෑයි. 

මේ අතර අර 3d max class ක්ලාස් එකේ ළමයෙකුත් ලැබ් එක පැත්තට ගාටලා තියෙනවා.. පන්තියට ඇතුල් වෙන දොර ගාවම ළමයට නිවුස් එක ලැබිලා මැසිමට ලෙඩ ඒ හාඩ්වෙයාර් ගුරුන්නාන්සේ මැසිම හදන නිසා ක්ලාස් පටන් ගන්න වෙලා යයි කියලා.. හා තව දෙයක්… මේ ළමයා අර ඉංගිරීස් පන්තියේ රිළා මොටාලාගේ ගැන්සියේ සාඩම්බර සාමාජිකයෙක්… ඉතිං ඔය ළමයා ලැබ් එකට ඇවිත් වාඩි උනාය කියමුකෝ…  තමන් වෙනදට යස අගේට වැඩ කරන කොම්පූටර් පොඩ්ඩට වෙලා තියෙන හදිය ගැන මතක් වෙච්ච ළමයා ඔළුව උස්සලා අර මැසිම තිබ්බ ඉසව්ව බලලා තියෙනවා…. 

අප්පට උඩු.. ළමයාට මංඤ්ඤං… ළමයා දකිනවා බ්ලොගියා දාඩිය දාගෙන දිවත් හපාගෙන මැසිම රෙපෙයාර් කරනවා…ඇණ ගලවනවා හයි කරනවා..දූවිලි පිහදානවා.. වැඩ ගොඩයි.. දැන් ළමයා හිතන්නේ මොකද්ද.. “හෆොයි! අපි මෙච්චර කල් කිසිම ගරු සරුවක් නැතුව විහිළු කරලා තියෙන්නේ මේ ආයතකයේ හාඩ්වෙයා ඉංජිනියර් තුමියට නේද?” ඉඳලා හමාරයි.. දැන් වැඩේ යන අතර බ්ලොගියටත් තේරුනා කවුරු හරි තමන් දිහාවේ කන්න වගේ බලන් ඉන්නවා කියලා..බැලින්නම් රිලා මොටා ගැන්සියේ පොරක් ඉන්නවා හොල්මනක් දැක්කා වගේ බලා ගෙන… හා වරෙන් පුතේ..අද තනියම නේද උඹ…ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්…! බ්ලොගියත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන අර ළමයාට හොඳ හැටි රුව්වා….ළමය නිකන් මීයට පිම්බ වගේ… නෝ සත්තම්.. සාන්ත දාන්ත කීකරු බව් පැටිය වගේ ඉන්නව නේද පුටුවටම වෙලා… හැබැයි බ්ලොගිය දන්නෑ ළමය හිතුවේ මොනාද කියලා.. බ්ලොගී හිතන් ඉන්නේ මේ අද ගැන්සිය නැතිව තනි‍යම ඉන්න නිසා ළමයගේ සද්දේ අඩුයි කියලා…
ඉතිං ඔහොම දවස ගෙවුනයි කියමුකෝ… පස්සේ දැනගත් හැටියට කොම්පූටරේ හදන්න ආපු මනුස්සයට වැඩේ ගොඩක් අමාරු උනා කියලයි ආරන්චිය…. මිනිහ වැඩබැරි දාස කෙනෙක් මගේ හිතේ… 

ඉතිං ඊට පස්සේ ඉංගිරීසි ක්ලාස් එක පැත්තෙන් බ්ලොගිය යන කොට කෑ ගගහා ඉන්න ළමයි පුදුම විදියට නිශ්ශබ්ද වෙනවා.. ආයෙ මීක් ගාලා සද්දයක් නෑ…බ්ලොගී යන පාරෙන් ළමයි හිටියොත් දෙපැත්තට වෙලා යන්න ඉඩ දෙනවා.. හරි හොඳ ළමයි ටික අප්පා…බ්ලොගීටත් හිතා ගන්න බෑ වෙනසට හේතුව …

ටොයිං ටොයිං ටොයිං ටොයිං  නැවතත් වර්තමානයට.. ඉතිං ඊට පස්සේ බ්ලොගී බොහොම සතුටින් වාසය කලා…

ප.ලි – මේ කතාව බ්ලොගී දැන ගත්තේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සේ මේ කොම්පැණියටම ‍ෆ්‍රීලාන්සර් වෙලා ආපු අර ඉහත සඳහන් ළමයා ගෙන්.. දැන් බ්ලොගියි ඒ ළමයයි මැන්ගෝ ‍‍friends ලා……

34 comments:

  1. හික් හික් හික්....ඔයින් ගියා මදෑ

    ReplyDelete
  2. මගෙ කම්පීතරෙත් ලෙඩක් තියනවා වගේ...බැරිද ඉංජිනේරුතුමියට බෙහෙත් ජුංඩිත්තක් දෙන්න...

    ReplyDelete
  3. ෂා මමත් මේ හොය හොය උන්නෙ හොඳ හාඩ්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ව. ඇඩ්‍රැස් එක දුන්නනම් හදාගන්න තියෙන මැෂින් ටික බාලා යන්න තිබ්බා. :P


    ප.ලි.
    ගිය මාසෙට එක පෝස්ට් එකක් දාලා බේරුනා වගේ මේ මාසෙටත් මෙකෙන් පස්සෙ නොලිය ඉන්න නම් එපා :D

    ReplyDelete
  4. හුටා . . . ඉතින් ඕක අහන්න දෙයක්ද ? නිකන් තියෙන ඇණ ටික තද කරල දැම්මට පස්සෙ හැබෑ හාඩ් වෙයාර් ගුරුන්නාන්සෙට ඇණ ටික ගලව ගන්නම සෑහෙන්න ගේමක් දෙන්න වෙන්න ඇති . . . . ! මොනව උනත් සිරා කතාව . . . ! හැබැයි අර රිලා කියල කිව්වට මට හිතෙන්නෙ නම් මෙයා මුව පැටියෙක් වගේ කොල්ලෙක්ට තමා රවල තියෙන්නෙ . . ! රැව්වට පස්සෙද ජපන් කියල නම වැටුනෙ ?

    ReplyDelete
  5. හක් හක් හා..
    :D :D
    නියම කතාව..

    "පස්සේ දැනගත් හැටියට කොම්පූටරේ හදන්න ආපු මනුස්සයට වැඩේ ගොඩක් අමාරු උනා කියලයි ආරන්චිය"
    ඒක එහෙම නොවුනානම් තමයි ඔන්න පුදුම වෙන්න ඕනේ, නේද බ්ලොගී??

    ReplyDelete
  6. හික්ස්.....
    මරේ මරු...........

    ReplyDelete
  7. එළ.. සිරා කතාව

    ReplyDelete
  8. අඩේ හක්ක පැන්නද කොහේද් මගේ :P

    ReplyDelete
  9. මැසිමෙන් ආයි වැඩක් ගන්න පුළුවන් උනාද???

    ReplyDelete
  10. මදැ ඔයින් බේරුනා !! මටත් තියෙ ඔය වගේ සුන්දර මතකයක් ස්කොලේ කම්පියුටර් ලැබ් එකේ බාස් වැඩ කරලා බැනුම් අහන්නේ නැතුව බේරුන අවස්ථා

    සිරා කතාව +1

    ReplyDelete
  11. @ ම :

    මම හිතන්නේ පුලුවන් වෙන්න ඇති :P

    ReplyDelete
  12. මගේ කොම්පූටරෙත් මෙතනින් තියල යන්නම්. පුළුවන් වෙලාවක හදල තියන්න. ඇණ ටික ලේසි වෙන්න බුරුල් කරලම තියන්නම්. මොනව වුනත් මරු කතාව.

    ReplyDelete
  13. අම්මප බ්ලොගියො මැසිම ඊට පස්සෙ වැඩ කොලාද..?

    ReplyDelete
  14. මේ අපේ ගෙදර කොම්පියුටරේත් කැඩිලලු... වෙලාවක ඇවිල්ල හදල දෙනවද :P

    ReplyDelete
  15. බොහොම ටැංකියු වෙන්න ඕනා පරණ රසවත් අතීතේ ආපහු මතක් කරාට... ඔය කොම්පියුටරේ හදා ගන්න බැරි ත්‍රිමානඋපරිම ගුරුන්නාන්සේ කොයි දැන්? :P

    ReplyDelete
  16. අම්මේ යන්තන් බ්ලොගී අලුත් පෝස්ට් එකක් දාල. දැන් ඉතින් ආයෙ හත් අවුරුද්දකට තව එකක් දාන්නේ නැතුව ඉඳීවි ද දන්නේ නෑ :(

    ප.ලි.
    කතාව නම් හැමදාමත් වගේ උපරිමයි :D

    ReplyDelete
  17. කතාවනම් උපරිමයි....මම බය.........උනා...අලුත ගත ලැප්ටොප් එකටවත්...... මොනවාහරි කොරගෙනකියලා.........

    ReplyDelete
  18. මාත් හිතුවේ ඉලංදාරියා හිතුව විදියටම ලැප්ටොප් එක ගලවලා කියලයි:D

    ReplyDelete
  19. මං නම් හිතන්නේ අර ළමයා හිතන්න ඇත්තේ.."මෙන්න මෙයා අපේ 3D max උගන්වන කොම්පීටරේ ආදාහන කටයුතු කරන්නයි ලෑස්තිය" කියල වෙන්න ඇති...:P :P

    ReplyDelete
  20. @Hasitha ජයසූරිය
    @Shadow/හේමලයා
    තැන්කූ.. ප්‍රතිචාරයට!!

    @චමිදේවා
    @roylyfernando
    හරි දෙන්නම ඇපොයිමන්ට් එකක් දාලා අරං එන්නකකෝ කොම්පූටර් ටික.. කඳු නගින්න අමාරු නම් ඇටැච් කරල ඊමේල් එකක් දැම්මත් කමක් නෑ..

    @දුමී
    හොඳ මුව පැටිය.. හේ හේ අපි අහිංසකයන්ට පාට් දාන්නෑ..

    @Ansh Lucky Sri Jay
    ඒක එහෙම වෙන්න එපෑය සහෝදරී.. එක්ස්පර්ට් කෙනෙක් නේ කලින් මැසිම රෙපෙයාර් කොරේ.. හික්!!

    @෴ හසියා ෴
    @RanDil
    @වැම්පයර්
    @රවා
    ප්‍රතිචාරයට ස්තූතියි!! සහෝ.. ලා...!

    @හිඟන්නා
    හක්ක ෆික්ස් කරන එක සිම්පල් නේ.. ! ලොකු මල් ඉස්කුරුප්පු නියනක් විතරයි ඕනා...

    @ම
    ආයෙත් අහලා.. එදායින් පස්සේ හාර්ඩ්වෙයාර් සෙක්ෂන් එකේ ළමයිට කම්පූටරේ හරස් කඩක් පෙන්නන්න ගත්තේ ඒ මැසිම...

    ReplyDelete
  21. @Dar[K]™
    එහෙම තමයි ඉගෙන ගන්න ළමයි.. හාර්ඩ්වෙයාර් ඉගෙන ගනිද්දි කොම්පූටරයක් දෙකක් කැඩෙන එක සාමාන්‍ය දෙයක් නේ..? හිහි!


    @priyantha.ඒබී
    අනේ හොඳයි.. මැසිමත් එක්ක මොනා හරි තරහක් තියෙනවා වගේ!! මට බාර දුන්නේ ඒ නිසා වෙන්නැති.. හික්!!

    @මාරයාගේ හෝරාව
    මොනවා කියනවද අයියේ... වැඩද බලන්න කාටවත් මැසිම ඔන් කර ගන්න බැරි උනා මයේ හිතේ..

    @Grey
    හෝව් හෝව් පෝළිමේ එන්න..

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි
    ත්‍රිමානඋපරිම ගුරුන්නාන්සේ ආං අර කැම්පස් එක ගාව කඩයක් දාගෙන ඉන්නවා කියලා ආරන්චි....

    @කොඩී
    හනී... එහෙම කියන්ට එපා බාං... බලමු ආයේත් ෆ්ලෑෂ් බැක් ස්ටෝරියක් තමා දාන්න වෙන්නේ...

    @ඉලංදාරියා
    @nimanthi
    බුදු අම්මේ...හ්...! මගේ පණට මං මොනා හරි කරගනිවිද එහෙමත්?

    @♠GaŋGster♠™
    හිකිස්!! කියන්න බෑ.. ඒවගේ දෙයකුත් ඒ මූණේ ලියවිලා තිබුනා මතකයි...!

    ReplyDelete
  22. ඔයා රවන කොට ඒ කොල්ලාට හිනා ගියේ නෑද්ද?!පුදුමයි

    ReplyDelete
  23. ෂා මරු බ්ලොග් එක.හරි වෙනස්.හැබැයි මරු.මරේ මරු.ඔන්න මාත් ඔයාගෙ පස්සෙන් එනවා

    ReplyDelete
  24. නියමයි කතාව!! තව ලියන්න.. අපි කියෝනවෝ..!
    [ඔන්න මම ඔයාගේ 100th follower ;)]

    ReplyDelete
  25. මරු මරු...
    ඒක මරු...

    අද තනියම නේද උඹ…ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්…! බ්ලොගියත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන අර ළමයාට හොඳ හැටි රුව්වා…

    මේක තමා මරුම...

    ReplyDelete
  26. අපොයි... තව චිරාත් කලයක් පාවිච්චි කොරන්න තිබ්බ මැසිම.

    ReplyDelete
  27. ආ අර ජපනි කතාව නම් සසියා කිව්වා. මරු මචෝ....ඔන්න ප්‍රස්තාපිරුලක් මං ගානේ. "බ්ලොගියා හාඩ්වෙයාර් කල හැටි"

    ReplyDelete
  28. මෙයාට රවන්නත් පුලුවන්ද?
    හයි කරද්දි ඇණ ඉතුරු කරන්නැත්තං මැෂින් එකක් ‍තියෙනවා හයි කරල දෙන්න පුලුවන් නම්.

    ReplyDelete
  29. @NUWAN"s lane
    හා... හිනාවෙලා තිබුනොත් බලා ගන්න තිබුනා..
    (එහෙනම් මාත් එයාට එකතු වෙලා හිනා වෙනවා. බු හා හා)

    @PuBBa
    තැන්කූ වෙරි වෙරි මච්. ඒ කියන්නේ වෙනදට වඩා වේගෙන් දුවන්න වෙයිනේ..

    @malithi
    තෑන්ක්ස් නගේ.. ඔන්න මං තව හයියෙන් දුවනවා..

    @බිඟුවා...!
    හිහි.. කල දුටු කල වල ඉහ ගනු කිව්වලු
    (මේක මෙතනට ගැළපෙනවද මන්දා)

    @අනුරාධ
    හිහි..

    @Naදී
    හෆොයි මොනවද එයා කිව්වේ..කතාවට තව අතිනුත් දාලා කියන්ට ඇති..

    @ගයාන් තාරක
    නැතුව නැතුව. ඔන්න රුව්වා.. ගර්ර්ර්ර්ර්ර!!
    අනේ ඒ වැඩේ නම් වෙනව සුවර්.. මගේ පරණ කබල් කොම්පීටරේ ගලවපු හැම පාරම ඇණ දෙක දෙක ඉතුරු උනා. දැන් ඒකේ ඇණ නැති තරම්.හික්!!

    ReplyDelete
  30. "ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?"

    මම?????? අනේ නෑ මන් අහින්සකයි!!!!!!!!!!!

    එල එල මගෙ ලැපෙත් පොඩි කේස් 1ක් තියනව මුකුත් කරගන්න බරි වෙයිද දන්නෑ නේද නැන්දේ....... ;)

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails