Thursday, December 24, 2009

දුකට බොන්නේ පිරිමි විතරද??

අද කියන යන්නේ බ්ලොගී මුහුණදීපු සාමාන්‍යයෙන් අසාමන්‍ය සිද්ධියක් ගැනයි. අනේ ඉතිං මේක කියවලා බ්ලොගී ගැන අහිතක් එහෙම හිතන්න එපා ඔන්න. 

සිද්දිටය මුල මේකයි. බ්ලොගී හෙවත් මගේ අතිජාත ප්‍රේම කතාව ගැන හැමෝම දන්නවනේ. ඉතිං එකෝමත් එක දවසක ඕං ඔය සත්‍ය ප්‍රේම බෘංග රජාත් එක්ක මම පොඩිම පොඩි සිද්දියකට බරපතළ වචන වලින් ගහමරාගෙන දවස් ගනන් කතා නොකර දෙපැත්තට වෙලයි හිටියේ. මාත් බැලුවා දවසක් දෙකක්. එහා පැත්තෙන් කිසිම response එකක් තිබුනෙම නෑ. ඒ කියල සකන්ඩ් වෙයිද මම. මාත් ඔහේ හිටියා. ඒත් ඉතිං ඉස්සර කාලෙ මතක් වෙලා බ්ලොගීගේ ඇහැට නොදැනීම කඳුළු බින්දුවකුත් ආවෙ නැතුව නොවෙයි. ඔහොම ඉන්න ඉන්න බ්ලොගීගේ සාංකාව වැඩි දියුණු වෙලා ඒ අස්සෙන් තරහකුත් කැකෑරෙන්න ගත්තා. කල්පනා කරලා කරලා බ්ලොගී හිතා ගත්තා මේච්චර කල් බ්ලොගීව ගනන් ගන්නේ නැතුව හිටි එක්කෙනාට පාඩමක් උගන්වන්න. 

එදා සුපුරුදු පරිදි බ්ලොගී වැඩට ගොහින් ගාට ගාට ගෙදරට ගොඩ උනාය කියමුකෝ. ගොඩක් දුර පයිං ගාටපු හන්දා වේලිලා තියෙන් උගුර කට වේල ගන්න බ්ලොගී ෆ්‍රිජ් එක ඇරියා. හ්ම්...ම්. ෆ්‍රිජ් එකේ අමුතු බෝතලයක් කූල් එකේ බලන් ඉන්නවා. තියෙන්නේ නම් වතුර වගේ. මම ඒක අතට අරන් කරකවලා බැලුවා. "White Diamond"......! ඒකෙ සඳහන් වෙලා තිබුනේ එහෙමයි. බෝතලෙන් බාගයක්ම දැනටමත් ඉවර කරලා. ( බ්ලොගී‍ ඇති වෙච්ච සොර සතුරු බියකට පිළියම් වශයෙන් බ්ලොගීගේ ලොකු අම්මගේ පුතා ටික දවසකට බ්ලොගී ලැයි ගෙදර පැලපදියං වෙලයි හිටියේ. මේ බෝතලේ අයිති එයාට) තවත් භාගයක්ම බෝතලේ තියෙනවා. මම හිමින් මූඩිය ඇරලා බෝතල් කට නහයට තියලා හොඳ හුස්මක් ගත්තා. ඈ ෑ ෑක් කා කා..! Expired වෙච්චි ඔඩිකොලොන්ග් එකක් වගෙයි ගඳ. ඉතිං ඔහොම බෝතලේ අතේ තියං ඉද්දි බ්ලොගීගේ මොලේ කොණක ටිං ටිං ටිං ගාලා සිග්නල් එකක් වැදෙන්න ගත්තා. සාමාන්‍යයෙන් මින්ස්සු බොන්නේ දුකටනේ. ඉතිං බ්ලොගී ඉන්නෙත් දුකින්. සමහර මිනිස්සු තරහටත් බොනවානේ. ඉතිං බ්ලොගී ඉන්නෙත් තරහෙන්. සමහරු කාට හරි මුණටම බනින්න තියෙන් බයට බීලා වැට ගාවට ගිහින් බැනලා එනවනේ. ඉතිං බ්ලොගීටත් අහවල් පොරට පළු යන්න බනින ඕන, ඒත් බයයි. ඉතිං මේ හැමදේටම විසදුම දැන් බ්ලොගීගෙ අතේ තියෙනවා. හිමීට වට පිට බලපු බ්ලොගී අර බෝතලේ කටට හලා ගත්තා. 

ගුඩුක්............! ගුඩුක්........! ගඩුක්...! ඔ...ඈ...ෑ...ෑ...ක්.. ගුඩුක්............! ගුඩුක්........! ගඩුක්...! ඔ...ඈ...ෑ...ෑ...ක්.. 

බොන ඔක්කොම ආපස්සට එනවා. ඒත් මම නෙමෙයි අතඇරියේ. උගුර කට පිච්චිලා ගියත් බඩවැල් ඇඹරිලා යන්න ගියත් මම නෙමෙයි අත ඇරියේ. හ්ම්.! බෝතලේ ඉවරයි. මම දුවලා ගියා ටැප් එක ගාවට. පිරෙව්වා වතුර එකක් බෝතලේ බාගයකට දැම්මා ෆ්‍රිජ් එකේ.මම වැඩ ඇරිලා ගෙදර ඇවිත් අච්චර ජඩ වැඩක් කරලා ඉවරවෙන කල් වත් දන්නැතුව නංගි මලක් කඩනවා. මමත් ඉතිං පූසා වගේ ඇදුම් මාරු කරලා එහෙම පිළිවෙලකට හිටියේ එදා හවස බ්ලොගීගේ අක්කා කෙනෙක් එනවා කියලා තිබුන හන්දා. එයා එන්නෙත් නිකං නෙමෙයි නෑදැ පිරිවරකුත් එක්ක වෑන් එකේ. අක්කා ආපු ගමන්ම බ්ලොගීවත්, නංගිවත් අයියවත් එක්කගෙන බ්ලොගීගේ ආදරණීය බඳුළු පුරවරේ බලා පිටවෙන්න තමා ප්ලෑන් එක වෙලා තිබුනේ. 

හප්පා මහන්සියි. මේ ටිකත් ලියා ගත්තේ ඔපීසියේ දහසක් බාධක මැද. ඉතුරු ටික අනිත් දවසක දැම්මට අහිතක් නෑ නේද?හැමෝටම සුභම සුභ නත්තලක් වේවා කියලා බ්ලොගී මුළු හදින්ම සුභ පතනවා.........!


63 comments:

  1. හුටා ! O_o
    ඉතිං ඊට පස්සෙ.....?

    ReplyDelete
  2. White Diamond ෆ්‍රිජ් එකේ? ටිකක් අමුතුයි වගේ. ඒත් කමක් නෑ කියමුකෝ. ඉතිං...ඉතිං ....ඉතිං ඊට පස්සේ?

    ReplyDelete
  3. ඉතිරි ටිකත් ඉක්මනට දාන්ඩකෝ.... SPBR ලෙඩක් දැම්මෙ නැද්ද? :P

    ReplyDelete
  4. ඊලග කොටස මේවගෙන් මොකක්ද? හරියටම කියන කෙනාට බ්ලොගී ගානේ අලුත්ම අලුත් White Diamond බෝතලයක්ම තෑගි.

    1. අමුවෙන්ම 1 හුස්මට බාගයක්ම ගහපු නිසා කබරයා දමා බ්ලොගී විසින් ගෙදර විකාරයක් කිරීම සහ කවදාවත් බ්ලොගී බොයි කියා කිසිවෙකු නොසිතන බැවින් බ්ලොගීට මේ හැදිච්ච අමුතුම අමාරුව කෙරෙහි ගෙදර අය එකසියගානට බයවීම.

    2. බ්ලොගී කබරයා විතරක් දමා ෂේප් වීම.

    3. බ්ලොගී පැය 24ක් පමණ මළාක් මෙන් දොය්යගැනීම සහ පවුලේ අයගේ අනිත් ප්ලෑන් ඔක්කොම ඒ නිසා අලවීම.

    4. කිසිම වෙනසක් නොවී බ්ලොගී ෆුල් ෆිට් 1 වෙනදා වගේම සිටීම.

    ඔබේ පිළිතුර හැකි ඉක්මනින් කොමෙන්ට් 1ක් ලෙස පළකරන්න.
    එක් අයෙකුට ඇති වෙනකම් කොමෙන්ට් කළ හැකිය.

    බ්ලොගීට සහ White Diamond වලට ජය වේවා...

    ReplyDelete
  5. එළ ඔහොම තමයි ඉන්න ඔන. වෙලාවක සෙට් වෙමුද? ඔක්..

    ReplyDelete
  6. බ්ලොගී ට ජයවේවා..!! චියර්ස්...!!!
    හැබැයි වයිට් ‍ඩයමන්ඩ් බෝතල් බාගයක් ම බීලා ඔයා හොදින් හිටියා නම් ඔයා පුදුම භාග්‍යවන්තියක්!!

    ReplyDelete
  7. White Diamond එකක් ශිතකරණයේ? හිතා ගන්න බෑනේ එහෙම, අයිස් නැතුවට දානවා තමා. ඒත් අළුත් පිට විතරයිනේ? අනික වේලාවට සීතල වැඩි වුණාම පුපුරනවා. අනේ මන්ද කින්දා මනෙවා හරි බීලානේ. හැබැයි කොහොමැයි කාබර දාලා හරි ගුඩුස් ගාලා බිව්වේ අක්කේ?

    ඉතිං ඊට පස්සේ මොනාද වුණේ කිව්වේ නෑනේ?

    ReplyDelete
  8. White Diamond එකක් ගුඩුස් ගුඩුස් ගලා බොන්න....?
    අනේ නිකන් පච කෙලින් නැතුව එන්නවද?
    ඔය කියුව විදිහට බාගෙම විනාඩියෙන් දෙකෙන් බීලා තියනවානේ.

    කොල්ලොන්ගේ අවදානය ගන්න ඔනේනම් වෙන විදියක සටහනක් ලියන්න

    ReplyDelete
  9. @malee_msg,
    ඔව් ඔව්, කාලෙන් නැවැත්තුව නං හරිම කාලකණ්නි කෙල්ලෙක්. :D

    @Naliya,
    ටිකක් හිටහංකො බං ඉතිරි ටිකත් ලියනකං...

    ReplyDelete
  10. බාගය කියන්නෙ අරි අඩකට. භාගය කියන්නෙ කොටසක් කියන අර්ථයෙන්. මේ යෝධි මොන අරමුණක් හිතේ තියාන ලිව්වද දන්නෑ. ඔය නලියද මොකාද නලියන්න අරන් තියෙන්නෙ මොකෝ දන්නෑ.
    ලියල තියෙන්නෙ සෑහෙන්න ප්‍රමාණයක් අතින් දාලා බව ඕන ගොනෙකුට තේරෙනව. ඔය තුංමුල්ලෙ පැංචටත් තේරිලා තියෙන්නෙ.

    ReplyDelete
  11. හරිම මාරයි.දැන් ඕකට ෂැන්ඩිත් තිබ්බනං..බයිටුත් තිබ්බනං...ගොඩක් වෙලාවත් තිබ්බනං....අක්කට ස්කාගාරයක් ඕන වෙනවා ෂුවර්!

    ReplyDelete
  12. @Anonymous
    Anonymous වෙන්නේ නැතුව නමක් ගමක් තිබුන නම් උත්තර දෙනවා ඇයි නලියන්නේ කියලා.

    @ශාකුන්තල
    මචන් මේ බ්ලොගි කියන එකි මේ සටහන ලියල තියෙන්නෙ කොල්ලන්ගේ අවදානය ගන්න කියලා මෙක කියවන ඕන මොඩයෙක්ට තේරෙනවා. ඉතුරු ටිකක්ත් එතින් මෝඩ කොල්ලොන්ට ආතල් එකක් දෙන්න සටහනක් දායි.

    අනෙක, White Diamond කවදද ඹං ශිතකරණයේ තිබ්බේ හික්! හික්!

    ReplyDelete
  13. මේක ටිකක් අසාමාන්ය කතාවක් වගේ.. ඒක නිසා ~ නො කමෙන්ට්ස්~

    ReplyDelete
  14. ආයිත් ආව එක ගැන නං සංතෝසයි සහෝදරී. මේ සැරේ නං අතර මැද නවත්තන්න එපා හරිය...?

    ජයෙන් ජය පතනවා.

    ReplyDelete
  15. cheers ha hiiik...... Diamond kellekne..

    ReplyDelete
  16. පවු මෙයා,කෙබරයක් කියල හරි බ්ලොග් එකට traffic ගත්තහම මොකද?

    ReplyDelete
  17. අනේ මෙහෙමත් කෙල්ලො! :D

    ReplyDelete
  18. @Anonymous
    ඔබ කඩේකට ගිහිල්ලා පාන් බාගයක් දෙන්න කිවුවොත්,ඔබට මුදලාලි පාන් පෙත්තක් දුන්නද ඔබ කටවසාගෙන පාන් පෙත්ත ගන්න සිදුවේ.මක් නිසාද යත් ඔබේ අර්ථකතනය අනුව බාගයක් යනු කොටසක් නිසාය.අපිනම් බාගෙ කියන්නේ බාගෙකටය

    "උගුර කට පිච්චිලා ගියත් බඩවැල් ඇඹරිලා යන්න ගියත් මම නෙමෙයි අත ඇරියේ. හ්ම්.! බෝතලේ ඉවරයි. මම දුවලා ගියා ටැප් එක ගාවට. පිරෙව්වා වතුර එකක් බෝතලේ බාගයකට දැම්මා ෆ්‍රිජ් එකේ."

    මෙයා බෝතලේ ඉවරයි,කියල තියෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම බිව්ව නිසාය,එක්කෝ බෝතලය බිම වැටිල කුඩුවෙන්න ඕනෙ,එහෙම වෙලත් නෑ,ඒකට වතුර පුරවලත් තියෙන්නෙ.

    ReplyDelete
  19. මා මේක මුසාවක් කියල කියන්නේ,ගැහැනියකු බිව්ව නිසා නොවේ,වැඩ ඇරිලා ආපු ඕනම බීල පලපුරුද්දක් තියෙන් අයියෙකුට බෝතල් බාගයක් ඔය විදිහට ඉවර කරන්න අමාරු නිසාය.මේ කතාවෙ දෙවෙනි කොටසෙ මේ බොරුව වහගන්න තවත් බොරුවක් ලියල තියෙයි.එක්කො මේක හීනයක් වෙන්න ඕනෙ.නැත්තන් මෙයාට මෙයාට අපිට කෙබරි කියල කියන්න වෙනවා..

    ReplyDelete
  20. මට පේන විදියට අර කිව්ව අයියන්ඩි බෝතලේ ඉවරකරලා හරියට හෝදන්නෙ නැතුව වතුර පුරවලා ෆිජ් එකේ දාලා. මෙයා ඒක බීලා... මොකෝ කලින් බීලා තියනවය..
    ඒත් පොඩි අවුලකට තියෙන්නේ අර බඩවැල් ඇඹරෙන කතාව තමයි...

    ReplyDelete
  21. එල අක්කේ
    ප්‍රේමයේ දුකට ඕන තරම් බොන්න පුලුවන්....
    මටත් දවසක් ඔහොම වෙලා....බාර් එකත් වහලා...
    අන්තිමට ගමේ කටු කම්බි සහිත කසියා ගැහුවා.....
    ගම් හතකට ගදයි.....

    ReplyDelete
  22. තාර පැටියෝ
    බාගය සහ භා‍ගයෙ වෙනස දන්නෙ නැද්ද උඔ. උඹවගේ ගොං කඳක්.

    ReplyDelete
  23. ඇයි අරක්කු ශීතකරනයේ දැම්මම මක් වෙනවද?
    අරක්කු බාගෙ කෑලි ශීතකරනවල දමල තියනවා දැකලම නැද්ද ආ..

    (හා....නලියයි කියන මොකාද එකාගේ ඉදලා දෙතුන් දෙනෙක් ඉන්නවා නොවැ තමන් අරක්කු ගැන දන්නවැයි කියලා හිතාගෙන කැපිලා පේන්න පොරවල් වෙන්න හදන එවුන් ටිකක්.)

    ReplyDelete
  24. @all - ඔය ඇනොනිමස් ලා ඇතුලු හැමෝම හොදට බීලා පුරුදු බොන්න දන්න අය වෙන්න පුළුවන්.. ඒත් කථාවකින් කොටසක් කියවලා ලිව්ව කෙනාට අපහස කරන්න එපා..!! මොකද උනේ කියලා හරියට දැනගෙන ඊට පස්සේ කියන දෙයක් කියන්න.. එතකන් අපහස කරන්න එපා.. ඒක මිනිස් කමට වගේම ඔයාලගේ පිරිමි කමටත් හොද නැහැ.

    ReplyDelete
  25. @Anonymous
    අරක්කු බාගෙ කෑලි ශීතකරනවල දමල තියනවා දැකලම නැ.එච්චර අරක්කු ගැන දන්න එකා නම් හරක් කථා කියන්නෙ නැතුව හිටපන්.අරක්කු ශිතකරණයේ දාන්නෙ කුණු වෙන හින්දද?
    @all
    මේ Anonymous වෙලා කැපවීමෙන් comment දාන්නේ බ්ලොගී කියන එකාම කියලා හොදට මේ ඔක්කොම කියවුවාම පැහැදිලි
    අනෙක් කාරණේ නම් ඔය බ්ලොගි කියන්නේ ගැණු වේසයකින් එන්න.______ පිරිමියෙක් කියලා බුද්ධිමත් කස්ටියට වැටහේවා!

    ReplyDelete
  26. @Naliya,
    නිකන් දන්නෙ නැති දේවල් කතා කරන්න එපා මචං.
    බ්ලොගී විතරක් නෙමෙයි එයාගෙ සත්‍ය ප්‍රේම බෘංග රජාත් මම පෞද්ගලිකව දන්න අඳුනන අය.

    කරුණාකර ටිකක් සංයමයක් ඇතිව ලියන දේ ලියන්න.

    ReplyDelete
  27. නැ මචං අයිස් නොදා කුල් එකේ බොන්න.ඉතුරු ගොංකතා ටික කියන්න ඉස්සර වෙලා දෙපාරක් හොයලා බලපන්.

    ReplyDelete
  28. මම හිතන්නේ මෙකන කවුරුවත් රණ්ඩු වෙන්න ඕනේ නෑ.
    බ්ලොගී මේ කතාවක්නේ කියලා තියෙන්නේ, අනික කතාව ඉවරත් නෑ නේ තවම.

    හරියටම බාගයක් බිව්වද, ඇයි වයිට් ඩයමන්ඩ් ෆ්‍රිජ් එකේ තිබ්බෙ, වගේ දේවල් අහස පොලව ගැටදාලා කල්පනා කරලා ෂර්ලොක් හෝම්ස් වැඩ කරන්න ඕනෙ නෑ නේද අපි? අපි මේ එයා කියපු කතාව අහලා රසවිඳලා පොඩි විහිලුවක් කරලා සතුටින් ඉමු. මේක සීරියස් අරගෙන රන්ඩු වෙන්නෙ මොකටද?

    මේ සටහන මුලින් කියවපු හැමදෙනාම මේක විහිලුවෙන් බාරඅරන් තියෙන්නේ. මේ Naliyaට විතරයි ඕක "බොන්න ඕන" ප්‍රශ්නයක් උනේ :D

    ReplyDelete
  29. @ශාකුන්තල
    සංයමයක් ඇතිව ලියන දේ ලියන්න කියලා බ්ලොගි කියන චරිතවත් එකට කියයුවොත් හොදයි මට කියන්න ඉස්සල්ලා
    කරුණාකර මම ටිකක් සංයමයක් නැතිව ලියපු දේ පැහැදිලිව කියනවද?

    ReplyDelete
  30. @ඉන්දරේ
    හැමොටම විහිලුවකුයි මට බොන්න ඕන ප්‍රශ්නෙකුයි කියලා කොහොමද දන්නේ?
    මම මේ කරන්නෙ බ්ලොගි කියන කෙනාට අවශ්‍ය දේ?අසම්පුරණ සටහනක් දුර දිග ගෙනියන එක.....හික්!

    ඉන්දරේ ඉතින් මේ කස්ටිය ගැන හොදට දන්නවානේ හැබැයි comments වලින් අනෙක් අයගේ හිත් කියවන්න පුලුවන් කියලා දැන ගත්තේ අද....

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. හරි. සාමකාමී වෙමුද එහෙනම් දැන්? :D

    අරක්කු වලට අකමැති නං අහන්න මෙටලිකාගෙ විස්කි ඉන් ද ජාර්!

    ReplyDelete
  33. "අනෙක් කාරණේ නම් ඔය බ්ලොගි කියන්නේ ගැණු වේසයකින් එන්න.______ පිරිමියෙක් කියලා බුද්ධිමත් කස්ටියට වැටහේවා!"
    කියුව කතාව ඉල්ලා අස් කර ගන්නම්....
    මොකද මම කැමති නෑ ආතල් එකට ලියන එවා වලින් ප්‍රශ්න ඇති වෙනවා.විශේෂයෙන් ශාකුන්තල, මම කැමති බ්ලොග්ගෙර් එක්ක.

    නැතුව වෙන පොර ටෝක් කාරයො නිසා නෙමෙයි.

    ReplyDelete
  34. @all - හෝව් හෝව් හෝව්! මේ ඩිංගට ඔක්කොමලා බොහොම කලබල වෙලා වගේ. හිටින්නකො ඩිංගක් ඉතුරු ටිකත් දානකල්.අනික ඇත්ත ඇති සැටියෙන්ම ලියන්න ගියොත් මෙතන මට ලියන්න වෙන්නේ බ්ලොග් සටහනක් නෙමෙයි, නවකතාවක්! ඒ නිසා white diamond එක ෆ්‍රිජ් එකට ආපු හැටියි, මම ඒක උගුරෙන් උගුර බීපු හැටියි අකුරෙන් අකුර විස්තර කර කරලා කියවන්නාව boring කරන්න මට උවමනා නැහැ. ඔබගේ අදහස් වලට බොහොම ස්තූතියි.

    @Naliya - ඔබතුමාට උත්තරයක් දෙන්න පරක්කු උනේ ඊයෙ අපේ කාර්යාලයේ නිවාඩු දිනයක් හින්දා,මට අන්තර්ජාලය භාවිතා කරන්න අවස්ථාවක් නොලැබුන නිසයි. මගේ ඩයරියේ හැම සටහනක්ම කියෙව්වා නම් ඔබතුමාට තේරෙයි ඒ හැම දෙයක්ම සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් සහ ඒවායේ හාස්‍ය රසය වැඩි කිරීමට තවත් දෑ එකතු කර ලියන ලද ඒවාය කියලා. white diamond එක ෆ්‍රිජ් එකට ආපු හැටියි මම ඒක බීපු හැටියි ගැන පියවරෙන් පියවර ඔබට විස්තර කිරීමට මට අවශ්‍යතාවයක් නැත.පාසල් යන වයසේ නම් කොල්ලන්ගේ අවධානය ගැනීමට මම කොණ්ඩය පැත්තකින් බෙදා පීරීම, ‍fair & lovely ආලේප කිරීම,මල් ගවුම් ඇඳීම වැනි නොයෙකුත් දේ කලා මතකය.ඒත් කාලයත් වයසත් ගතවීමත් සමඟම ඔබ ඔය කියන කොල්ලන්ගේ අවධානය ගැනීමේ අවශ්‍යතාවය මට ඇති උනේ නැහැ. අනික මේ මහා වෙබ් අවකාශයේ කොල්ලන්ගේ අවධානය ගැනීමට කෙල්ලන්ට කළ හැකි දේ ඕනෑ තරම් ඇති බව ඔබතුමාත් මාත් නොදන්න දෙයක් නොවේ. ඉතිං ඔබ එය කියනා පරිදි කොල්ලන්ගේ අවධානය ගැනීමට අවශ්‍යතාවය ඇති කෙල්ලන් බ්ලොග් ලිවීම තෝරා ගනී යැයි මා සිතන්නේ නැත. බ්ලොගී ලියන ඩයරිය කියවන කෙනෙකුට කට කොනකින් හෝ යන්තම් සිනහවක් නඟිනවා නම් මා ලබන තෘප්තිය එයයි. ඒ ඇරෙන්නට ඔබතුමා කියන ඔය මහා ලොකු කොල්ලන්ගේ අවධානය ලබා ගැනීමට මම බ්ලොග් නොලියමි. එමෙන්ම මෝඩ කොල්ලන්ට ආතල් දී මට ලැබෙන් අමුතු ආතල් එකකුත් නැත. මම මේ බ්ලොග් සටහන මගේ බ්ලොග් අඩවියේ පල කිරීමෙන් පසු නැවත එය කියවීමට මට අවස්ථාව ලැබුනේ අද උදෙයි. ඒ මට ගෙදරට අන්තර්ජාල පහසුකම නැති නිසයි. ඉතිං මගේම බ්ලොග් අඩවියේම Anonymous ලෙස comment කිරීම‍ට මට ඇති ____ අමාරුවක් නැත. අනික මම ගැහැණු වෙස් ගත් පිරිමියෙක් වත් පිරිමි වෙස් ගත් ගැහැණියක් වත් නෙමෙයි. සියලු ස්ත්‍රී ලක්ෂණ සහිත ගැහැණු ළමයෙක්. මම පුරුෂ පක්ෂයේ කෙනෙක් නම් මට මොකටද කොල්ලන්ගේ අවධානය? ඉතිං මගේ මේ සටහන නිසා ඔබතුමාට බ්ලොගීගේ ඩයරියට ඔබේ ඔය මහා ලොකු අවධානය යොමු කරන්න සිද්ධ උනා නම් ඒකට මට කරන්න දෙයක් නැත. ඔබතුමා මට ඕන කරන දේ කරන්න ගිහිං නිකං හොට බිම ඇන ගන්නැතුව පැත්තකට වෙලා හටියනම් මට ඇති.

    මේ පිළිතුර තාර පැටියට සිංහල කියල දුන්න Anonymousට - අනේ නමක් නැති ගල් ඉබ්බෝ! මගේ සිංහල ලිවිල්ලේ වැරුද්දක් පෙන්නල දුන්නට නම් බොහොම ස්තූතියි. හැබැයි ඒක කියපු විදියයි වැරදි. උප්පත්තියෙන්ම සිංහල ජාතියේ වී අනේ මට හරියට සිංහල කතා කරන්න බෑ කියල ආඩම්බරයෙන් කියන මිනිස්සු ඉන්න මේ රටේ සිංහලයෙක් නොවෙන මේ ගොං කඳ සිංහලෙන් බ්ලොග් ලියන්නේ හරිම ආඩම්බරයෙන්. ඉතිං මට අකුරක් වැරදුනාට ඔච්චර අඬන්න ඕන නෑ. ඔබ තාර පැටියා කියා ඇමතුවේ මට නොවේ නම් මේ කමෙන්ට් එක නොසලකා හරින්න.

    එක නරියෙක් හූ කියපු නිසා ඒ රුළට එකතු වෙලා හූ කියපු පුංචි නරි පැටවු ටිකකටත් මට උත්තර දෙන්න ඕන. ඒත් මට ඒකට වෙලා නැහැ. ඒ හැමෝටම කියන්න තියෙන්නේ එක දෙයයි. නිකං පේන කියන්නේ නැතුව කතාවේ ඉතුරු ටිකත් කියවලා ඉන්ඩකෝ.

    ReplyDelete
  35. Excellent reply Blogie sis!!!! Girls Rox ;-)

    ReplyDelete
  36. @ෆා ද බ්ලොගී
    අන්තර්ජාලයේ ගැණු වේසයකින් පිරිමි බ්ලොග් ලියන්නේ මොකටදැයි කියන එක අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් හේතු ඇතුව මම කියලා දෙන්නම්..
    මට මහා ලොකු අවධානය යොමු කරන්න සිද්ධියක් මෙතන වෙලා නෑ,මාගේ හොට බිම ඇන ගැන්න තරම් දේකුත් සිද්ධ වී නැතැයි සිතමි.
    කෙනෙකුට කට කොනකින් හෝ යන්තම් සිනහවක් නඟින්න බ්ලොග් ලියනවානම් මේ කථාව හොදයි කියලා මම සිතානවා,මටනම් මේ කථා මෝඩ ජෝක් එකක්. දාපු comment ගොඩාක් දෙනාට එහෙම්මයි කියලා comment කියෙවුවාම පේනවා

    ෆා ද බ්ලොගී නැතුව මෝඩ ද ජොලී කියලා නම වෙනස් කර ගත්තනම් හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
  37. moda THE jolly! ekanam niyamatama galapenawaa,
    niyama naliya uba arisen ahubudhu gawadha wada karanne?

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. ශාකු, මලී, රනා, ඉන්දරේ, ලිෂ්විෂ්, මුචලින්ද, සහ එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම අනිත් හැමෝටම---
    ඕන් දැනුයි මම මේ පෝස්ට් එක දැක්කේ... ඔය කේස් එක වෙච්ච දවසේ මම හිටියේ කොළඹ මව් සමාගමේ විශේෂ මන්ත්‍රණය කට ගිහිල්ලා... මට ආවේ සිද්ධියේ අවසානයේ නිවුස් එක විතරයි... කොල්ලා රෑ 11.30 බස් එකේ බදුලු එන්න ආවා... සිද්දවෙච්ච දේ පියවරෙන් පියවර මම දන්නෙත් නෑ. අහන්න ගියෙත් නෑ... මොකද මමයි කලින් දවසේ වලියට මුල පිරුවේ... ඉතුරුටිකත් සවිස්තරව දැනගන්න මමත් බොහොම ආසාවෙන් ඉන්නේ...

    අර එක්කෙනා දෙන්නාට-- මෙය බොරුවක් කියා හැ‍‍ඟෙනවානම් මෙය නොකියවා සිටිනු මැන. බුද්ධිමත් ඔබ හිතට අවංකව බොරුවක් පස්සේ එළවන්නේ මන්ද? ට්‍රැෆික් වැඩිකර ලාභයක් ලබා ගැනීමට අප (මම, ඇය හා අපි වගේ තවත් අය) අපේ බ්ලොග් වල ඇඩ් (ad sense) දමා නැත. අපි බ්ලොග් ලියන්නේ ආත්මීය තෘප්තිය හා ජීවිතයට ඒකාකාරී දිවියට වෙනසක් අවැසි නිසාවෙනි... ඒ බව අපේ බ්ලොග් වලට යන එන කවුරුත් දනී. අපි තෘප්තියට ලියනදේ කියවන එවන් අය කී දෙනෙක් ඉන්නවාද යන වග followers ගනන බැලීමෙන් ඔබට වැටහෙනු ඇත... ඔබ එතන නැති හෝ ඇති විය හැකිය... ප්‍රශ්ණයකුද නැත... සමහරවිට ඉහත කමෙන්ට් ඔබ විසින් විහිළුවට මෙන් දැමුවා විය හැක. එ‍සේ නම් ඒවා ටිකක් සැර වැඩිවී ඇත. ඔබ ඇත්තටම දැම්මේ නම් වැරැද්ද ඔබේ අතේය... අපි ලියන දේවල් වල "ඇත්ත" දන්නෝ දනිති. තවද මේ බ්ලොගී පිරිමියෙකු නොවන බව ඔබ ඉදිරියේ තහවුරු කිරීමට අකුරු නාස්ති කිරීමට මට අවශ්‍යතාවයක් නැත. මන්ද මම ඇයගේ SPBR (ශෘකුගේ වදන් වලින් :D)වෙමි. අපි කරන කියන දේ හිතට එන දේ අපි ලියන්නෙමු... කියවීම නොකියවීම ඔබේ වැඩකි. ප්‍රජාතන්ත්‍රය ක්‍රියාත්මක රටක ඕනෑම දේකට විරුද්ධවීමට ඔබට ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ඇත. නමුත් තතු නොදැන අවලාද නැගීමට අයිතියක් නැත... මෙතෙක් කල් බ්ලොග් ලියූ අපට ලැබුනු එකම against comment එක ඔබෙන්ම වීම මට නම් දුකකි... එහෙත් අපි අ‍ට ලෝ දහමෙන් කම්පා නොවන්නෙමු...

    ReplyDelete
  40. මගේ මේ කමෙන්ට් එක බ්ලොගීගේ හිතවතුන් සඳහායි. ‍මගේ බ්ලොග් එක වනසන්න හදන සම(හරක්) වෙනුවෙන් ඔවුන්ගේ විලාසයට ගැළපෙන කැත වචන භාවිතා කරන්නට මට සිදුවී ඇත. එය මගේ ප්‍රතිපත්තීන් වලට පටහැනි මුත් ඔවුන්ට පිළිතුරු දිමට මට ඒ හැර වෙන ක්‍රමයක් නැත. ඒ නිසා මගේ වචන භාවිතය ගැන මම බ්ලොගීගේ හිතවතුන්ගෙන් සමාව අයැද සිටිමි.

    ReplyDelete
  41. @කුෂාන් ඇස්. වන්නිආරච්චි
    මම ගැහැණු පිරිමි භේදය ගැන තිබුන ප්‍රශ්නය ඉල්ලා අස්කරගෙන ඇතත්(ශකු පැහැදිලි කිරිමෙන් පසුව ) එය බ්ලොගිට නොපෙනුනේ මන්දැයි මම නොදනිමි.
    එය මා ඉල්ලා අස් කරගත්තෙද?විහිලුවට දැමු ප්‍රතිචාර රණ්ඩුවකට පෙරලිමට අකමැති හෙයිනි.

    බ්ලොගීට මළ විකසිත වී ප්‍රතිචාර දැක්වු ආකරයට ඇගේ සියලු ස්ත්‍රී ලක්ෂණ සහිත ගැහැණු ළමයෙක් වග මනාව පැහැදිලි වනු ඇත.

    @ෆා ද බ්ලොගී
    ඔබගේ බ්ලොග් එක වනසන්න කෙදිනකවත් මම නොසිතුවෙමි.ප්‍රතිචාර දැක්වුයේ කියන කතාව කුමක්දැයි දැන ගැනිමේ අදහසේනි,ඔබ ඒය කුමන ආකරයට භාර ගත්තද මට ගැටලුවක් නෑත... මෙම කතාවේ ඉතිරියෙ මෙම කතාව ඔබෙගෙ හීනයක් විස්තර කිරිමක් දැයි මට සැකයක් පවතී.

    ReplyDelete
  42. මේ ඔබ විහිළු කරන හැටිද? ගැහැණුන්ට, ගැහැණුන්ට කතා කරන විදියට කතා කරලා තිබුනා නම් මටත් මළ විකසිත නොකරගෙන ඉන්න තිබුනා. ඒත් ඔබේ නොමනා වචන ඉදිරියේදී මගේ ස්ත්‍රීත්වය රුකගෙන ඔබට හොඳ වචන වලින් පිළිතුරු දෙන්න මම සියුමැලි ලඳ බොලඳ ගැහැණියක් නොවේ.මම ප්‍රතිචාර දැක්වූයේ ඔබේ ප්‍රතිචාරවලට ගැළපෙන ආකාරයටයි.
    කියන කතාව කුමක්දැයි දැනගැනීමට ඔබට හරියාකාරයෙන් ඒ ගැන මගෙන විමසන්න තිබුනා. එහෙත් ඔබට එහෙම අවශ්‍යතාවයක් නොතිබුන බව ඔබේ පළමු කමෙන්ට් ඒකෙන්ම පැහැදිලියි. ඉතින් තවදුරටත් මේ මෝඩ ජෝක් අඩවියට ඇවිත් ඔබගේ වටිනා කාලය නාස්ති කරගන්නේ කුමකටද? ඔබ වැනි අය මගේ බ්ලොග අඩවියට නෑවිත් ඉන්න එකම හොඳය.

    ReplyDelete
  43. @ නලියා... -- අන්න නලියා... මම හරි... මම හිතූදේ හරියටම හරි... ඇත්තටම ඔබ විහිළුවට දැමූ ප්‍රථිචාරයේ ටෝන් එක වෙනස් වීමෙන් එය දරුණු වැඩිවූ බව මගේ හැඟීම විය. එය දැක මාගේ ආදර බ්ලොගියටද මල පැන ඇත. ඒ මන්ද බ්ලොග් එකේ පෝස්ට් එකේ අකුරක් අකුරක් ගානේ ඇති හැම ඉස්පිල්ලකටම පාපිල්ලකටමත් ඇය බොහෝ සෙයින් ආදරය කරන්නියක් වන නිසාවෙනි. එය හොඳටෝම දන්නේ ද මා පමණය. දැන් සියල්ල හරිය. ඉස්කෝලේ හයේ හෝ හතේ පන්තියේ සිංහල පොතේ තිබ්බ දෙයක් මගේ මතකයට එයි... "මගේ දකුණු කකුල" යන්න "මගේ ද කුණු කකුල" ලෙස ලියැවුනොත් කවුරුවුනත් අගට ප්‍රශ්ණාර්ථ ලකුණක් දමා ගන්නවා නිසැකය. එවිට එය "මගේ ද කුණු කකුල?" වෙයි. එවිට අපේ හිතට නිරායාසයෙන් නැගෙන පිලිතුර වන්නේ "ඔව් උඹේ තමයි කුණු කකුල. මගේ නෙමෙයි" යන්නයි. මෙහිදී වී ඇත්තේද ඒ හා සමාන දෙයකි. විහිළුව‍ට මෙන් කී දේ ටෝන් එක ටෝන් එක වෙනස් වී ඇත. ඒ අකුරු වලින් මුහුණේ හැඟීම් නොපෙනෙන නිසාවෙනි. එයට කවුරුත් වැරදි නැත. සියල්ල හරිය. ඔබ ද දැන් මේ බ්ලොග් එකේ අලුත්ම ලුහුබඳින්නා‍ බැවි දක්නට ලැබීම සතුටකි. මමද මේ මොහොතකට පෙර සිට ඔබේ බ්ලොග් එකත් ලුහුබඳින්නට පටන් ගතිමි. දැන් ෆිට්ය. අම්බානක ෆිට්ය. මමවත් හරියට දන්නේ නැති කතාවේ ඉතුරුහරිය එනකල් බලන් ඉන්න මගෙන් ෆිට් එක වැඩි කමට මෙන්න නලියා උඹට 5ක්... :-)

    (ඔය 5 කියන ඒක හරියට තේරුං ගත්තේ නැත්තං තව කේස් එකක් :-))

    ReplyDelete
  44. ඇයි 5ක් දාන්නකො 10ක්ම .....
    බ්ලොගි ගැහැණු පාරානයක් නම් මගේ ප්‍රතිචාර වලට මළ විකසිත කර ගත යුතු නොවන බව මාගෙ ප්‍රතිචාර හරි හැටි කියෙවුවානම්,
    බ්ලොගි නැමැති ඉක්මනින් මළ විකසිත වන,සියලු ස්ත්‍රී ලක්ෂණ සහිත ගැහැණු ළමයාද වුද, නොමනා වචන ඉදිරියේදී මගේ ස්ත්‍රීත්වය රුකගෙන ඔබට හොඳ වචන වලින් පිළිතුරු දෙන සියුමැලි ලඳ බොලඳ නොවන ගැහැණියවුද , චරිතයට වැටහෙනු ඇත.

    අඩදබර අවශ්‍ය නැත ...බ්ලොගීගේ කථාවේ ඉතිරිය සදහා වඩා නොවිසිල්ලේන් ඉන්න පුද්ගලයාද මම වෙමී.( බ්ලොගිගෙ මෙම කථා කොටස හැර මුලු අඩවීයම මෝඩ ජෝක් එකක් යැයි මම පවසා නැත,එසේ නම් මට මෙම අඩවීය ලිහුබැදීමටද අවශ්‍යතාවක් නැත. )

    ReplyDelete
  45. හික්. ඇත්ත උනත් බොරු උනත් කමක් නෑ. පට්ට ආතල් පෝස්ට් එක. :D ඉතුරු ටිකත් ඉක්මනට දාන්න අපේ බොනපාට්ලාට බලාගන්න :D. කුෂාන් අයියා ෆලොවර්ස්ලා ගැන කිව්වාමයි ‍මට මේ බ්ලොග් එක ෆලෝ කරන්න මතක් උනේ. ඕං අපිත් එහෙනං සෙට් උනා. ෆිට් එකට. :)

    ReplyDelete
  46. http://adarakatawa.blogspot.com/

    ඔයාල මගේ කතාවත් පුලුවන්කමක් තියනවනම් කියවලා බලන්න. අහින්සක ඉල්ලීමක් කරනවා ඒක විහිලුවකට ගන්න එපා කියලා. මොකද ඒක මගේ ජීවිතේ සිදුවුන සත්‍ය කතාවක්...

    ReplyDelete
  47. ඔයා කවුරු උනත් කමක් නැහැ මටනම්. ඒත් නංගී බයිලා ගගහා ඉන්න වෙලාවෙ කථාවෙ ඉතිරි ටික ලියලා දැම්මොත් මොකද? ආ.. තව එකක්.. ඔයාට කේන්ති ගිය එක සාධාරණයි. ඒත් දරුවෝ කාගෙවත් කථාවලට කේන්ති අරගෙන ඇයි ඔයා ඔයාගේ හොද නැති කර ගන්නේ..? ඔන්න මෙහෙම කිව්වා කියලා මට එහෙම බනිනවා නොවෙයි.. (මම හණමිටි කාරයෙක් කියලා හිතන්න එපා. ගෑණු දරුවෙක් ඔයිට වඩා වචන භාවිතයේදී සැලකිලිමත් වෙනවනම් හොදයි නේද?) කොහොම උනත් කමක් නැහැ. අපි මෙතනට එන්නේ මොනවා හරි කියවන්න මිසක් ලියන කෙනාගේ ලිංගිකත්වය පරීක්ෂා කරන්නනෙවෙයිනේ.. නැද්ද..?

    ReplyDelete
  48. @Naliya -හා හා දැන් ඔයාලා දෙන්නා බුදු ෆිට් වෙලා, නරක් උනේ මමයි.

    @පහන් - මෙන්න තවත් එකෙ‍ක් මාව ලුහුබඳිනෝ....! පණ බේරගන්න දුවපියෝ...!

    @ ආදර කතාව - සුට්ටක් වෙලාව දෙන්නකො මං එංඥං ඔය පැත්තේ...!

    @මාරයාගේ හෝරාව - ඇත්තටම නලියට පිළිතුරු දෙන ගමන්ම මම කර කර හිටියෙත් ඉතුරු ටික ටයිප් කොරන එක තමා අනේ. හැබෑටම ඔයාට කියන්න මාරයා බ්ලොගී හැදුනෙ වැඩුනේ අයියලා හතර දෙනෙක් එක්ක. බ්ලොගීටම කියලා ඉන්නේ එක අයියයි. ඒත් අනිත් අයත් බ්ලොගීගෙම අයියලා වගෙයි එකට හැදුනෙ වැඩුනේ. ඉතිං ඕක තමයි බ්ලොගීට හෙනේට හිටියේ. ගෙදර වත්තේ බ්ලොගීට නගින්න බැරි ගහකට තියෙන්නේ පුවක් ගහක් විතරයි. බ්ලොගීව ආශ්‍රය කරන අය දන්නවා බ්ලොගී ගැන.වැඩිය යාළුවෝ නැති, කාත් එක්කවත් ඉක්මනට යාළු වෙන්නැති, යාළු උනොත් බොක්කෙන්ම ෆිට් වෙන, ඉක්මනට තරහ යන, තරහ ගියොත් මරා ගන්න, පස්සේ ඒ ගැන පසුතැවිලා අයෙත් යාළු වෙන අමුතු ගෑණු දරුවෙක් තමා බ්ලොගී. ගෙදර කට්ටියත් බ්ලොගීට බනින්නෙ කෙල්ලෙක් විදියට හැසිරියන් කියලා. බ්ලොගීට කරාබු මාල දාලා හැඩ බලන්න බ්ලොගීගේ අම්මා විඳපු දුක දන්නේ අම්මම තමයි. ඒත් දැන් බ්ලොගී හැදෙන්න උත්සහ කරනවා. ඉතිං මගේ වචන භාවිතය ගැන ඇත්තටම මට පස්සේ පසුතැවීමක් ඇති උනා. මට ඒ බව පෙන්නල දුන්නෙත් කුෂාන් අයියා. එයා තමයි බ්ලොගීයව හදන්න ගොඩක් මහන්සි වෙන කෙනා. එයා නොවෙන්න බ්ලොගියව හදන්න කෙනෙක් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.
    හිහ් හික්! හෑල්ලක්ම කියඋනා නේ. ඉතිං මාරයා මින් ඉදිරියේදි මම මගේ වචන ගැන මීට වඩා ගොඩක් සැළකිලිමත් වෙන්නම්. ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි. ඒ වගෙම කතාවේ ඉතුරු ටිකත් කියවන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා.

    ReplyDelete
  49. මේ වලි නිසා එක හොද දෙයක් උනා කුෂාන් හා ෆා ද බ්ලොගී ආයි සෙට් වීම.නියම කපල් එක.මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  50. Naliya, මම මෙතැනදී කුතුහලය නිසා ඇහුවත් ඔබතුමා අභූත කතා කරමින් පිරිමිකමට නිගරු වනසේ කතා කරන්නට ඕන නම් ගිහි කොළඹ හරියේ තැබෑරුමක ගිහිං එහේ කෙල්ලෙක්ට කිව්වා නම් හරිය?

    කියවන්න බැරි නම් යන පැත්තක යන්නයි තියෙන්නේ.

    ෆා අක්කේ, මේ සිදුවීම ගැන කණගාටුයි. මීට මගේ ප්‍රශ්ණ හේතු වුණා නම් තවත් කණගාටුයි, ඒ හුදෙක් කුතුහලය නිසායි ඇහුවේ, දැන් තේරෙනවා ඒ උත්පහසකයක් කියලා. ලියන්න දිගටම අක්කීයා!

    ReplyDelete
  51. @Naliya,
    පොඩි දෙයක් කියන්න තියෙනවා මචං... එකෙක් විතරක් හොඳින් තියාගත්තට ඒකෙන් ඇති වැඩක් නෑ. හැමදෙනාම හොඳින් තියාගන්න ඕනේ. කමක් නෑ..... දැන් වලිය ඉවරයිනේ... ඔක්කොටම චියර්....ස්! :)

    (කෝ මේ මරණය බ්ලොග් එක ලියන එකා හැබෑටම??? O_o බ්ලොගේ හැටියට නං ඌ මෙතන ඉන්න ඕනේ)

    ReplyDelete
  52. @Uditha - Thanx මල්ලි. වලි නැති ලව් එකකින් ඇති ඵල කිම? නේද? හිකි හිකි.

    ~බිன்ku~ - හයියෝ...! ඕව මොනාද මල්ලි. ඒ උනත් මේ සිද්ධියෙන් මමත් පොඩි පාඩමක් ඉගෙන ගත්තා.ඒ හින්දා අවුලක් නෑ. ඔයා දන්නවද? මම ඊයෙ ගෙදර ගහින් අයියගෙන් ඇහුවා ඔයා ඇයි එදා බෝතලේ ෆ්‍රිජ් එකේ තිබ්බේ කියලා. එයා කියනවා කූල් වෙන්න තිබ්බාලු. හැබැයි ආයෙ නම් තියන්නෙම නෑ කිව්වා.(මම බොයි කියලා බයට)හික්!

    ReplyDelete
  53. @ශාකු-- සිරාවටම කෝ අපේ මරණේ? බොන සුවඳක් තිබ්බත් මනුස්සයා එතන නේ... ගල් අරක්කු වගේ නැති නිසා වයිට් ඩයමන්ඩ් මරණෙට ඇලජික්ද දන්නෑ ;D Hikz...

    ReplyDelete
  54. බාගයක් ගැහුවා කියන්නේ ඔයා හරිම භාග්‍යවන්තියක්නේ.

    White Diamond Cool කරලා බීලම නැහැනේ මන්.
    ඕක බිව්වම පහුවදාට ඔළුවේ කැක්කුම ෂුවර්නේ එක නිසා ට්‍රයි එකක් දාන්න හිත්න්නේත් නැහැ. ඒත් ඉතින් ඔයත් බීපු එකේ මාත් ඔන්න ඔහෙ ට්‍රයි එකක් දානවා.

    ReplyDelete
  55. ආ... ඔය ආවේ... මිස්ටර් මරණේ.... :D

    ReplyDelete
  56. එක නේන්නම් මචං අපි දන්නෙත් නැතුව මෙයාලා බීම ජාති ට්‍රයි කරලා ඒ මදිවට නිකන් නෙමෙයි කූල් කරලත් අරක්කු බීලා තියෙන්නේ.

    දැන් ඒ පළාතේ අළුත් ප්‍රස්ථා පිරුලකුත් හැදිලලු
    "ෆා ද බ්ලොගී White Diamond බිව්වා වගේ" කියලා

    ReplyDelete
  57. මගෙ අම්මෝ....අපෙ කට්ටියට හූනු බිත්තරයක් තිබ්බත් ඇතිනේ රණ්ඩු කරගන්න. වරදවා තේරුම් ගන්න එපා. මේ ලිපිය හූනු බිත්තරයකට සමාන කලෙ නෑ. නිකන් උදාහරණයක් කිව්වෙ. බාගේ බැරිනම් මුලු බොතලේම බිව්වත් මටනම් කමක් නෑ. ලස්සනට ලියලා තියෙනවා. මට ඒ ඇති. අනේ මන්දා අපේ කස්ටියනම්. මෙහෙම දේකටත් මේ විදියට රණ්ඩු සරුවල් කරගන්නවනම්, කොහොමද රටේ අනාගතය සුරක්ශිතයි කියලා සහතික වෙන්නේ.

    ReplyDelete
  58. බාගයක් අමුවෙන් බොන්න ? එක සැරේට? බිල ටැප් එක ගාවට යන්න? පන තිබ්බද දන්නේ නෑ . මේක ලියල තියෙන්නේ ජිවිතේට බීපු නැති කෙනෙක් . අඩු ගානේ මේක ලියපු කෙනාගේ ගෙදරවත් බොන කෙනක් නෑ . එක නං හොදටම ෂුවර්

    ReplyDelete
  59. මම මේ සිද්ධ්යයි පොස්ට් එකයි දැක්කේ අද.. අර වර්ණනාවද මොකද්ද(මං හරි වචනෙ දන් නෑ)හින්දයි පොස්ටි එක ලස්සනට ලියන්නයි උවමනාවට කියපු කරපු දෙවල් වලට ගිහින් ථියෙන දුරක්.මාත් මද්‍යසාර මද පමණට පාවිච්ච් කරනවා.ෆ්‍රිජ් එකේ වයිට් බෝතල් දානව.එක හුස්මට බාගයක් මට නම් බොන්න බෑ.ඒත් කතාවට අපි කියන්නෙ එහෙමනෙ.. ලියන්නෙත් එහෙමයි.ඒත් මේ වලිය ? යකඩො පිස්සු වගේ.ඉතුරු බාගෙ නැද්ද යාලු ණයට ගන්න? හික්:

    ReplyDelete
  60. හික්ස්..එක කතාවෙ කතා දෙකක්. බ්ලොගී අරක්කු බිව්ව හැටි සහ බ්ලොගී vs නලියා.
    ඒකත් පාඩු ම නෑ.අපිට 2 in 1.
    දිගටම ලියන්න,ඔන්න මමත් පන්නනවා.......

    ReplyDelete
  61. මමත් එක දවසක් ඔහොම වැඩක් කලා. එක පාරක් ස්වීඩ්න් ඉඳිද්දි පාසලුයි මායි සුහද වලියක පැටලුනා. ඊට පස්සේ ඉතින් මම ටික වෙලාවකින් ෆ්‍රිජ් එකේ තිබුනු ස්මර්නෆ් එකට බීගෙන බීගෙන ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ මම හොඳ පිස්සුවක් නටල එතන. පාසල් තාම හිනා වෙනවා ඒක මතක් කර කර. :D

    ReplyDelete
  62. කාලෙකින් දැක්ක වෙලේ ආයෙමත් මොනවා හරි කියලා යන්න හිතුනා...
    මගේ අම්මෝ ඒ දවස්වල මේකිගේ සැර..හික් හික්...

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails