Sunday, June 14, 2009

හිතේ අමාරුවට ලියවුන කවි












මෙච්චර කල් නොලීවාට බ්ලොගී ගේ ඩයරියේ
අද ලියනවා කවි පද ටික ගලපල හදිස්සියේ‍

මෝඩයාගේ දවසේ මම බ්ලොග් ලිව්වට පස්සේ
නැත මේ අද වන තුරු මම මගේ ඩයරිය දැක්කේ

පැංචි ගිහින් උපාධි ගන්නට කොළොම්පුරේ
හැදිලා උණක් සතියක් හිටියලු GH හි ජපුරේ

සිතැඟිට පින් සිද්ද වෙන්න සැරිසැරුවට ජාලේ
නැහැ සතයක් වත් ගත්තේ හිත හොඳ කම ඔහුගේ

ලබන මාසේ අම්මා එනව මැද පෙරදිග සල්ලි අරන්
එතකොට ගන්නවා ජාලේ ගෙදරට මම සල්ලි බලෙන්

රන් යතුරේ ලොක්කන් අද රන් කූඩුවේ දමලා
රන් යතුරට වැඩ කල අපි මහ පාරට වැටිලා

ඉස්සර දුටු නිල් මොණරුන් නැහැ කලකින් දුටුවේ
එයින් දාපු සෙල්ලම් සිහිවි අද මට ඇඬුනේ

අනාගතේ දොරටු අරින රන් යතුරට බැඳුන දිනේ
දැකපු හීන තව දුරටත් නැහැ ඉතුරුව අපේ හිතේ

පියන් කොළුවා නැති දවසට තේ ටික හදලා දුන්නට
admin අක්කා නිවාඩු දා සේල්ස් පොතත් පිරෙව්වාට

අපේ අත්ත ගොඩ දාන්න ළමයි හොයලා ගෙනාවාට
ඉළ පතෙනුත් ගහලා මදි අපි වැඩි වැඩ පෙන්නුවාට

හිතට දුකයි, ඒ කියලා අඬන්න බෑ තවදුරටත්
කඩේ ගියා මදැයි ඉතින් අද වෙනකල් වසර තුනක්

වන්දිත් නෑ පඩියත් නෑ හුළං තමයි ඉතුරු උනේ
කොයි කාටත් පාඩම් වේවා මගේ මේ කතන්දරේ

ඔන්න ඕක තමයි උනේ බ්ලොගීට පහුගිය කාලේ
උයනවා කනවා ගෙවෙන්නේ ඔහොමයි දැන් මගේ කාලේ

එහෙනම් ඔය මදැ කිව්ව අදට ඇතිය මම ලිව්වා
තව දවසක එන්නම් එහෙනම් ඕං මම දිව්වා

15 comments:

  1. ඔහොම තමා ජිවිතේ,ඉක්මනට අලුත් රස්සාවක් ලැබේවි.දැන් ඉතින් කරන්න තියෙන්නේ අලුත් රස්සාවලට ඇප්ලිකේශන් දාන එක තමා.කඩේ ගිය අවුරුදු තුන ගැන පසු තැවෙන්න දෙයක් නැ.හොද පලපුරුද්දක් ලැබුණනේ.

    ReplyDelete
  2. හප්පට සිරි, ගනන් ගන්න එපා, හැමදේම වෙන්නේ හොදට

    ReplyDelete
  3. ගනන් ගන්න එපා නංගි. පෙරළුනු පිට හොඳයි කියල අලුත් රස්සාවක් හොයාගන්නකො..ඕවද මිනිස්සුන්ට වෙන්නෙ...පරණ එකට වැඩිය හොඳ එකක් ඔයාට හම්බ වෙයි

    ReplyDelete
  4. අයියෝ.. ඕක ගැන දැන් හිත නරක් කරන් වැඩක් නෑනේ නගා...
    මෙන්න මේ video clip එක බලන්න..ඔයා කොයි තරම් වාසනාවන්තද කියලා හිතෙයි..

    http://pissa-pissublog.blogspot.com/2009/03/blog-post_15.html

    ReplyDelete
  5. ගනන් ගන්න එපා අක්ක....

    ReplyDelete
  6. කට්ටියම පේන්න නැති කොට මං හිතුවා.. ඔහොම ඇබැද්දියක් වෙලා ඇති කියලා.. හයියෝ.. දුක තමා... කමක් නෑ සිසියෝ.. හැමදේම හොදට සිද්ද වෙයි... හෙට අනිද්දට මාත් මේ වගේ එකක් ලියනවා.. කාටද ආඩම්බර්..!

    ReplyDelete
  7. ඔහෙ හිටු... මෙන්න මෙයා මටත් හොරෙන් බ්ලොගක් දාලා... හෙට අනිද්දම මමත් ආපහු පටන් ගන්න ඕන... එළ කවිය... පුළුවන්නං ඕක මහ බොසා‍ට පෙන්නහං බ්ලොගියෝ...

    ReplyDelete
  8. මේ මං කිව්ව හන්දා ඕක මහ බොසාට පෙන්නන්නයි කියලා බොලා උසාවි රිමාන්ඩ් ගානේ යනව එහෙම නෙමෙයි...

    ReplyDelete
  9. මාත් මේ බැලුවා අවුරුදු නිවාඩුව ඕනවට වඩා දිගට ගන්නකොට කට්ටියට මොකො උනේ කියලා.

    සැලෙන්න එපා මෙයා අවුරුදු තුනේ හම්බ උනේ අත්දැකීම් මිසක් වෙන මොකුත් නෙමෙයි එවා වටින්නේ තව ඉස්සරහට. විගහින් වෙන මක්කවත් කොරන්න ලැබේවා කියල මන් පතනවා

    ReplyDelete
  10. ශාකුන්තලට - මොකෑ?

    දිලාන්ට - හප්පට සිරි ආයෙත් කඩේ යෑමක්!

    Kusalට - අන්න හරි,අන්න හරි මමත් ඔය දේ නම් විශ්වාස කරනවා.

    niroshinieට - ඒ බලාපොරොත්තුවෙන් තමා මාත් ඉන්නේ අක්කෝ....

    පිස්සාට -අනේ ඉතිං ඒක අයින් කරලා නොවැ. ඔයාට පිස්සු කියන්නේ නිකන්ද ඉතිං, හික්!

    දසුන් මධුසංඛ වානගුරුට - චී චී චි මම සතේකට මායිම් කරන්නෑ.

    මලීට - හෑහ්! ඒ මොකද? ඔයත් සුදු සීයාගේ කොම්පැණියකද වැඩ කරේ.

    කුෂාන්ට - දැන්නම් අපි යයි!

    ම ට - ඒක හැබෑව.අන්තිමේදී ඉතුරු උනේ අත්දැකීම් විතරයි.මම පරිණත උනේ ඔය රස්සාව හන්දා.නැත්නම් මම හිතන් හිටියේ මම අද ඊයේ ඉපදුනාය කියලා. ස්තූතියි සහෝදරයා,මම නොහිතපු පැත්තක් පෙන්නලා දුන්නට.

    ReplyDelete
  11. අක්කාට මෙහෙම උනා කියලා අදනේ දන්නේ අක්කාට හොද රස්සසාවක් ඉක්මනට ලැබෙනවා සුවර්

    ReplyDelete
  12. කලෙකින් තමා ඔහොම එක පාර අතුරුදහන් වෙන එක නම් අවුල්..

    ReplyDelete
  13. මොකෝ කාලෙකින් මොකුත් නොලිව්වේ ????

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails