Sunday, December 27, 2009

දුකට බොන්නේ පිරිමි විතරද?? 3

ඉතිං ඔහොම කියව කියව ගිය බ්ලොගීට කිසි දෙයක සිහියක් තිබුනේ නැත. පසු දින අයියා සහ අනිත් අය විස්තර කල ආකරයටයි මේ කතාව මම ලියන්නේ.

අයියා - “ඒයි ඔන්න ගෙදර ආවා, දැන් අපි බහින්න ඕන, ඒයි ඒයි ඇහෙනවද? බහින්න පුළුවන්ද?”

බ්ලොගී - “ආ.....! හා... හා!”

අයියා බ්ලොගී වත්තම් කරගෙන වෑන් එකෙන් බහි. බැස්ස පසුත් බ්ලොගීව අල්ලාගෙන සිටින්නේ අයියා විසිනි.

අයියා - “ඔයාට ඇවිදින්න පුළුවන්ද?”

බ්ලොගී - “පුළුවන් පුළුවන්” “ඇයි මට බැරි?”

අයියා හෙමින් බ්ලොගීව අල්ලාගෙන සිටි අත බුරුලු කරේ වෑන් එකේ තිබුන බ්ලොගිගේ සපත්තු දෙක ගන්නටලු.

දඩාං..! බිඩිං...! ඩෝ...ං! බ්ලොගීලගේ ගෙදර වතුර යන කානුවෙ, පෙරදා වැස්සට මඩවී නාරා වලක් වී තිබුන වතුර වලට බ්ලොගී වැටී ඇත්තේ එහි සිටි ඉස්ගෙඩියන් ගෙම්බන් පනුවන් සියල්ල වලෙන් ගොඩ කරවමිනි.

දැන් ඉතිං මොනා කරන්නද? අයියා නංගීවත් උදව් කරගෙන පිටි මූට්ටයක් සේ බ්ලොගීවත් කර ගහගෙන ගෙදරට ගාටා ඇත. (බ්ලොගීගේ මහගෙයත් බ්ලොගීගේ ලොකු අම්මාගේ ගෙයත් ඇත්තේ එක ලඟය. සාමාන්‍යයෙන් නෑදෑ පිරිවර යන්නේ මහගෙදරටයි. අයියා බ්ලොගිවත් උස්සගෙන ලොකු අම්මාගේ ගෙදරට ගිහින් ඇත්තේ නෑදැයෝ ටික වැඩිය ඒ පැත්තට නොඑන බැවිනි.) බ්ලොගී අයියාගේ කර උඩින් එන හැටි දුටු ලොකු අම්මා ඇස් උඩදාගෙන බලා සිට ඇත්තේ වෙනදට යස අගේට ලොකු අම්මව හොයාගෙන දුවගෙන එන බ්ලොගියට මක් උනාද කියලයි. මඩ නාගෙන සිටි බ්ලොගීව ගෙදර කාමරයක බිමින් තියන ලදි. මේ සියල්ල වෙද්දිත් බ්ලොගීගේ කට වැහුනේ නැතිලු. මෙච්චර කල් කාටවත්ම නොකියා හිතේ තියාගෙන දුක් විඳපු සියලු දෑ හෙලි කරමින් බ්ලොගී අඬා ඇත. විදෙස් ගතව සිටින අම්මාවත් අයියාවත් මේ දැන් මෙතනට ගෙනත් දෙන්න කියමින් බ්ලොගී හඬා ඇත. පුංචි කාලයේ පටන්ම අම්මාගේ උණුසුම නැතුව හැදුන ඒ අඩුව ගොඩක් දැනිලා තිබුනත් ඒ බව කාටත් නොපෙන්වා හැම වෙලේම සිනා මුහුණෙන් සිටි බ්ලොගිට හිතේ තිබුන දුක පිට කරගන්න හොඳ අවස්ථාවක් ලැබී ඇත. දිගින් දිගටම අයියාත් අම්මාවත් ගෙනැත් දෙන සේ ඉල්ලමින් කෑගසමින් හඬන බ්ලොගිව සනසන්න කාටත් පුළුවන් වෙලා නැනැ. මේ විකාරය ඉවරවෙන පාටකුත් නැති හින්දා කටිටියම එකතුවී බොහොම දරුණු පියවරක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා. ගෙදර තිබුන දෙහි ගෙඩි ටිකක් සොයා ගත් ලොකු අම්මා ඒවා කපා බ්ලොගීගේ ඔළුවෙත් යටපතුලෙත් තවරා ඇත්තේ එතකොටත් වෙරි බහිවිදැයි බලන්නලු. මේ වැඩේන් පස්සේ කට්ටියම බ්ලොගීව උස්සන් නාන කාමරයට අරන් ගොස් ඇත්තේ දෙහි ගෙඩියට කරන්න බැරි දේ සීතල වතරටත් පුළුවන්දැයි බලන්න. නාන කාමරයේ රෙදි සෝදන ගලේ බ්ලොගීව වාඩි කරවලා වතුර ටැංකියෙන් අයිස් වගේ සීතල වතුර අරන් බ්ලොගී නාවද්දී බ්ලොගී හූ තියන්න පටන් අරන්. තමන්ව නාවන්ට නොදී අරන් යන ලෙස කියමින් බ්ලොගී නංගීට බැගෑපත් වෙමින් හඬා ඇත.

තමන්ව නෑවු සියලු දෙනාට දෙස් තියමින් හඬන බ්ලොගීව නැවතත් කාමරයට මාරු කරද්දි වත් බ්ලොගීගේ කට වැහිලා නැහැ. ඒ ගමන බ්ලොගීට මතක් උනේ මීට අවුරුදු ගනනාවකට කලින් (බ්ලොගී සා පෙ ලියන කාලෙ) ඉඳලා බ්ලොගීට ඇණයක් උන කොළු ගැටයෙක්ව. මේ කොළු ගැටය තවමත් ඉඳලා හිටලා කොහෙන් හරි මතු වෙලා බ්ලොගීට ඇණයක් වෙනවා. ඒ පාර ඒ කොළු ගැටයව මරණ්නයි බ්ලොගීට උවමනා උනේ. ඒ කොළු ගැටයවත් ඒයාට සපෝට් කරන සියලු දෙනාවත් එක පාරින් මරා දමන බවට බ්ලොගී දිවුරා ඇත (දැක්ක නේද බ්ව්වම එන පිට් එක). එයින් බ්ලොගීව නිහඬ කරන්නට හැකිවී ඇත්තේ හෙට උදේම ගිහින් ඒ කොළු ගැටයට තලන්නට බ්ලොගීට උදව් කරන බවට අයියා කිවුවට පස්සෙයි.

ඉතිං ඔහොම පැයක් විතර නා නා ප්‍රකාර දේ කියමින් සිටි බ්ලොගීට දොයි මත වෙලා තියෙන්නේ ගෙදර හැමෝටම බ්ලොගීව නලවල හති වැටුනට පස්සෙයි. තව තවත් විකාර කරන්න ගත්තොත් sleeping tablet පොවන්නත් ගෙදර කට්ටිය කතා උනා කියලා බ්ලොගීට පස්සේ ආරංචි උනා.

හොඳට නිදා හිටපු බ්ලොගීට නැගිටින්නට උනේ ඔළුව පැලෙන්න තරම් රිදෙන්න ගත්ත නිසාත් බඩවැල් කැරකෙනවා වගේ දැනිච්ච බඩේ අමාරුව නිසාත්. නැගිටලා නාන කාමරේට ගිය බ්ලොගිව අඩියක් පස්සට විසික් උනේ කණ්නාඩියෙන් දැකපු රූපයට බය වෙලා. දෙහි ගාපු හින්දද කොහද කෙස් වලු ටික කෙලින් වෙලි තිබුනේ කරන්ට් වැදිච්ච කාක්කෙක්ගේ පිහාටු වගෙයි. ඇස් ගෙඩි දෙක රතු පාටයි. අඬපු නිසාම මූණත් තඩිසිසි වෙලා. අවශ්‍යතාව ඉටු කරගත් බ්ලොගී අයෙත් ගොහින් දොයියා ගත්තා.

උදේ නැගිට්ටම වෙච්චිදේ හිතා ගත්හැකියි නේ. බ්ලොගීගේ ආච්චි ඇතුළු වැඩිහිටි පාර්ශවයෙන් බ්ලොගීට කනේ ඇඟිලි ගහ ගන්න ලුණු ඇඹුල් ගොරක ඇතුව හොඳට අහගන්න ලැබුනා. ඒ මදිවට බ්ලොගී පිරිවරේ අයගේ කතා. නංගී බ්ලොගීගේ ව්කාර ඔක්කොම ඒයාගේ mobile phone එකෙන් record කරලා හැමෝටම cast කරනවා. මමත් ඔය වීඩියෝ එකක් දෙකක් බැලුවෝ. හයීයෝ...!එකම විකාරයක් ...! පොළොව පලා ගෙන ගහින් හැංගෙන්න හිතුනා බ්ලොගීට.

ඔහොම හැමෝගෙම විහිළු අස්සේ බ්ලොගීගේ හිතේ තව පොඩි බයකුත් ඇතිවෙලා. ඇයි දැන් බ්ලොගී කරපු වැඩේ ගැන SPBR දැන ගත්තොත් විසුමක් නෑ. මොකද එයා වත් නොකරන වැඩක් තමා බ්ලොගී කරලා තියෙන්නෙ. ඔහොම කල්පනා කර කර ඉන්න කොට බ්ලොගීට එනවා call එකක්. කාගෙන්ද සතියක් විතර තරහා වෙලා කතා නොකර හිටපු අරයාගෙන්. බ්ලොගී ගැහැ ගැහී call එක answer කරා. “අවුලක් නෑ මම ඔයාට සමාව දුන්නා. දැන් අපි යාළුයි.” එයා කියනවා. “ඉතිං දෙවියනේ මම කවද්ද ඔයාගෙන් සමාව ඉල්ලුවේ” මම ඇහුවා. “ඇයි මේ ඔයා ඊයේ රෑ msg එකක් දාලා තියෙන්නේ” “මම කරපු වැරදි වලට සමාවෙන්න” කියලා. මාවත් අමතක වෙලා හිටි මම කොහොමද msg එකක් type කරන්නේ. මමත් කල්පනා කලා. බ්ලොගීගේ අයියණ්ඩි මෙතැනින් ගියේ ඔය වෙලාවේ. අයියා බ්ලොගීට ඇහැක් ගහලා අමුතු පහේ හිනාවකුත් දාගෙනයි ගියේ. පස්සේ තමා බ්ලොගීට ඇත්ත වැ‍ටහුනේ. අයියා බ්ලොගීට වෙච්ච පොරොන්දුව ඒ විදියටම ඉෂ්ඨ කරලා.

නිමි!

45 comments:

  1. http://adarakatawa.blogspot.com/

    මේකත් කියවල බලන්න. (ෆා ද බ්ලොගීගෙන් සමාව ඉල්ලනව අදාල නැති දෙයක් එකක් විදිහට දැම්මට )

    ReplyDelete
  2. බුදු තාත්තේ. . .අක්කේ උඹ මරු විකාරයක් නටලා විත්තිය පේනවා.කුශාන් අයියා යාළු වෙච්ච එක ගැනත්,ඉක්මනින් පියවි සිහියට ආපු එක ගැනත් ගැන සතුටුයි!

    ReplyDelete
  3. aiyoooo . . .marenna hinaa . .. eath meeta wadiya kiyanna deyak tiyenawa nage . . .mama hemeeta comemnt ekak daannam . . office eke wada wadee me tike . . .. .
    aye bona kota limit ekata beepan kelle . . . hik hik

    ReplyDelete
  4. අවසානයේ සියලුදේ ආතල් එකේ අවසන් වූහ නේද...?
    මොනවා උනත් බ්ලොගියෝ බිව්වම වැඩි ආතල් එක බීපු එකාට නෙවෙයි.., වටේ බලං ඉන්න අයට.

    එක දවසක් අපේ මාමා කෙනෙක් ටිකක් වැඩිපුර අනුමත වෙලා හිටපුවෙලාවක.., නැන්දට ඔලුව රිදෙනවා කියලා සිද්ධාලේප ටිකක් ගාන්න කියලා. කොහොම හරි මාමණ්ඩියා සිද්ධාලේප නැන්දගේ හිසේ ගාලා පොඩි නින්දක් එහෙම දාලා නැගිටිනකොට.., නැන්දා එහාගෙදර නංගීව එක්කහු කරං මාමාගේ දෙමවුපියෝ සිහි කරමින් ඔලුව හෝදන්වාලු. බලනකොට මාමා නැන්දගේ ඔලුවේ ගාලාතියෙන්නේ සිද්ධාලේප කුප්පිය ගාව අපේ පොඩි නංගි තියල තිබ්බ බයින්ඩින් ගම් කුප්පිය...!

    ReplyDelete
    Replies
    1. what a story.i couldn't control the laugh........

      Delete
  5. ආදර කතාව, ඔබේ බිලෝගය කොත්තුවට හෝ සංසදයට දැම්ම නම් නේද හොද මෙතැන දානවාට වඩා?

    Lishwish, ROFL "බිව්වම වැඩි ආතල් එක බීපු එකාට නෙවෙයි.., වටේ බලං ඉන්න අයට." දෙ පාර්ශිවිකයටම ඒක පොදුයි, හැබැයි වේලාවක සෙල්ලම ලෙල්ම වෙන වෙලාවලුත් තියේ නේද? වේලාවට මාව වෙරී වෙලා නෑ කවදාවත්.

    ෆා අක්කීයා, ෂෝක් කතාව, බඩ පලාගෙන හිනා වුණා, අන්තිමට මට හිතුණේ මටත් වෙන්න පුළුවං එකක් නේද කියලා. බයේ බෑ එදාට මගේ කටින් මොකක් ගැන කියයිද කියලා, අම්මලාට හැමදේම කිව්වට නොකිව්ව එව්වා පිට වුණාම ඉතිං නොන්ඩියි නෙව???

    අති යාත්තං අපේ අක්කීයා ඔහොම ගියා! අක්කගේ වටේ කට්ටය හොඳයි නෙව!!!

    ReplyDelete
  6. @මුචලින්ද -
    හිහි.පියවි සිහිය ආවට වඩා නාවනං කියලා හිතුන පහුවද ආච්චිගෙන් අහගත්තු ඒවට. ආච්චිට මම පොරොන්දු උනා ආයේ කවදා............වත් බොන්නෑ කියලා.

    @දුකා
    හප්පේ..! ආයි නොබීම ඉන්නම් කියලයි මම නම් හිතාගත්තේ.

    @LishWish
    අනේ අම්මේ..! ඔළුව හෝදගෙන බේරුනා නම් මදැයි. ඔව් ඔයා කියපු දේ හරි.මට කිසි දෙයක් මතක නැති උනාට අපේ ගෙදර අය දැන් මාව දැක්කත් හිනා වෙනවා.

    ~බිன்ku~
    ඔව් මටත් නෝන්ඩි කෝටියයි. මොකද මගේ කටෙනුත් ඔය Confidential දේවල් එකක් දෙකක් පිටවෙලා තියෙනවා.

    ReplyDelete
  7. එහෙනං ඕකයි කතාව ඈ... මේ බ්ලොග් එකට පින්සිද්ද නොවන්නට නම් ඔය ඩීටේල් රිපෝට් එක අදටත් මම දන්නේ නැත... :D

    ReplyDelete
  8. මම අරක්කු බොන්නේ නෑ.. ඒත් දවසක් get together එකකදී කවුදෝ එකෙක් ජොලියට වයින් වීදුරුවට අරක්කු ටිකක් දාලා.. ටිකක් වැඩියෙන් වයින් බීලා හිටියෙත්.. ඊට පස්සේ මොන පාටිද? මම හෝ ගාලා වමනේ දානවා, එච්චරයි,මතක.. ඉතුරු මුකුත් මතක නෑ.. උඹ හොදයිනේ, ගොඩාක් දේවල් මතකේ තියෙනවා... හෙ හේ...

    ReplyDelete
  9. හෆ්ෆා! මේක මං දැන්නේ දැක්කේ. එක හුස්මට පෝස්ට් 3ම කියෙව්වා.බලාගෙන යනකොට ෆා ද මාර බ්ලොගියෙක්නේ. :) හෙහෙ මෙයා භාග්‍යවන්තියෙක් වෙලා වගේ.

    ReplyDelete
  10. ආ ආ ආ මෝඩ ද ජෝලී (විහිලුවට, නැත්තන් ඔකටත් හොදවයින් අහගන්න වෙයි! ).ගිහින් අපු ගමන් කතාවම කියුව්වා.කතාවක් විධියට හොදයි ඉතින්.

    බ්ලොගී,නලියාත් සමග යාලු වී නොසිටියද, දැන් තරහ නැතැයි සිතමී.

    ඉදිරියටත් ඔබගේ සටහන්( විශේෂයෙන් බ්ලොගීගේ වීරක්‍රියා ) කියවීමට ආසවෙන් හා බාලාපොරොත්තුවෙන් සිටිමී.

    ReplyDelete
  11. @කුෂාන් - දැනගන්ට අහන්න එපැයි.

    @::පිස්සා::. - හපොයි මතක නෑ..! මතක නෑ..! නංගිගේ ෆෝන් එකෙන් ඔක්කොම බලා ගත්තා.

    @ගයාන් තාරක - යේ යේ මම භාග්‍යවන්තියෙක්!මම භාග්‍යවන්තියෙක්! නොමැරී බේරුන නිසාද? මලී නගා කියපු හැටියට.

    @Naliya - අනේ නැහැ. දැන්නම් තරහක් නැහැ. මෝඩ ජෝක් අඩවියට ඔබව සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  12. කතාව ඇහුවම මටත් ට්‍රයි කොරල බලන්න හිතුණා..... මොනවයින්ද පටන් ගන්නේ....... ?

    ReplyDelete
  13. ඔයා නම් නියමයි අනේ. දැන් අවුරුදු 12ක් තිස්සේ බොන මටවත් ඔහොම ආතල් වැඩක් කරන්න බැරි උනානේ. ඒක නෙමෙයි අර වීඩියෝ ටික කොහාට හරි අප්ලෝඩ් කරලා අපිටත් ලින්ක් එක දෙන්නකෝ.

    ආපහුනම් කටේ තියන්න එපා. පිරිමි වගේ නෙමෙයි ගෑනු බොන්න ගත්තොත් ඒක නවත්තන්න බැහැ. අනික දුකට බොන්නෙ කවුද බොන්නේ ඒකෙන් ආතල් එකක් ගන්න. ආතල් ගන්න බීලා වැඩි උනාට කමක් නැහැ එහෙම වැඩි වෙලා වටේ ඉන්න අයට ජොලියක් දුන්නට කමක් නැහැ. ඒත් දුකට බීල එකෙන් වටේ ඉන්න අයට ජොලියක් දෙන්න ඕනේයෑ

    ReplyDelete
  14. oya apiwa pit ekakata demma neda....boru kari

    ReplyDelete
  15. (දැක්ක නේද බ්ව්වම එන පිට් එක)

    ReplyDelete
  16. @ශාකුන්තල - අනේ රජෝ ඒ වැඩේ නම් කරන්න එපා.අනිත් පාර ඔයත් බොනපාට් කෙනෙක් උනොත් ඒ පාපය මට තමා.

    ම - අවුරුදු 12ක්. අයියිණ්ඩි ඔබ ජීවත් වෙන එකම පුදුමයක් නේ.මරණයට ඔච්චරම කැමතිද?

    Rohan - හෝ හෝ හෝ wrong side යන්න එපා. මම ලියලා තියෙන්නනේ සිංහලෙන් කොල්ලෝ.

    ReplyDelete
  17. මන් මේ බොනවා කිව්වේ ඔයා වගේ බෝතලේ කටේ තියාගෙන නෙමෙයිනේ, ඒක නිසා මට තව කල් තියෙනවා

    ReplyDelete
  18. ඕහෝ සොරි සොරි.

    ReplyDelete
  19. White Diamond බෝතල් වල පිටිපස්සේ ලේබලේ තියෙනවා ඕක බොන්න හොඳම විදිහ දාලා. ගොඩක් වෙලාවට තියෙන්නේ පළතුරු යුෂ ජාතියක් එක්ක බොන්න කියලා. ඔයා අන්න එහෙමත් ට්‍රයි එකක් දාලා ඒක ගැනත් ලිපියක් දාන්නකෝ
    "ජොලියට බොන්නේ පිරිමි විතරද...."
    කියලා :-D

    ReplyDelete
  20. ෆා ද බ්ලොගී ඔයාගෙ මේ ලිපිය හරිම විනෝදජනකයි. ෆා ද බ්ලොගී, ඇබ්නෝමල් මයින්ඩ්ස් මං නිතර යන එන ස්ත්‍රී බ්ලොග් දෙකක්. සිංහල බ්ලොග් අවකාශය තුළ ස්ත්‍රී දායකත්වයට ශක්තිය දෙන ඔබ, මලී ඇතුළු ස්ත්‍රී බ්ලොග්කාරියන්ට ජයවේවා!

    ReplyDelete
  21. අඩෙ බ්ලොගී නංගියේ දැන් තමයි උඹෙ පෝස්ට් එක කියවන්න හම්බ උනේ. එළම තමා. මාත් ඔහොම තමා ඒ සන්ධියේ බිව්ව ගමන් බඩු බනිස්. දැන් නම් එහෙම නැහැ. කොටින්ම කිව්වොත් මෙක ලියන කොටත් බාගේ පැනලා කරුමෙක මහත ඒ දවස් වල වගේ දැන් වෙරි වෙන්නේ නැහැ අප්පා.මම මෙ දන්න හින්දා කියන්නේ වයිට් ඩයමන්ඩ් නිකන් කසියා වගේ, ඊ ළග පාර ගහන්න හිතුනොත් (නොහිතේවා) මෙ අපි වගේ ගල් ගහපන්. බඩුම තමා. කොහොම උනත් කමක් නැහැ සතුටින් ඉන්න. හදුනා ගන්න ලැබීම සතුටක්. මටත් දැන් පෝස්ට් එකක් ලියන්න තියෙනවා. ඒත් තාම බඩු වැඩියි වගේ තව ටිකකින් ලියනවා. ආ අර කොළු පැටියවත් මතක් කලා කියපන් හොදේ... ඔයා නම් චෝයී ළමයෙක්.

    ReplyDelete
  22. අඩේ මරු ෆා.. මම කවදාවත් ‍මගේ ලිමිට් එකෙන් එහාට බීලා නැති නිසා (මම ඉතිං අරක්කු වර්ග නම් දුකට නෙවෙයි රස බැලීම පිනිස ‍විතරක් බොන මනුස්සයා ) වෙරි උනාම මොන වගේද කියලා කෙලින්ම අත්දැකලා නෑ. බියර් බිව්වට වෙරි වෙන්නේ නැති හින්දා ඒ ගැන කොහෙත්ම ගානක් නෑ මට. දැන් මට හිතෙනවා කලින් දවසේ බීලා පහුවෙනිදා උදේට ඔළුව කැක්කුම හදාගෙන අඩන බබාට මං බනින එක හොද නෑ කියලා.
    ජයවේවා ඔයාගේ බීමට..!! දවසක අපි කොළඹදි සෙට් වෙමු. එතකොට ආච්චි දන්නේ නැහැ නේ.. හිකිස්..!!!

    ReplyDelete
  23. මරු මරු බොන්නත් විදිහක් තියෙනවනෙ.. ම ගෙන් ඇහුවනම් ගාණට කියයි...

    ReplyDelete
  24. පිස්සු පීකුදු වෙනවා!

    ReplyDelete
  25. @ම-
    හ්ම්, අපරාදේ! කලින් දැනගෙන හිටිය නම් ඒකත් කරලා බලන්න තිබුනා. මේ ලඟදිත් මම දැක්කා White diamond lemon flavored කාලෙ බෝතලයක් ගෙදර ගැවසෙනවා. මම ඒ පැත්ත බලන්නවත් ගියේ නෑ හැඟීම් ඇවිස්සෙන නිසා. අවාසනාවකට හෝ වාසනාවකට ආයේ බොන්න හම්බ උනොත් ඔයා කියපු විදියටත් කරලා බලන්නම්.

    @මගේ-
    බොහොම ස්තූතියි බ්ලොගීගේ ඩයරිය කියෙව්වට. ඉතිං මේච්චර හොඳට ලියන එකේ ඔයත් පටන් ගමුකො බ්ලොග් එකක් ලියන්න. එතකොට සිංහල බ්ලොග් අවකාශය තුළ ස්ත්‍රී දායකත්වයට ශක්තිය දෙන ස්ත්‍රී බ්ලොග්කාරියක් වෙන්න ඔබටත් පුළුවන්නේ. ඔන්න එහෙනම් අපි බලන් ඉන්නවෝ..!

    @මාරයාගේ හෝරාව-
    හික්! දැන්නම් මට මූඩියක් නහයට ඇල්ලුවත් සිහිය විකල් වෙනව වගේ. බලමුකො. බලමුකො අනික් පාර. ඕගොල්ලො එහොම කියද්දි ආයෙමත් බොන්නමයි හිතෙන්නේ. වැඩේ කියන්නේ මට බාර් එකකට ගිහින් ඉල්ලන්න බැරි කම තමයි.

    @malee_msg-
    ඔහෙ හිටු! ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. ඉතිං ඔයත් බොන එකේ අර වෙරි වෙන පාට් එක මිස් කරපු එක තමා අපරාදේ! ඉස්සර නම් බීල පිස්සු නටන අය දැක්කම මාත් බනිනවා. බොරුවට රඟපානවා කියලා. දැන්නේ දන්නේ පිස්සු නටනවා නෙමෙයි නැටවෙනවා කියලා. කොළඹ නම් ඔන්න අද රෑටත් එනවා. කොම්පැණියේ වැඩකට. හෙට දවසෙම කොළඹ තමා. සෙට් වෙන්න ක්‍රමයක් තමා නැත්තේ. ඒත් නඟා කවදා හරි සෙට් වෙමු ඕකේ??

    @ආගන්තුකයා-
    හ්ම්..! ඒකනෙ කියන්නේ දෙයක් කරන්න කලින් දන්න මනුස්සයෙක්ගෙන් අහලා කොරන්ඩ ඕන. ඔන්න මරණය මට ඩයමන්ඩ් අයිඩියිඩි එකක් දීලා තියෙනවා

    @මිගාර-
    හික්! පිස්සු පීකුදු ඩබල් ට්‍රිබල් වෙනවා!

    ReplyDelete
  26. නංගියේ ඔය කරපු වැඩේ හොඳ දෙයක් නොවුණත් ඒ‍ කතාව පට්ට ආතල්. (ඔය කියපු සේරම ඇත්තද කියලා නම් සැකයි.)

    ඒත් බීලා වැඩි වුණාම sleeping tablets දෙන්න හිටියා කිවුවම මගේ ඇඟ සීතල වෙලා ගියා. ගෙදර ඉන්න ගොන් රැළට කියාපන් ඔයා නෙවෙයි මොකා බීලා හිටියත් කිසිම බෙහෙතක් (අඩු ගානේ panadol or piriton වත්)දෙන්න එපා කියලා. ඒකෙන් බොහොම භයානක ප්‍රතිවිපාක එන්න පුලුවන්.

    white නම් ගඳ නැති නිසා මාට්ටු නොවුණු එක නම් හරි. ඒත් උඹ ළඟ විනාඩි 2ක් ඉන්න කොට අයියට ඕක තේරෙන්නේ නැද්ද?
    මං අහන්නේ ඒත් පිරිමියෙක් නේද? ;) :)

    ReplyDelete
  27. සුරාවෙ අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අනුවන දනෝ නොම දත්..
    (මම කියපු එකක් එහෙම නෙවී හොදද?)

    ReplyDelete
  28. @ මාරයාගේ හෝරාව

    මෙහෙම එකකුත් මම අහල තියෙනවා

    කාල පණ මදි - බාගෙ වෙරි මදි
    තුන් කාල වැනි වැනි - බෝතලේ බුදි බුදි

    ReplyDelete
  29. @මිගාර ..

    එහෙම කියනා නුඹත් ..
    මෙහෙම කියනා මමත්..
    සෙට් උනොත් එහෙම බං..
    බෝතලෙත් මදි මදී..

    ReplyDelete
  30. බිමෙන් ධනයත්, සිහියත්, නම්බුවත් සියල්ල නැතිවේ. එකනේ අපි අමද්‍යප.

    ReplyDelete
  31. Drunken man keeps no secrets ! .. something I always preach on :-)

    By any chance if you are looking for another dipsomaniac, holler at me anytime....

    I have a very well stocked shelf heaven anytime. lol

    ReplyDelete
  32. මගෙ අම්මෙහ්!! හිනා ගිහින් ඔලුවත් රිදෙනවා.... ලිපිය නම් සිනා රසය උපදනවා... ඒත් නංගියෝ(හෝ අක්කියෝ) අයෙ නම් ඕක කොරාන්න එපෝ.........white diamond තියා off white diamond වත් එපෝ... !

    ReplyDelete
  33. හිහ් හිහ් හී...
    බිලොගී සහෝදරිත් කරන්නෙ මාර වැඩනෙ...
    ආයෙ බොද්දි සිහි කල්පනාවෙන් බොන්න... :D

    ReplyDelete
  34. මට 'ම' දුන්නෙ link1මගෙ කතාවක් කියෝලා.තාත්තා එක්ක තරහට old label බාගයක්ම බිව්වත් බීපු ගමන් වෙරි වෙනවට බයේ ඇඳට වැටුන නිසා මෙච්චර ලස්සන funny දෙයක් ගෙදර අයට බලාගන්න බැරි උනා.

    ReplyDelete
  35. යකෝ මේ White Diamond ගහපු එවුන් නේද එදා Red Bull වලටත් බය වුනේ? මට දැනුයි වැඩේ තේරුණේ.

    ReplyDelete
  36. හිහ් හිහ් හිහ්... මට මැරෙන්නෙ හිනා කථාව අහලා... අනේ මමත් එතන හිටියනම් මූවි එක බලාගන්න... අවුරුදු ගාණක් මතක් කර කර හිනා වෙන්න තිබුනා...හැබැයි කුශාන් ඔය ටික දැක්කනම් එවෙලාවේම බ්ලොගීව කරකාර බඳිනවා... නැතුව කොහොමද ෂේප් කරගන්නේ....හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  37. දිගු නිහඩියාවකින් පසු නැවතත් කරළියට සූදානම් වගේ....

    ReplyDelete
  38. තව බෝතලයක් සෙට් කරගෙනම ආයෙත් වැඩේට බහිමු.... හිකිස්.. :D

    ReplyDelete
  39. ගෙනත් මෙය පමණිනි..
    මේසය යට සැගවිනි..
    මද පමන ඉවරිනි..
    අම්මෙ මට බඩගිනි..

    අම්මා ලොකු බත් පිගානක් ගෙනත් දෙන්නෙ රෑ වෙලා වැඩ ඇරිලා ගෙදර ඇවිත් මහන්සි නොබලා පාඩම් කරන කොල්ලාට බඩගිනිනෙ කියලා. (හොද වෙලාවට අම්මා බ්ලොග් කියවන් නැත්තෙ..)

    ReplyDelete
  40. කතාව නම් අතිනුත් දාල බොහොම රසට ලියල තියෙනව. අද තමයි ඔයගෙ බ්ලොග් එක දැක්කෙ.රස කතා බලන්න දිගටම එන්නයි අදහස.

    (මීට පස්සෙ නම් කිසිම ලේබල් එකක් කට ගාවට ගන්නෙ නැත්නම් තමයි වඩා හොඳ)

    ReplyDelete
  41. ඔක්කොම කියෙව්වා...
    කතාව නම් කියල වැඩක් නෑ ...
    නියමෙත් නියමයි පට්ට සිරා කතාව......
    දවසක්ම හිනා වුනෑකි............
    මගේ ඇස් පේනවා අඩුයි...
    ඇත්තම කිව්වොත් කණ්නාඩි පොළගෙක්
    ඉතින් Font Size එක ටිකක් ලොකු කරල Post දානවනම් කියවන්න ලේසි වෙයි....

    ReplyDelete
  42. හනේ ඔන්න මටත් බොන්නම හිතුනා

    ReplyDelete
  43. අනේ අනේ කෙල්ලේ....

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails